මැතිවරණ කොමිසම නැවැත්වූ පත්වීම් යලි ඉල්ලයි..

August 23, 2020 at 6:48 pm | lanka C news

පසුගිය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ සමයේ මැතිවරණ කොමිසම විසින් අත්හිටුවනු සියළුම පත්වීම් ලබාදීමට රජය ක්‍රියාකල යුතු බව ද, උපාධිධාරීන් 50000 ක්, අඩු ආදායම්ලාභීන් 100,000 කට පත්වීම් ලබාදීම යහපත් ක්‍රියාවක්. නමුත්, ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කොමිසම අත්හිටවූ ‘ව්‍යාපෘති සහකාර‘ පත්වීම් විතරක් ලබා නොදීම වැරදි වැඩක් යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

කවිරත්න මහත්මිය තවදුරටත් පැවසූවේ, මැතිවරණ කොමිසම පත්වීම් වර්ග තුනක් නැවැත්වුවා. එක රටක් එක නීතියක් කිව්වාට දැන් ඒකෙන් දෙකක් දෙනවා. එකක් දෙන්නේ නෑ. එක රටක් – එක නීතියක් නම් මේ පත්වීම් වර්ග තුනම දෙන්න ඕනි.

මාතලේ හපුගස්පිටියේ පැවති රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය පැවසුවේ, 2019 ජනාධිපතිවරයට සති දෙකකට පෙර විධිමත් ලෙස අයඳුම්පත් කැඳවා, සම්මුඛ පරීක්ෂණ පවත්වා විධිමත් ආකාරයට ‘ව්‍යාපෘති සහකාර‘ පත්වීම් ලබාදීමට සුදානම් වුණා. මැතිවරණ කොමිසම අත්තනෝමතික ලෙස එම පත්වීම් නැවැත්වූවා. මෙයින් රැකියා ලාභීන්ට දැඩි අසාධාරණයක් සිදු වුණා.

මේ පිළිබඳ පැවති විරෝධතා උද්ඝෝෂණ කිසිවෙකුත් ගණන් ගත්තේ නෑ. දැන් මහා මැතිවරණය ආසන්නයේ නවතා දමන ලද පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තියෙනවා. නමුත්, ‘ව්‍යාපෘති සහකාර පත්වීම්‘ ලබා දෙන්නේ නෑ. මෙය වැරදි වැඩක්.

උපාධිධාරීන්ට, අඩුආදායම්ලාභීන්ට රැකියා ලබා දෙන ලෙසම ව්‍යාපෘති සහායකයින්ටත් රැකියා ලබා දිය යුතුයි. මැතිවරණ කොමිසමට වගකීමක් තියෙනවා මේ ගැන ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් සමඟ කථා කර මැදිහත්වෙන්න. අවාසනාවකට අද තියෙන්නේ එක රටක් එක නීතියක් නෙවෙයි. එක රටක් නීති ගොඩක්. මැතිවරණ කොමිසම ඡන්දෙට නවත්තපු පත්වීම් වර්ග දෙකක් දෙනවා. තවත් එකක් නවතා දමා තියෙනවා යැයි ද, රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

– media unit

20,063 views

9 Comments to “මැතිවරණ කොමිසම නැවැත්වූ පත්වීම් යලි ඉල්ලයි..”

  1. kkuruwita says:

    මේ රස්සාවල් දුන්න එවුන්ද කතා කරන්නෙ ? ලොරි ටෝක් වලින් කතාකරේ රැකියා දසලක්ෂයක් දෙනව කියල ! අන්තිමට උස සෙකුරිටි මිටි කම්කරු කියල කොල්ලො ටිකකට කොකා පෙන්නපු එක විතරයි කලේ .

  2. Jagath says:

    රාජපක්ෂ ලාට කඩේයන අයට තමයි දෙන්නේ ජොබ්.

    • RAW Agent says:

      ඔයා කලබල වෙන්නෙ නැතිව ඉන්න.

    • Jagath ge gani says:

      Yko mata hukxxna minihe hoyala deepanko Jagath
      Mama ube gani , ubata wade bane buruwo

      • Jagath says:

        උබ ගෑනියෙක් නෙවෙයි. දෙකටම නැති එකෙක්. දැනගත්තේ අදයි.

    • silva says:

      jagath umbe comment mama balanawa, kawadaawath umba honda dekata hondai
      kiyala naha , ,amma , hoo birindak ,innawanam ran gonja langata yawapan,

  3. RAW Agent says:

    ඔයා කලබල වෙන්නෙ නැතිව ඉන්න.
    ඒ නැවැත්තුවේ ඔයා දෙන්න ගිය පත්වීම් නෙවෙයිනේ.
    ගෝඨා ඒවා දෙන්නෙ එකවර ද දෙවරටද කියලා බලා ගනීවි.
    ඔයාගෙ උපදෙස් එපා.

  4. widura says:

    meki bankare badu hangagena bedaa harina baduwak neda,
    ran gojagata niyameta galapenawa,

Main News