මැතිවරණ ප‍්‍රතිඵල වෙනස් කරන්න ‘රෝ’ පිරිසක් ලංකාවට එති..

July 19, 2020 at 3:00 pm | lanka C news
මැතිවරණ ප‍්‍රතිඵල වෙනස් කරන්න ‘රෝ’ පිරිසක් ලංකාවට එති..

මහ මැතිවරණය සඳහා ඉන්දීය රෝ බුද්ධි සේවාවේ ඒජන්තවරු කණ්ඩායමක් මෙරටට රහසිගතව පැමිණ ඇත.

මේ බව තහවුරු වී ඇත්තේ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් සහ හිටපු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් යාපනයේදී හා ත‍්‍රිකුණාමලයේ පැවැති මැතිවරණ ජනහමු කිහිපයකදී ඉන්දියාව මෙම මැතිවරණ පසුබිම නිරීක්‍ෂණය කරන බව හෙළිකිරීමෙනි.

ඉන්දීය රෝ බුද්ධි සේවාව මැතිවරණයට මැදිහත් වී ඇත්තේ ශ‍්‍රී ලංකා රජය චීනය සමග දැඩි සබඳතා පැවැත්වීම සහ චීන ආධාර ලබාගැනීම නිසයි.

පසුගිය ජනාධිපතිවරණයට ද ඉන්දීය බුද්ධි සේවාව මැදිහත් වී තිබුණි.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ ඉන්දීය රෝ බුද්ධි සේවාවට සම්බන්ධ ද්‍රවිඩ දේශපාලනඥයන් සිවුදෙනෙක් සහ ඒජන්තවරු 10 ක් රෝ කණ්ඩායමට තොරතුරු සපයන බවයි.

– divaina

434 views
Main News