මැතිවුස් ඉල්ලා අස්වෙයි.. එක්දින හා ටෙස්ට් නායකයින් දෙදෙනා මෙන්න..
July 12, 2017 at 10:44 am | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් තමන් ඉල්ලා අස්වන බව ඇන්ජලෝ මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
තමන් ඉල්ලා අස්වූයේ පසුගිය කාලයේදී දක්ෂතා අතරට ඒමට නොහැකි වූ නිසා බවත් සිම්බාවේ තරගාවලි පරාජය නිසා නොවන බවත් මැතිවුස් පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් නම් කර ඇති අතර එක්දින හා 20-20 නායකයා ලෙස උපුල් තරංග නම් කර ඇත.