මැතිවරණ  ප්‍රකාශයේ නැති ව්‍යවස්ථාවක් ගේන්න ගොස් ආණ්ඩු කරන්නට ඇති කාලය අඩුකර ගන්නවා..- කෙසෙල් ඇවරිය කියයි..

October 25, 2017 at 5:30 pm | lanka C news
මැතිවරණ  ප්‍රකාශයේ නැති ව්‍යවස්ථාවක් ගේන්න ගොස් ආණ්ඩු කරන්නට ඇති කාලය අඩුකර ගන්නවා..- කෙසෙල් ඇවරිය කියයි..

වර්තමාන යහපාලන ආණ්ඩුව තමන්ගේ මැතිවරණ  ප්‍රකාශයේ නැති ව්‍යවස්ථාවක් ගෙන ගොස් ඔවුන්ට ආණ්ඩු කරන්නට ඇති කාලය අඩුකර ගැනීමට යන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

වර්තමාන රජයේ පවතින අර්බුද හා ජනතාවට කන් නොදෙන ස්වභාවය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ප පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී  ඔවුන මේ බව කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි අමරසිංහ මහතා කියා සිටියේ යහපාලන රජය තම ජනතාවට පොරොන්දු වූ දේ ඉටු නොකොට වර්තමානය වනවිට වෙනත් දේවල් කරමින් ඉන්න බවයි.

තවදුරටත් අදහස් දැක්වූ උපාලි අමරසිරි මහතා, “යහපාලන ආණ්ඩුව ගෙනවා කියපු කොමිෂන් සභා කරුණාකරලා ගේන්න විගණන පනත තවමත් නෑ ආණ්ඩු විවිධ හේතු ප්‍රකාශ කරමින් විගණන පනත පස්සට දානවා. ආණ්ඩුව මුලින් කරන්න ඕනේ මේ කොමෂන් ගෙනත් රටේ යහපාලනය ස්ථාපිත කිරීමයි” යනුවෙන් ද ප්‍රකාශ කළේය.

මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රි ගුණරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

“යහපාලන ආණ්ඩුව ගේන්න කැපවෙච්ච ජනතාව මේ ආණ්ඩුවට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කියලා බල කළේ නැහැ. ආණ්ඩුව අනවශ්‍ය ව්‍යවස්ථා ප්‍රශ්නයක් ඔලුවට දාගෙන හැමදේම අවුලක් කරගෙනයි ඉන්නේ. මේකෙන් වෙන්නේ ආණ්ඩුවට ආණ්ඩුව කරගෙන යන්න තියෙන කාලය වේගයෙන් අඩු වීම පමණයි.

තවදුරටත් අදහස් දැක් වු ඒ මහතා ආණ්ඩුව අදවෙනකොට පලාත් පාලන මැතිවරණය තියන එක කල් දමමින් ඉන්නවා ජනතාවට මැතිවරණය ඕනේ ඒක ආණ්ඩුව තේරුම් ගන්න උවමනායි තමන්ට කැමති මහජන නියෝජිතයන් තෝරා ගන්න ජනතාවට අවස්ථාව දෙන්න උවමනායි නමුත් පලාත් පාලන ඇමතිට බැරිවෙලා තියෙනවා අද ඡන්දය තියන කාලවකවනුවක් කියන්න එතුමට ඒ වැඩේ හරියට කරන්න බැරි නම් එතුමා ඉල්ලා අස්වෙනවා කියලා පොරොන්දු වෙන්න ඕනේ එතකොට ජනතාවට යම් විශ්වාසයක් ඇති වේවි.දිගටම මෙහෙම යන්න බෑ රටකට.

ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මේ පිලිබදව සංවේදි වෙන්න කියල ඒ වගේම ආණ්ඩුව ජනතාවත් බහුතරයක් එපා කියන මේ රටේ මහා සංඝයා වහන්සෙලා එපා කියන අළුත් ව්‍යවස්ථාවක පැටලිලා කාලය කන්න එපා කරුනාකරලා පොරොන්දු උනු යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න වෙන වෙන දේවල් නොකර යනුවෙන් ඒ මහතා කියා සිටියේය.

මේ අවස්ථාවට සහභාගි වූ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික අජන්තා රත්නායකක මහත්මිය පැවසුවේ යහපාලන ආණ්ඩුව විසින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බව පැවසුවත් තවමත් එවැනි තත්වයක් දකින්නට නොමැති බවත් ආණ්ඩුව කාන්තාවන්ගේ ඡන්ද අයිතිය සේම පුරවැසි අයිතිවාසිකම්ද ආරක්ෂා කිරීමට කඩිනමින් පියවර ගතයුතු බවයි

මේ අවස්ථාව සදහා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යමකාරක සභික නිහාල් මහතාද සහභාගි විය.

– කේ.ටි. දර්ශන

121 views

3 Comments to “මැතිවරණ  ප්‍රකාශයේ නැති ව්‍යවස්ථාවක් ගේන්න ගොස් ආණ්ඩු කරන්නට ඇති කාලය අඩුකර ගන්නවා..- කෙසෙල් ඇවරිය කියයි..”

  1. Gayantha says:

    Kesel awariya nisa ranil oyawa lan karagannath bairi nai ! Lol !

  2. love nature says:

    ‘යහපත පරයා අයහපත ජය ගැනෙන්නේ යහපත් මිනිසුන් කිසිවක් නොකර සිටීම නිසාමයි.’’- එඞ්මන්ඞ් බර්ක්

  3. Gadol says:

    වත්මන් රජය බලයට පත්වී ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා 14% ක ඉහළ පොළී ප්‍රතිශතයක් ලබාදෙන බව පොරොන්දු විය. එසේම රාජ්‍ය බැංකුවල උගසට තබා ඇති රුපියල් ලක්ෂයට වඩා අඩු වටිනාකමින් යුක්ත රන් භාණ්ඩ සඳහා අය කරන පොළිය ද කපාහැර දුප්පත් ජනතාවට සහනයක් ලබාදෙන බව ප්‍රකාශ කළේය.

Main News