මැතිවරණ ප‍්‍රතිඵලය මුළුමනින්ම වැරදියි.. ජවිපෙන් මන්ත‍්‍රී දුර 300ක්.. එජාපයෙන් 120ක් අහිමියි..

March 2, 2018 at 9:20 am | lanka C news
මැතිවරණ ප‍්‍රතිඵලය මුළුමනින්ම වැරදියි.. ජවිපෙන් මන්ත‍්‍රී දුර 300ක්.. එජාපයෙන් 120ක් අහිමියි..

මෙවර පැවති පලාත් පාලන මැතිවරණයේ මන්ත‍්‍රී ධුර ගනනය කිරීම දැඩි දෝෂ සහිත බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

සභික දුරයන් පනතට අනුව වෙන් කල හොත් ජනතා විමුක්ති පෙරමුණට මන්ත‍්‍රී ධුර 300ක් අහිමි වනු ඇති බවද ඒ අනුව ජවිපෙට මෙවර ලබා දි ඇති සභික ධුර 432න් 300ක් අඩු වී 132ක් පමණක් ඉතිරි වනු ඇති බවත් ඒ මහතා සදහන් කරයි.

එසේම එජාපයට 120ක්, සන්ධානයට 50ක්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට 08ක් අහිමු වනු ඇතැයිද ඔහු කියා සිටී.

මැතිවරණ කොමිසම වෙත මේ සම්බන්ධයෙන් කරුණු පෙන්වා දුන් බවත් පනතට අනුව සභික ධුර වෙන් කරන්නැයි ඉල්ලා සිටි බවත් මන්ත‍්‍රීවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් කොමිසම කටයුතු නොකලහොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

57,898 Viewers

19 Comments to “මැතිවරණ ප‍්‍රතිඵලය මුළුමනින්ම වැරදියි.. ජවිපෙන් මන්ත‍්‍රී දුර 300ක්.. එජාපයෙන් 120ක් අහිමියි..”

  1. අරුණ says:

    ආණ්ඩුව වැටෙන කම් බලන් ඉන්න ජොලියට මෙව්වා බැලුවෙ නෑ ……

    • don katugampala says:

      nehe ban mathivarana niladareenta “aluth system” eka thama igena ganna beri vela. niladareen hunga denek thma “montisori” yana aya, ekayi avula.

      • Nuwan says:

        මේ සෙල්ලම එන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4ඉ ව්‍යවස්ථාවට පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය ඇතුල් කර ගෙන පළාත් මැතිවරණ කොමසාරිස්වරැ මගින් ඡන්ද පවත්වා ගැනීමේ මෙහෙයුමයි.
        මේ වන විට මනෝහාර සහ සරත් නන්ද සිල්වා තර්ක ඉදිරිපත් කරන්නේ 4ඉ ව්‍යවස්ථාවේ ඇති මැතිවරණ 3 වෙනුවට 2000 ජී. ඇල්. පීරිස් ගෙනාපු පැකේජ් එකේ විදිහට පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණයත් 4ඉ වලට ඇතුල් කළ යුතු බවයි. මේ වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීම වෙලාවේ 2:1 බෙදුනු තීන්දුවෙන් පළාත් පාලන මැතිවරණයත් 4ඉ ව්‍යවස්ථාවට ඇතුළු කරගෙන තියෙනවා.
        මේ යහපාලන නඩයේ ඉන්නා NGO කුක්කන් සහ සිංහල බිල්ලන් එකතු වෙලා සිංහලයන් මෝඩයන් කර ගැනීම සදහා මේ ආකාරයට පළාත් පාලන මැතිවරණයේ ප්‍රශ්න ඇතිකර කොසේ හෝ 4ඉ ව්‍යවස්ථාවට පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය ඇතුල් කර ගැනීම මගින් උතුරැ නැගෙනහිර පළාත් සභාවලට ජනමතවිචාරණයක් මගින් වෙන්වී යන්න පාර කපමින් සිටි.

