මැතිවරණ ජයගෙන මැතිවරණ කොමිසමේ බලතල අඩු කරනවා..

July 30, 2020 at 8:40 am | lanka C news
මැතිවරණ ජයගෙන මැතිවරණ කොමිසමේ බලතල අඩු කරනවා..

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මැතිවරණ කොමිසම සතු බලතල අඩු කිරිමට තිරණයක් ගන්නා බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහත පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ

ලංකානු දේශපාලනයේ තනි පක්ෂයක් 2/3 බලයක් ලබා ගන්න ප්‍රථම අවස්තා මෙවර මහ මැතිවරණයයි.

ජේ.ආර්.ජයවර්ධන මහතා මේ මැතිවරණ ක්‍රමය හදනා තියෙන්නේ 2/3 බලයක් ලබා ගන්න බැරිවෙන්න.

හැබැයි අපිට 2/3 බලය ලබා ගන්න වටපිටාව සකස් වෙමින් තියෙනවා.

ඒකට හේතුව වත්මන් ජනාධිපතිවරයා , එතුමාගේ තින්දු තිරණ , වැඩ පිලිවෙල.

ජනතාව අතර එතුමා කෙරෙහි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. එ නිසා අනිවාර්යෙන්ම 2/3 බලයක් අපි ලබා ගන්නවා.

උතුර දකුණ කියලා නැ රටම තිරණය කරලා ඉවරයි ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන්න.

මධ්‍යම පලාත තුල ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය ලබනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රි ආසන 9 ක් අපි ලබා ගන්නවා අනිවාර්යෙන්ම.

එක්සත් ජාතික පක්ෂය සහ දුරකථනය අද ඉවරයි , රනිල් වික්‍රමසිංහට තියෙන සහයෝගයවත් සජිත් ප්‍රේමදාසට නැ.

මැතිවරණ කොමිසම සමහර වෙලාවට නිකුත් කරන චක්‍රලේකණ එක්ක අපිට තේරෙන්නේ නැ කොහොමද මැතිවරණයක් සිදු කරන්නේ කියලා?

– හැටන් රංජිත් රාජපක්ෂ

19,946 Viewers

15 Comments to “මැතිවරණ ජයගෙන මැතිවරණ කොමිසමේ බලතල අඩු කරනවා..”

  1. Sarath says:

    මේ පාර හරිහමන් විපක්ෂයක් නෑ! ඒක හොඳ දෙයක් කියල හිතන්න පුළුවන් ඇස් කන් පියාගෙන එකම පක්ෂයකට හැමදාම ඡන්දේ දාන අය විතරයි. දැන් තියෙන තත්වය උඩ ඉස්සරහට මොකා අවත් වැඩ කරන මිස්සුන්ගේ පඩි පතට අරිනවා සහතිකයි. ලෝකය පුරා දරුණු තත්වයක් තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන් වෙනුවෙන් කතා කරන, ඒ වෙනුවෙන් වැඩ කරන පිරිසකට හැකි තරම් බලයක් ලබා දිය යුතුයි. එහෙම නොවුණොත් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන අවුරුදු පහක් විඳවන්න වන බව සහතිකයි!

    • Darshana abayakoon says:

      මැතිවරන කොමිසම නැත්තම් රටෙන් බාගයක් කොරොන හැදිල මැරිල මෙලහකට. බල පෙරේතයො ටික ජනතාව බිල්ලට දීල චන්දෙට යන්න ලැස්ති වුනේ.

  2. Rabok says:

    upan buruwek unata aduma washayen katawahagenna indawath iganaganin – Pohottuwa ta apahasa nokara

Leave a Comment

Main News