මැතිවරණ චක්‍රලේකන අමු අමුවේ උල්ලංඝනය කරමින් දේශපාලක උවමනාවන් ඉටු කරයි…[Photo]

February 2, 2018 at 12:40 pm | lanka C news
මැතිවරණ චක්‍රලේකන අමු අමුවේ උල්ලංඝනය කරමින්  දේශපාලක උවමනාවන් ඉටු කරයි…[Photo]

දඹුල්ල මහා නගර සභාවේ වත්මන් පාලන අධිකාරිය  පාලාත් පාලන මැතිවරණයට දින 9ක් තිබියදි  ඊයේ (2-1)  දඹුල්ල ගම් උදාව භූම්යේ අවන් හලක් විවෘත කලේය.

මෙම අවන් හල දඹුල්ල එජාප මධ්‍යම පළාත් සභා  මංත්‍රි තිස්ස බණ්ඩාර මහතාගේ ප්‍රථිපාදන වලින්  සකස් කිරිම ආරම්භ කල අතර  පසුගිය සති කීපය පුරාම මෙම  අවන් හල විවෘත කිරිමට උත්හා කලද මාතලේ දිස්ත්‍රික් මැතිවරණ  කොමසාරිස් වරයා විසින් එය තහනම් කිරිම නිසා විවෘත කිරිම  කල් ගිය බව දඹුල්ල නගර සභාවේ ආරංචි මාර්ග පැවසීය.

කේසේ වුවද පෙබරවාරි 2 වෙනිදා   උදැසන 10ට පමණ දඹුල්ල මහා නගර සභාව දඹුල්ල පොලිසියේ ස්ථානාධිපති වරයා හා මධ්‍යම පලාත් මංත්‍රි තිස්ස බණ්ඩාර මහතා සම්බන්ධ වි මෙම අවන්හල වීවෘත කල බව මංත්‍රි වරයාගේ නිල ෆෙස්බුක් පිටුවේ සටහනක් තැබිය.  මැතිවරණ සමයක දි වක්‍ර ප්‍රචාරය වෙනුවෙන් දඹුල්ල මහා නගර සභාව සෘජු රැකියා 16ක්  හා වක්‍ර  රැකියා අවස්ථා  රැසක් ලබා දෙමින් මෙම විවෘත කිරිම සිදු කරන්න  යෙදුනේ සියලු චක්‍රලේකන වලට පිටින් ගොස් ය

පෙබරවාරි  තුන්වන දින අගමැතිවරයා  දඹුල්ලට පැමිනෙන රැස්වීමට පෙර මෙම බොජුන් හල විවෘතකර රැකියා ලබා දීමට උත්සහා කල අතර එය සාර්ථික කරගැනිමට  මංත්‍රිවරයාට එම අවස්ථාවට නොපැමිණ එය සිදුකරණ ලෙසින් දඹුල්ල  ආරක්ෂක අංශවලින් උපදෙස් ලැබුණ බවද ඒ අනුව මෙම විවෘත කිරිමේ අවස්ථාවට දමුල්ල නාගරික කොමසාරිස්වරයා හා නගර සභා නිලදාරින් සමග  දඹුල්ල පොලිසියේ ස්ථාධිපතිවරයාද පැමිණ මෙම විවෘත කිරිම සිදු කරණ ලදි . එම අවස්ථාවේ මංත්‍රි වරයා පෙනේන නොසිටියද ඉන් විනාඩි කීපයකට පසුව මංත්‍රි වරයා පැමිණ සියලු දෙනාටම පෞද්ගලිකව  ස්තුතිකරණ අයුරු දැකගත හැකිවිය .

මෙම පිලිබදව මාතලේ මැතිවරණ කාර්යාලයට පැමිණිලි ලැබුණ බවත් එය විමර්ෂණය කිරිමට දඹුල්ල පොලිසියට යොමු  කල බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

– මහින්ද උදයසිරි දඹුල්ල

60 views

11 Comments to “මැතිවරණ චක්‍රලේකන අමු අමුවේ උල්ලංඝනය කරමින් දේශපාලක උවමනාවන් ඉටු කරයි…[Photo]”

  1. Gune says:

    If people get jobs we should promote it, I don’t see anything significant happening with 16 votes

  2. කිරිබත්ගොඩ says:

    ඔය වගේම කිරිබත්ගොඩ නගරයෙත් එකක් පෝය දවසෙ විවෘත කරල තියෙනව මම දැක්ක.

  3. Ruwan says:

    Why we need to wait until the completion of the Election to give JOBS for the needy people.

  4. වීදියබන්ඩාර says:

    මේ අවුරුදු 3 ම ලැබුන එකම දේ
    ගහපල්ල අර්හ්පුඩියක්

    • Dr Lakshman Fernando says:

      Why Ranil given 68823 Jobs in Volkswagen Factory & 31177 Jobs in Tyre Factory. Any how he PROMISED only 100, 000 Jobs. I hear that he is going to RECRUIT some GRASS PLANTERS. for the UDU GUWANNA ESTATE as TRAINEES. .

  5. Ali says:

    Thamath raniyata kadeyana ambarawo rate ennawa. Un tolicci wechedata ratata hodakalak yawi

  6. බටලන්දේ ගාතක සහ මහිනදට පහිඇනුම් ආප්ප කඩයක් දාලා….ගති සන්වර්ඩනයක්

  7. බඩු කඩේ වෙන ටැනකලු says:

    බඩු කඩේ වෙන ටැනකලු . දැන් මෙතනැ කමු. මං කෑවට පස්සේ ඔයාලත් කන්න.

  8. daminda says:

    badata wadakk……

Main News