මැතිවරණ කොමිසම අරලිය හෝටලයට පනී.. මෛත‍්‍රීගේ තවත් නීති විරෝධී වැඩක් අත්හිටුවයි…

June 22, 2020 at 10:00 am | lanka C news
මැතිවරණ කොමිසම අරලිය හෝටලයට පනී.. මෛත‍්‍රීගේ තවත් නීති විරෝධී වැඩක් අත්හිටුවයි…

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පොලොන්නරුව අරලිය හෝටලයේ පැවති පොලොන්නරුව දිස්ත‍්‍රික් විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ හමුවද මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව තේපැන් සංග‍්‍රහය පවා අත්හිටුවීමට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී පැවසීය.

හිටපු ජනාධිපතිවරයා පෙරේදා පොලොන්නරුවේදී සංවිධානය කළ රජයේ විශ‍්‍රාමිකයින්ගේ සුහද හමුවටද මෙසේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ බාධා එල්ල විය.

මේ වන විට මෛති‍්‍රපාල සිරිසේන මහතා සංවිධානය කළ වැඩසටහන් දෙකක්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ් බාධා කිරීම් නිසා අඩාල වී ගියේය. තමන්ට එල්ල කෙරෙන බලපෑම් ගැන කනගාටු වන බව හිටපු ජනාධිපතිවරයා පැවසීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

‘‘විශ‍්‍රාමිකයින්ගේ යම් යම් ගැටලූ තිබේ නම් ඒවා විසඳන්න මම කැපවෙනවා. මැතිවරණයෙන් පස්සේ ඊට ප‍්‍රමුඛතාව දෙනවා. වර්තමාන රජය විශ‍්‍රාමිකයින්ගේ කටයුතු සම්බන්ධයෙන් ඉතාම හොඳ මැදිහත්වීමක් කරනවා.

තවත් කනගාටුදායක දෙයක් කියන්න ඕන. අද උදේ පාන්දරම මැතිවරණ කොමිසමේ නිලධාරි මහත්වරුන් ඇහුවා එන අයට කන්න දෙනවද කියලා. එතකොට මම කීවා දුරබැහැර ඉඳලා එන අයට කෑම ටිකක් දෙනවා කියලා. එතකොට කීවා කෑමබීම දෙන්නත් බෑ කියලා. ඒ නිලධාරින් අහනවා කන්න බොන්න දීලා අල්ලසුත් දෙනවද කියලා. එතකොට මම කිව්වා මම කවදාවත් අල්ලස් දීලත් නෑ. දෙන්නෙත් නෑ. මේ එන අය විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරීන් පිරිසක්.

එදා වගේම මම කිව්වා කෑම බීම දෙන එකත් වැරදියි නම් නීතියට ගරු කරලා එකත් නොදී ඉන්නම් කියලා. නමුත් දුර බැහැර ඈත වැලිකන්ද, මාදුරුඔය, ඇළහැර, බකමූණ, මැදිරිගිරිය, ලංකාපුර, හිගුරක්ගොඩ, දිඹුලාගල ඉඳලා එන අයට කෑම ටිකක් තේ ටිකක් දෙන්න එපා කීවාම මට හිතට අමාරුයි. අරලිය හෝටලේට ඇවිල්ලා කේක් කෑල්ලක් බිස්කට් එකක් නොදී යවන එක මට හරිම හිතට අමාරුයි. මැතිවරණ කොමිසමේ සභාපතිට කතා කරන්න උත්සාහ කළා. නමුත් 2.30ට විතර තමයි ගන්න පුළුවන් වුණේ.

පොලොන්නරුව මැතිවරණ කාර්යාලයේ නිලධාරින් කියලා තිබුණා අරලිය හෝටලෙත් ගන්න එපා මැතිවරණ රැස්වීම්වලට කියලා. මම ඒ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිට දැනුම් දුන්නා. එතකොට සභාපතිතුමා මට කිව්වා, හෝටල්වල ශාලාවක් තුළ එහෙම රැුස්වීම් පැවැත්වීමට බාධාවක් නෑ කියලා. මම කනගාටු වෙනවා, මැතිවරණ කොමිසමේ නිලධාරින්ට කවුරුහරි දුරකථන ඇමතුම් දීලා මම මගේ හිතවතුන්ට සංග‍්‍රහ කරන එකත් නීති විරෝධියි කියනවා. මෙහෙම මේ රටේ කවදාවත් වෙලා නෑ. නමුත් මම කනගාටු වෙනවා අරලිය හෝටලයට ඇවිල්ලත් තේ එකක්වත් බොන්න නොදී ඔබට යන්නට සිදු වීම ගැන.

