මැති ඇමැති 35ක් අවුරුද්දට පිටරට සැප.. වැඩි පිරිසක් එජාපයෙන්…
April 14, 2019 at 10:40 am | lanka C news
අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මැති ඇමැතිවරුන් තිස්පස් දෙනකු මේ දිනවල විදෙස්ගතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඇමැතිවරුන් මෙන්ම මන්තී‍්‍රවරුන් ද මෙසේ විදෙස්ගතව ඇති අතර වැඩි දෙනකු එක්සත් ජාතික පක්ෂයේ අය බව ද වාර්තා වේ.
අයවැය විවාදය පසුගිය 05 වැනිදා අවසන්වූ අතර ඇතැම් ඇමැතිවරුන් සහ මන්තී‍්‍රවරුන් ඊට පසුදා මෙරටින් බැහැරව ගොස් ඇත.
මේ අය අතර එජාප මන්තී‍්‍රවරුන් වැඩි පිරිසක් සිිටින අතර සෙසු මන්තී‍්‍රවරුන් විපක්ෂය නියෝජනය කරන බවත් ඒ අතර ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් සිටින බවත් ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.
එමෙන්ම මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු පවුලේ සාමාජිකයන් සමඟ නිවාඩුව ගත කිරීම සඳහා මෙසේ විදෙස්ගතව ඇතැයි ද යුරෝපීය රටවලට ගොස් ඇති පිරිස වැඩි බව ද අදාළ ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව යළි රැුස් වන්නේ මැයි 07 වැනිදා වන බැවින් මෙම මැති ඇමැතිවරුන් විදෙස් රටවල දීර්ඝ නිවාඩුවක් ගත කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
– divaina
Munta chande dipu api Pitakotuwe awrudu kanawa.
පව් …ජනතා සේවය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා පොඩි විවේකයක් ගන්නවා ඇති. ඒකටවත් මේ මීඩියා කාරයෝ ඉන්න දෙන්නේ නෑනේ .
පිටරට වල මංත්‍රී ල නිවාඩු ගත කරන්න ලංකාවට එනවා නම් අපේ අය නිවාඩුවට සැප ගන්න පිටරට ගියහම මොකද වෙන්නෙ?
පිටරට වල මංත්‍රී ල නිවාඩු ගත කරන්න ලංකාවට එනවා නම් අපේ අය නිවාඩුවට සැප ගන්න පිටරට ගියහම මොකද වෙන්නෙ? විශෛ්ෂයෙන්ම බැඳන්කර කල්ලිය හෝ පාවෙනබලාගාර කල්ලිය වියදමත් දරනව නම් …
pau apahasa karanna epaa asaranayo oya viydam karanne rajaye mudal newei asarana kontrath kaarainge salli saha asarana alosiyaslage salli.badhu gewana janathawata kisima alaabayak welaa naa
That is how UNP leaders and member of Parliament,hence their Minister of UNPs are the pattern of working on Tax payers money .UNP are politically looters of Public funds .
They will ruin nation all wealths and asset by name of of that “good governance and rule of Law”.
Indeed that UNP promised some thing do some things else in dramatically an opposites to that.
අපේ රටට උවමනා කරන විදේස මුදල් මුන් පිටරටවල් වලට ගිහින් දන්දෙනවා ලැජ්ජයි