මැතිවරණ වෙබ් අඩවිය අඩාලයි.. 2022 සිසුන් බාර දීම අර්බුදයක.. ලක්‍ෂ ගණනක් දෙමාපියන් අසීරුවේ..

June 23, 2021 at 8:40 am | lanka C news
මැතිවරණ වෙබ් අඩවිය අඩාලයි.. 2022 සිසුන් බාර දීම අර්බුදයක.. ලක්‍ෂ ගණනක් දෙමාපියන් අසීරුවේ..

ඡන්ද හිමි නාම ලේඛනයේ තොරතුරු ලබා ගැනීම සඳහා වන මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවිය දෝෂ පෙන්වමින් ඇතැයි චෝදනා එල්ල වෙයි.

2022 වසර සඳහා පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීමට ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු ලබා ගැනීම සඳහා රජය විසින් දන්වා ඇත්තේ එම වෙබ් අඩවි හරහා නමුත් ඊට පිවිසීම ඉතා දුෂ්කර බවත් පිවිසුනද තොරතුරු ලබා ගැනීමටද නොහැකි බවත් දෙමවුපියන් කියා සිටිති.

ග‍්‍රාමසේවක නිලධාරින්ද සෘජුවම දැනුම් දෙන්නේ ඡුන්ද හිමි නාම ලේකණයේ තොරතුරු වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලෙසයි.

මෙම තත්ත්වය වහා මැදිහත් වී යථාවක් නොකළහොත් දෙමාපියන් ලක්ෂ ගණනකට අපහසුතාවයට පත් වෙමින් තිබේ.

24,682 views

4 Comments to “මැතිවරණ වෙබ් අඩවිය අඩාලයි.. 2022 සිසුන් බාර දීම අර්බුදයක.. ලක්‍ෂ ගණනක් දෙමාපියන් අසීරුවේ..”

  1. බන්ඩා says:

    ඔය ජනප්‍රිය පාසල් අසල චන්ද ලේඛන බොරැවක් බව ලොක්කො සොක්කො, විනිසුරැ පල්හොරැ ඔක්කොම දන්නවා.

  2. දොන් කුරුතේලිස් says:

    අර එන්නත්කරණය ඩිජිටොල් කොරලා ඉස්මාර්ට් ෆෝන් එකෙන් සහතිකයක් හැටියට පෙන්නන්න එළි දක්වපු “පුරවැසි ද්වාරයත්” හොයා ගන්න නැහැ බොළං.

    ඒ මදිවට අපේ පොඩි කොළුවා ඉපදුනේ පිටරටක. ඉතින් ඌට තියෙන්නේ පාස්පොර්ටුවක්, නමුත් මෙහෙ ඇවිත් එන්නත ගහ ගන්න ගියහම එතන කොම්පීතරය පිටිපස්සේ හිටි එකී කියපි ජාතික හැඳුනුම් පත විතරයි සිස්ටම් එකට දාන්න පුළුවන් පාස්පොර්ට් අංක එන්ටොර් කරන්න පුළුවන් විදිහට නෙවෙයි හදලා තියෙන්නේ කියලා.

    මැම්බර් උත්තමයෝ නිතරම “ඩිජිටල් ඩිජිටල්” කියලා මතුරනවා නම් ඇහෙනවා, ඒත් මේවා නිකන් ඇනලොග් වගේ බොළං 🤣🤣🤣

  3. AL guy says:

    Similar to UGC web site

  4. Open mind says:

    2024 ට පෙරහුරුවක් නොවේ නේද ?

Main News