මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇරඹේ.. පොහොට්ටු ප‍්‍රබලයාගේ නිවසට පහර දේ.. විශාල දේපල විනාශයක්..

November 10, 2018 at 12:40 pm | lanka C news
මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇරඹේ.. පොහොට්ටු ප‍්‍රබලයාගේ නිවසට පහර දේ.. විශාල දේපල විනාශයක්..

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්වු නාවලපිටිය හයිපොට් ප්‍රදේශයේ පදිංචි රගුපති රත්නම් නැමති ව්‍යාපාරිකයාගේ නිවසට අද (10) අලුයම මැර ප්‍රහාරයක් එල්ල  වි ඇත.

අද අලුයම 12.50 පමණ සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ  තම නිවසේ ජනේල්වලට සහ තම මොටර් රථයට සහ තම නිවසේ නතර කර තිබු වෙනත් අයෙකුට අයත් ත්‍රිරෝද රථයකට මෙම මැර පිරිස පහර දි පලා ගිය බවයි රගුපති රත්නසාමි මහතා කියා සිටින්නේ.

පොලු මුගුරු සහ ගල්අතතිව  පැමිණි මෙම පිරිස පහර දි පලා ගිය බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇති බව රගුපති රත්නසාමි මහතා පැවසිය.

තම නිවසට පහර දුන් අය හදුනන්නේ නැති බවත්,මෙය දේශපාලන පක්ෂයකට සහයෝගය දැක් විම නිසා මෙම  ප්‍රහාරයක එල්ල වු බවයි රගුපති රත්නසාමි මහතා පවසා සිටියේ.

මෙම පහර දිම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

102 views

2 Comments to “මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇරඹේ.. පොහොට්ටු ප‍්‍රබලයාගේ නිවසට පහර දේ.. විශාල දේපල විනාශයක්..”

  1. Mihindu says:

    යු එන් පී මදාවිකාරයෝ බලුවැඩ කරන්නෙ.මම කුඩාකෙලෙත් දැක්කා යු එන් පි මැරයෝ ශ්‍රීලනිප අයගේ ගෙවල් පොලවටම සමතලා කරපු හැටි ජේ අාර් මහත්තයා දිනපු කාලේ.අපි එදා කොච්‍චර බය වුනාද අපේ ගෙවලුත් කඩයි කියලා.මැර බලය අතේ තියාගෙන ඉන්නෙ යුඑන්පි තගයෝ.ලංකාවට පාතාලයාෙ බෝ කලෙත් යුඑන්පිය තමයි.මැරබලයෙන් හරි බලයේ ඉන්නයි මෙවුන්ට ඕනෙ.

  2. gadol says:

    යු එන් පී දැන් ජේ වී පි වෙලා

Main News