    • Kamal says:

      අනේද කියන්නෙ.

      • Asaranaya says:

        අහාවල් මගුලක්ද පවුල් රැකා පයි-සර කොනකපාලයත් සමග එකතුවෙලා කලේ, පඹයගෙන් අහාලා වැඩැක් නැහැ ඌට මොලයක් නැහැ, පවුල් රැකාගෙ කටේ සැර තිබුනු විදිය හරියට් ඌ කෙරුමා වගේ, මැච් ගැහුවට පිටිය මඩ ගොහෝරුවක්,පවුල් රැකෝ අස්වෙලා ගෙදර පල, උඹට කෙලින් වන්නෙ නැහැ, නාකි වැඩියි

  2. නයා says:

    තවත් කුඩා පක්ෂ හා කණ්ඩායම් රැසක ආසන අඩු විය යුතුයි.
    ලැයිස්තු ආසන සංක්‍යාව ගනනයේයි වරද තියෙන්නේ .

  3. nimal says:

    Every party is loosing!
    What will happen to the total
    Better to publish actual according to act for the information of public

  4. Ranjan says:

    Can SLPP show us where the Election Commission calculations are gone wrong.

  5. shehan says:

    දැන් එතකොට ඔය අඩු වෙන ටික කාටවත් එකතු වෙන්නේ නැද්ද? දන්නේ නැති හින්ද අහන්නේ…

    • නයා.... says:

      නැහැ කාටවත් යායුතු නැහැ.
      සභාව සඳහා නියමිත් ආසන ගනනට වැඩියෙන් නම් කර ඇති ආසනසංඛ්‍යාවන් වලිනුයි මේ අඩුවීම වෙන්නේ.
      එමගින් සැබෑ ජයග්‍රාහකයාට පැහැදිලි බහුතරයක් ලැබීමත්.
      සභාවට අනවශ්‍ය වියදමක් අඩු වීමත් සිදුවෙනවා.

  6. ජනතාව says:

    සිරිසේනගේ උවමනාවට මුස්තාපා අවුරුදු තුනක් තිස්සේ තටමලා තටමලා හදපු මේ කරුමේ තමයි රටම අස්ථාවර කළේ.

  7. Aba says:

    If the Election Commission is not taking action to rectify these errors, immediate legal action should be instituted this regard.

  8. DAYASIRI says:

    යමපාලකයන්ගේ නොදැනීම නොහැකියාව සහ දුෂ්ඨ වෛරී පාලනය නිසා මුලු රටම අවුලෙන් අවුලට පත්වී හමාරය. එහෙත් ඔවුනගේ ස්වාර්ථය වෙනුවෙන් කරනු ලබන විදේශ සංචාර සුඛෝපභෝගී පහසුකම් ආදී සියල්ල විඳිමින් රට අගාධයටම අැද දමමින් ගෙන යන මේ දේශ ද්‍රෝහී ගමනාන්තයේ කෙළවර කොතනද? පෙබරවාරි 10 වෙනිදා රටවැසි ප්‍රකාශය හෑල්ලු කරමින් එය අවුල් කරමින් මේ ගෙන යන ක්‍රියාදාමය යමපාලකයන්ට පාරාවළල්ලක් වන දිනය වැඩි දුර නොවනු අැත.

  9. Aurora says:

    ශ්‍රී ලංකාව අවුල් ජාලයක් කරලා ස්ථාවරත්වය නැතිකරලා කොටියට ඕනෑ නැගිටින යුගය උදාකරන්න කරන උප්පරවැට්ටි තමයි මේ. ඒකට තමා පඹ මයිත්‍රී යුගය ගෙනාවේ. ආරක්ෂක, දේශපාලන, ආර්ථික, ආගමික, සාමාජික, අධ්‍යාපනික, භූගෝලීය, යටිතල පහසුකම් ආදී සියලුම ස්ථාවරයන් ඇනීම සහ විනාශකිරීමට උල්පන්දම් දීම හා එම විනාශයන් කරන කාලකන්ණි රැකීම සිරිසේනට දී ඇති කොන්ත්‍රත්තුවයි.