හිටපු ජනාධිපතිවරයා සංවිධානය කළ වැඩසටහන් දෙකක්ම මැතිවරණ කොමිසමේ නිලධාරින් විසින් මේ වන විට අත්හිටුවා ඇත. මීට දින කිහිපයකට පෙර විශ්වවිද්‍යාල සිසුන්ට තිළිණ ප‍්‍රදානයද මැතිවරණ කොමිසමේ නිලධාරින් විසින් අත්හිටවනු ලැබීය.

– divaina

83,218 Viewers

27 Comments to “මැතිවරණ කොමිසම අරලිය හෝටලයට පනී.. මෛත‍්‍රීගේ තවත් නීති විරෝධී වැඩක් අත්හිටුවයි…”

  1. kamal says:

    බමුණන්ගෙ ක්‍රමණ්ත්‍රණයක් ඉස්සෙල්ලා එන්නෙ සිව අසුරයාගේ ගොලයෙක් කියන රාවණ මිසදුටුව ඊලගට හනුමා. බුදු සසුන අනතුරේ දියසෙන් කුමාරයා

    • GU-SAKKILI-SIRA says:

      සක්ලි සිරා යනු අපිරිසිදු, ආත්මාර්ථකාමී හා කපටි හිවලෙකි.
      කවදාවත් මේ සර්පයා විශ්වාස කරන්න එපා

      මෙම වගකීම් විරහිත සරල හා ජනප්‍රිය පිළිතුරු::
      1. මම නොදනිමි
      2. කිසිවෙකු මට දැනුම් දෙන්නේ නැත
      3. මම එය පසුව දුටුවෙමි
      4. මම ඒ වගකීම දුන්නා, මම කිසිම දෙයකට වගකිව යුතු නැහැ
      5. මම හැම දෙයක්ම කළා
      6. කිසිවෙකු මා සමඟ සහයෝගයෙන් කටයුතු කළේ නැත
      7. මම එය දන්නේ නම්, මට එය කළ හැකිය
      8. මම කමිටුවක් පත් කරමි

      • kawinda says:

        mamath polonnaruwe thamai. hitan hithana tharam chanda ganna lebenne nehe. minissu wedi denek kemathi nehe. polonnaruwe minissu den pudgalaya gena balanne nehe. karpu weda genai balanne. polonnaruwata karapu weda newei Sri Lankawatama jaathiyata buddhagamata karapu weda gena janaya hithanawa. e nisaama hitan medaa paara lost.

  2. sajiya says:

    aappaya pohottuwa naamayen mewa karanne yamkisi kumantranakaari waedapilwalaka kotasak washayenwadda soya baeliya yuthui.

    • GU-SAKKILI-SIRA says:

      සක්ලි සිරා යනු අපිරිසිදු, ආත්මාර්ථකාමී හා කපටි හිවලෙකි.
      කවදාවත් මේ සර්පයා විශ්වාස කරන්න එපා

      මෙම වගකීම් විරහිත සරල හා ජනප්‍රිය පිළිතුරු::
      1. මම නොදනිමි
      2. කිසිවෙකු මට දැනුම් දෙන්නේ නැත
      3. මම එය පසුව දුටුවෙමි
      4. මම ඒ වගකීම දුන්නා, මම කිසිම දෙයකට වගකිව යුතු නැහැ
      5. මම හැම දෙයක්ම කළා
      6. කිසිවෙකු මා සමඟ සහයෝගයෙන් කටයුතු කළේ නැත
      7. මම එය දන්නේ නම්, මට එය කළ හැකිය
      8. මම කමිටුවක් පත් කරමි

  3. GU-SAKKILI-SIRA says:

    සක්ලි සිරා යනු අපිරිසිදු, ආත්මාර්ථකාමී හා කපටි හිවලෙකි.
    කවදාවත් මේ සර්පයා විශ්වාස කරන්න එපා

