මැති ඇමති වැටුප් වැඩි කරන්නැයි යෝජනා කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන..?

August 6, 2018 at 3:50 pm | lanka C news
මැති ඇමති වැටුප් වැඩි කරන්නැයි යෝජනා කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන..?

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කල යුතු යයි යෝජනා කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නුගේගොඩ ප‍්‍රදේශයේදී පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

කෙසේ වෙතත් මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමට තමන් විරුද්ධ යයිද ඔහු එහිදී සදහන් කර තිබේ.

162 views
Main News