  10. kadiya says:

    සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතානනි, යහපාලනයට පක්කලිකම් කරන මැතිවරණ කොමිසමේ සභාපතිගේ වැරදි ගණනය කිරීම සහ නිවැරදි ගණනය කිරීම පලකරන්න. මැතිවරණ කොමිසමේ සභාපතිගේ කලිසම ජනතාව ගලවනු ඇත.
    මූ බිලියන 8 ක් මැලේසියන් බැංකුවක තැන්පත්කලා කියන තොරතුර වහාම විභාග කරන්න.

  11. නයා.... says:

    මා දන්නා තරමින් තවත් උදාහරණයක් මෙසේ දක්වන්නම්.
    ජා ඇල ප්‍රා සභාව.

    කොට්ට්ඨාශ ආසන සංඛ්‍යාව 26
    ලැයිස්තු ආසන සංඛ්‍යාව 17
    එකතුව 43

    ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාව 95,959

    එක් ආසනයක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව. = 95,959 / 43 = 2231
    එක් එක් පක්ෂයට ලැබිය යුතු ආසන සංඛ්‍යාව
    කොට්ටශ ආසන
    එජාප 27,591 / 2231 = 12.36 = 12 2 12
    ජවිපෙ 8,729 / 2231 = 3.91 = 3 03
    ජාජප 1,942 / 2231 = 0.87 = 0 00
    ශ්‍රිලනිප 10,496 / 2231 = 4.70 = 4 04
    පොජපෙ 43,850 / 2231 = 19.65 = 19 24 24
    ස්වා 3,351 / 2231 = 1.50 = 1 01

    එකතුව 44

    මේ අනුව පළමු වටයේ ගනනය කිරීමේදීම ආසන 44ක් පිරීම සිදුව ඇත. සභාවට නියමිත ආසන ගනන වූ 43 ඉක්මවා එක් ආසනයක් වැඩිපුරද පිරවී ඇත.

    එසේ වන තත්වයකදී අනෙකුත් පක්ශ හා කණ්ඩායම් වලට දශම ගනනින් වූ කොටස් සඳහා ආසන පිරිනැමීමක අවශ්‍යතාවය ඇතිදැයි නොපැහැදිලිය.

    එහෙත් ප්‍රකාශිත නිල ප්‍රථිපලය අනුව
    ජවිපෙට 0.91 කොටස සඳහා ආසනයක් එකතු වී මුලු ආසන 4ක් ද
    ජාතික ජන පක්ශයට 0.87 ක කොටස සඳහා ආසන 1 ක් ද
    ශ්‍රීලනිපයට 0.70 ක කොටස සඳහා ආසනයක් එකතු වී මුලු ආසන 5 ක්ද හිමිවී ඇත.

    එසේ හෙයින් මුළු සභාව තුල අවසානයේ ආසන 47ක් බවට (වැඩිපුර ආසන 4ක් සහිතව )පත්වී ඇත.

    මුල් වටයේදීම සභාවෙහි ආසන ගනන පිරී ඇති පසුබිමක මේ දශම සංඛ්‍යාවලට ආසන පිරිනැමුනේ කෙසේද කියන ගැටළුව විසඳා ගත යුතු වනවා පමණක් නොව, එම නිසා සභාවන්හී බල තුලනය හා අනවශ්ය වැඩි මන්ත්‍රී ආසන ගනනක් මහජන මුදලින් නඩත්තු කිරීමට සිදුවීමේ වරදටද ලක්වේ.

    නීත්‍යානුකූලව මා ගනනය කල ආකාරය සදොස් නම් දන්නා කෙනෙකු නිවැරදි කිරීම සැමට වැඩ දායක වේ.

  12. marwin says:

    muth wimal giya iskiletamada giye? eka thama ganan bari

Main News