    මෙම වගකීම් විරහිත සරල හා ජනප්‍රිය පිළිතුරු::
    1. මම නොදනිමි
    2. කිසිවෙකු මට දැනුම් දෙන්නේ නැත
    3. මම එය පසුව දුටුවෙමි
    4. මම ඒ වගකීම දුන්නා, මම කිසිම දෙයකට වගකිව යුතු නැහැ
    5. මම හැම දෙයක්ම කළා
    6. කිසිවෙකු මා සමඟ සහයෝගයෙන් කටයුතු කළේ නැත
    7. මම එය දන්නේ නම්, මට එය කළ හැකිය
    8. මම කමිටුවක් පත් කරමි

  4. ටකරමා says:

    මේ ලැජ්ජ නැති හොටු පෙරේතය ඕන කමින්ම දැන දැනත් මේ තුට්ටු දෙකේ නීති විරෝධී වැඩ කරන්නෙ ඌට ඒකෙන් ප්‍රසිද්ධියක් ගන්න. හැබෑ උවමනාව තිබුන නම් ඕවා කරන්න තිබුනනෙ ඕකට මුල් පුටුවෙ ඉන්න කාලෙ

  5. Dikman Aiyya says:

    …….meyaaa ge BABAAA part eka thawama iwara naha,…KAURUHARI ANNDANNAMA THAMAA YANNE

  6. kamal says:

    i love indian know my abilty and chinese ability to defeat tendukar or his caliber Govinda sami caliber donolad trump. Even he is idiot i don’t agree with his statement he did service to christian than jesus. But i don’t know how far it is correct Hanumantha or cunning rawana. i love rama Buddhas previous birth. But i don’t believe cunning trends of idiot Indians swiming on ganga river on auspicious time. Chinese kungfu flu is better than indian yoga flue. But i am not get side. i support jesus accept his cunning statement of fellowship i take your sin. i don’t believe that. Therefore i accept cunning statement of trump he did service than jesus.

  7. රස්තියාදුකාරයා says:

    පවු අනේ, නොදන්නකමට කරන වැඩනේ. පහු වෙනකොට සේරම හරි යාවි.

  8. Kalana says:

    Kaalkanniyek

  9. gramaya says:

    විශ්රාමිකයොන්ට ජනවාරි ඉදලා දෙන්න තියෙන වැටුප් වර්ධකය දෙන්න. ඒ ගොල්ලන්ට ස්ට්‍රයික් කරන්න බැහැ කියල කුණු කුඩෙට දාන්න එපා.

  10. Bnv says:

    Real cunning old fox. Do not trust this bastard man. Slpp losing more than 5 lacks votes since this idiot.

  11. හිමියා ඡන්ද says:

    මෙයා විතරක් නෙවෙයි මැතිවරණ හැමෝම නීති රීති කැඩීමේදී දන්නේ නැහැ, හිතවතුන්, මගේ අය

    මුන් බබ්බුද? නීති රීති දන්නැති එවුන් පාර්ලිමේන්තු ගියොත් නීතිය වලපල්ලට

    අපි හිතමු. නීති විරෝධී වැඩකරන, නිරෝධායන නීති ගරු නොකරන අයට සිංහලෙන් කියනවා නම් නේ වෝට් දෙමු!

  12. Hari says:

    සක්ලි සිරා යනු අපිරිසිදු, ආත්මාර්ථකාමී හා කපටි හිවලා කවදාද ඇත කිවුවේ

  13. wali kukula says:

    SLPP කොහොමත් මේ පාර දිනනවා! හැබැයි 2/3 දෙන එක ගැනනම් ඔලුවක් තියෙන ඕනේ කෙනෙක් බොහොම පරිස්සමින් කල්පනා කරන්න වෙයි! 2/3 බැරිවෙලාවත් එකතුකරගත්තොත් MR සහ ගෝලයෝ රොත්ත මුලුන්ම කරන්නේ උන්ට හිසරදයක් උන කොමිෂන් ටික අහෝසි කරන එක. යන්තම් මැතිවරණ කොමිසම අප්‍රියෙල් මාසයේ චන්දය කල් දාල කොරෝනා වලින් අපිව බේරාගත්තා. හිතන්න එය තිබුනානම් වෙන්න තිබුණු විනාශය!!!
    ඔය කොයි පොලිටික්කත් අපේ ජීවිත ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. උන්ගේ සැප විතරයි!!!

