මැතිවරණ ජයග‍්‍රහණය ගැන වියත්මගෙන් නිවේදනයක්…

August 9, 2020 at 2:10 pm | lanka C news
මැතිවරණ ජයග‍්‍රහණය ගැන වියත්මගෙන් නිවේදනයක්…

මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණයෙන් පසුව වියත්මඟ සංවිධානය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔවුනගේ සමාජ ජාල ගිණුම් ඔස්සේ නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

හිතවත් වියත්මග සාමාජිකයිනි,

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට ජනතාව තීන්දු කර තිබේ. රටේ අනාගතය පිළිබඳ ගැඹුරින් සිතා බලා ජනතාව ගත් එම තීන්දුව පිළිබඳ වියත්මග ලෙස අපි අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

වියත්මග සභාපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා විධායක බලයට අමතරව ව්‍යවස්ථාදායක බලයත් ලබා දෙන ලෙසය. ජනතාව සිය වගකීම මැනවින් ඉටු කොට තිබේ.

සිය වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් සෞභාග්‍යවත් දේශයක් ගොඩනැඟීමේ ගමන ආරම්භ කිරිමට නව රජයට දැන් අවස්ථාව උදා වී ඇත. රටට අහිතකර ව්‍යවස්ථා නීති රීති සංශෝධනය කරගත හැකිය. රටට ඔබින ව්‍යවස්ථාවක් සම්පාදනය කරගත හැකිය.

එහෙයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආදර්ශයට ගෙන ජනතාව ඔබ කෙරෙහි තැබූ විශ්වාසය තවත් තහවුරු වන ආකාරයට ජනතාව ඔබ වෙත පවරා ඇති වගකීම් සම්භාරය නිසි බරින් අවබෝධ කරගෙන කටයුතු කරන ලෙස තේරීපත්වූ සියලු ජනතා නියෝජිතයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

එසේම ඒකීයභාවය තහවුරු කළ දියුණු සංවර්ධිත දේශයක් ගොඩනඟන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබා දීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස සියලු පාර්ශ්ව වෙත ආරාධනා කර සිටිමු.

– වියත්මග

1,374 views

14 Comments to “මැතිවරණ ජයග‍්‍රහණය ගැන වියත්මගෙන් නිවේදනයක්…”

  1. kodithuwakku says:

    අපේ යුතුකම හැකිපමණ ඉටුකලා, නමුත් පත්වූ මන්ත්‍රීන් අතර සිටින වංචා කාරයින්, තක්කඩියන් පාලනය කරන්න. රට සංවර්ධනය කරන්න. ඔබලා ජනාධිපතිතුමාට සහාය වන්න. බලාපොරොත්තු කඩකරන්න නම් දෙන්න එපා.

Main News