මැතිවරණ නැතිව මට වුනේ නයා මැරුණු අහිකුණ්ඨිකයාට වූ දෙයමයි.. ඡුන්ද නොතිවුවොත් මං ඉල්ලා අස්වෙනවා..- මැ.කො.

September 25, 2017 at 6:48 pm | lanka C news
මැතිවරණ නැතිව මට වුනේ නයා මැරුණු අහිකුණ්ඨිකයාට වූ දෙයමයි.. ඡුන්ද නොතිවුවොත් මං ඉල්ලා අස්වෙනවා..- මැ.කො.

තමන් ඇතුළු මැතිවරණ කොමිෂන් සභාවට වී ඇත්තේ නයා මැරුණු අහිකුන්ඨිකයාට සිදු වූ දෙය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩමටහන හා අදහස් පල කරමින් ඔහු සදහන් කලේ 2018 වසරේ දෙසැම්බර මාසය තෙක් මැතිවරණයක් පැවැත්විය නොහැකි වුවහොත් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ නිල කාලය 2018 දෙසැම්බරයේ අවසන් වන නිසා කාලය දීර්ඝ නොකලහොත් ඔවුනගේ ධුරයන් අහෝසි වී යයි.

168 views