  14. On The Spot says:

    දිවා රෑ නිදි මරාගෙන,වදාගෙන හදාගත් දහනම වැනි සංශෝදන දරුවා අද සිරිසේනට එරෙහිව අවි ඔසවා ඇත​.අනුන්ට කැපූ වලේ තමන් වැටෙනවා පමණක් නොව රෑ වැටුන වලේ දවල් වැටීමටද සිදුවන බව පිට පිට දෙවරක් ඇන ගැනීමෙන් ඔහු ඔප්පු කර ඇත​.බලයට ලොබ බැඳ මිරිඟුව පසු පස දිව ගිය ඔහුට ඉදිරියේදී සිය දරුවා විසින් කුමන ප්‍රහාර එල්ල කරයිදැයි අපි නොදනිමු.දැන් ඔහු දෙන දේ කා වෙන දේ බලාන සිටියා නම් යහපති.

  15. Alapaluwa says:

    සක්කිලි සිරා යනු අපිරිසිදු, ආත්මාර්ථකාමී හා කපටි හිවලෙකි.
    කවදාවත් මේ සර්පයා විශ්වාස කරන්න එපා.

    මෙම වගකීම් විරහිත සරල හා ජනප්‍රිය පිළිතුරු::
    1. මම නොදනිමි.
    2. කිසිවෙකු මට දැනුම් දෙන්නේ නැත.
    3. මම එය පසුව දුටුවෙමි.
    4. මම ඒ වගකීම දුන්නා, මම කිසිම දෙයකට වගකිව යුතු නැහැ.
    5. මම හැම දෙයක්ම කළා.
    6. කිසිවෙකු මා සමඟ සහයෝගයෙන් කටයුතු කළේ නැත.
    7. මම එය දන්නේ නම්, මට එය කළ හැකිය.
    8. මම කමිටුවක් පත් කරමි.

  16. හිටං says:

    දිවා රෑ නිදි මරාගෙන,වදාගෙන හදාගත් දහනම වැනි සංශෝදන දරුවා අද සිරිසේනට එරෙහිව අවි ඔසවා ඇත​.අනුන්ට කැපූ වලේ තමන් වැටෙනවා පමණක් නොව රෑ වැටුන වලේ දවල් වැටීමටද සිදුවන බව පිට පිට දෙවරක් ඇන ගැනීමෙන් ඔහු ඔප්පු කර ඇත​.බලයට ලොබ බැඳ මිරිඟුව පසු පස දිව ගිය ඔහුට ඉදිරියේදී සිය දරුවා විසින් කුමන ප්‍රහාර එල්ල කරයිදැයි අපි නොදනිමු.දැන් ඔහු දෙන දේ කා වෙන දේ බලාන සිටියා නම් යහපති.

  17. මැකෝගෙ පුක ලබු කරටිය says:

    2015 දී ලොක්කව දිනවන්න ඔළුවටම වෙඩි තියන්න නියෝග දී සප් එකක් දුන්න බටහිර බලල් අත අද මිනිහට හරස් වෙලා. මේවා තමයි නියම දෛවයේ සරදම්

  18. Janaka from Matara says:

    LankaCNews:
    Can you please not publish photos of this person.
    Ok to keep talking about all dumb things he continues to do. But why do we need to see this face?

  19. gamarala says:

    මෙදා පොළොන්නරුවෙන් මෙයාට අන්ත පරාජයක් හේනක පබයටවත් ගන්නේ නැහැලු

  20. රනිල් කුක්කු සිංහ says:

    හොඳ වැඩේ තොට… තෝයි තොගේ සවාධින කොමිසමයි දැන් සරම උස්සල ගහගන්න හිතෙනවා ඇති නේ

  21. ranjith says:

    Gahapu gahilla bada gediye size ekenma penawa putha~

  22. New Allah says:

    Kala kala de pala pala de

  23. Manjulachamali says:

    කියන දේ ‌නොකරන- කරන දේ නොකියන -කරපු දෙයක් නැති – කටින වපුරන – නායකයන් අබුද්ධස්ස කාලෙට පහල වෙනවා

  24. Atula ratnayakeමක් says:

    වැඩ බැරි සේතං හොදම දේ ඉල්ලනවා- ජනතාව හැමදාම අන්දන්න බැහැ – කයිවාරැවන් රට බල්ලට යවනවා

Main News