මැතිවරන නෑ කියා අපි නිකං ඉන්නේ නෑ.. රට පුරා ගොස් ජනතා පරමාධිපත්‍ය ගැන කියා දෙනවා..
August 14, 2017 at 4:40 pm | lanka C news
මැතිවරණ නොපැවැත්වුවද මැතිවරණ කොමිසම බුදියන් ඉන්නේ නැති බවත් රට වටේ ගොස් ජනතා පරමාධිපත්‍ය ගැන දැනුවත් කරන බවත් මැතිවණ කොමිස්මේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරන නැතැයි කියා නයා මැරුණු අහිකුංටිකයන් සේ නොසිට රට පුරා සම්මන්ත්රන පවත්වමින් සිටින බවද ඔහු පැවසුවේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
මැතිවරණ කල් දැමීම ප්රජාතන්ත්ර විරෝධී වුවත් මැතිවරණ කල් දැමීමට සාදන නීති අභිබවා කටයුතු කරන්නට තම කොමිසමට හැකියාවක් නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.