මැතිවරණ නෑ.. මේක ඒකාධිපති පාලනයක්..- මැකො සභාපති

October 24, 2018 at 2:10 pm | lanka C news
මැතිවරණ නෑ.. මේක ඒකාධිපති පාලනයක්..- මැකො සභාපති

හෙට දිනය වන විට පළාත් සබා 06ක නිල කාලය අවසන් වී ඒවායේ පාලනය ආණ්ඩුකාරවරුන් හා රජයේ නිලධාරීන් යටතට පත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

මෙයින් පළාත් සභා තුනක නිල කාලය අවසන් වී වසරකටත් වඩා වැඩි බවද ඔහු සදහන් කරයි.

මහජන නියෝජිත පාලනය නිලධාරී පාලනයට යටත් කිරීම ඒකාධිපති පාලනයක් යයිද සභාපතිවරයා කියා සිටී.

එනිසා පලාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා අවහ්‍ය නෛතික පසුබිම සකසා දෙන්නැයි තමන් පාර්ලිමේන්තුවේ සියළු දේයපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

විපක්‍ෂ දේශපාලඥයන් මැතිවරණ කොමිසම සරදමට ලක් කරන්නේ මැතිවරණ නොතියන කොමිසම ලෙසයි.

26 views

13 Comments to “මැතිවරණ නෑ.. මේක ඒකාධිපති පාලනයක්..- මැකො සභාපති”

  1. Sanidu Sooriarachchi says:

    පළාත් සභා කියන සුදු අලියා නැති එකනම් හොදයි. නැත්නම් අපි උන්ටත් පඩි ගෙවන්න ඕනෑ. කිසිම වැදගත් වැඩක් සිදු නොකරන, මධ්‍යම ආණ්ඩුව සමග කඹ අදින, අපේ සල්ලි කන පළාත් සභා ඔහොමම නැති වෙලා ගියත් රටට හානියක් නැහැ.

Main News