මැතිවරණ වේදිකාවේදී නාගන්න එපා.. පක්‍ෂය කැදවා සජිත් ගුගුරයි.. පක්‍ෂත් සජිත්ට එයම කියයි..

June 23, 2020 at 12:00 pm | lanka C news
මැතිවරණ වේදිකාවේදී නාගන්න එපා.. පක්‍ෂය කැදවා සජිත් ගුගුරයි.. පක්‍ෂත් සජිත්ට එයම කියයි..

මහ මැතිවරණ වේදිකාවේ අදහස් පළ කිරීමේ දී දැඩි ලෙස කල්පනාකාරීව කටයුතු කරන්නැයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්‍ෂ අපේක්‍ෂකයන්ට දැනුම් දී තිබේ.

එම පක්‍ෂ ප‍්‍රධානීන් ඊයේ රාත‍්‍රියේදී කැඳවා මෙම උපදෙස් ලබා දී ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා විසින් අගරදගුරුතුමන් ට එල්ල කළ චෝදනාව හේතුවෙන් ඇති වී තිබෙන සමාජ විරෝධතාවය ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි සාකච්ඡාවක් පැවති තිබේ.

ආගමික නායකයන් ඇතුළු සමාජයට බලපෑම්සහගත පුද්ගලයන් ගැන අදහස් පළ කිරීමේදී අතිශය පරිස්සම් ලෙසත් නොසැලකිල්ලෙන් කරන ප්‍රකාශ මැතිවරණ ව්‍යාපාරයට දැඩි ලෙස අහිතකර තත්ත්වයක් ඇති වනු ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදී ඇත.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේ දී තම පිලේ සිටි ඇතැමුන් කළ වගකීම් රහිත ප‍්‍රකාශ නිසා තමා ගේ පරාජය ද දැඩි බලපෑමක් වූ බව ද ඔහු සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මීට පෙර වාර්තා වූයේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඇතැම් ප‍්‍රකාශ නිසා තම පිලට දැඩි අවාසිදායක වන නිසා ඉතා ප‍්‍රවේශමෙන් අදහස් පල කරන්නැයි ඉදිරි පෙලේ ප‍්‍රධානීන් විසින් සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබූ බවයි.

427 views
Main News