මැතිවරණ පවත්වනු.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකිනු..- බි‍්‍රතාන්‍ය ලංකාවට කියයි.. ජාත්‍යන්තර බලපෑම දැඩිවෙයි..

October 25, 2018 at 4:40 pm | lanka C news
මැතිවරණ පවත්වනු.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකිනු..- බි‍්‍රතාන්‍ය ලංකාවට කියයි.. ජාත්‍යන්තර බලපෑම දැඩිවෙයි..

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කර ගැනීමට නම් නියමිත කාලයට මැතිවරණ පැවැත්විය යුතු බවත් තම රටවල නම් කටයුතු කරන්නේ එසේ බවත් කොළඹ සිටින බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා සදහන් කරයි.

පළාත් සභා හයක නිල කාලය අවසන්ව තිබිනද මැතිවරන නොපැවැත්වීම ගැන අදහස් පල කරමින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.

මැතිවරණ නොපැවැත්වීමෙන් බොහෝ පිරිසක් කනගාටුවෙනු ඇතැයිද එම සටහනේ දැක්වෙයි.

මීට පෙර කොලඹ සිටින ජර්මානු තානාපතිවරයාද මෙරට මැතිවරණ නොපැවැත්වීම ගැන දැඩි කණස්සල්ල පල කර තිබින.

41 views

14 Comments to “මැතිවරණ පවත්වනු.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකිනු..- බි‍්‍රතාන්‍ය ලංකාවට කියයි.. ජාත්‍යන්තර බලපෑම දැඩිවෙයි..”

  1. Samuvel says:

    චන්දෙ තිබ්බොත් උතුරු නැගෙනහිර හැර අන් සියලු පලාත් සබා පොහොට්ටුව 2/3 ඉක්මවා දිනන එක සුවර්. එහෙම දිනල 2/3 චන්දෙන් පනත් සම්මත කරගන්නයි තියෙන්නෙ මේ රටට බරක් වුනු බලෙන් පටෝපු ලබ්බ අහෝසි කරන්න.

Main News