මැදපෙරදිග තානාපතිවරුන් මංගල සමරවීරට එරෙහිව ජනපතිට පැමිණිලි කරති.. ජනපති, මංගලට රතු නිවේදන යවයි..

November 13, 2016 at 3:00 pm | lanka C news
මැදපෙරදිග තානාපතිවරුන් මංගල සමරවීරට එරෙහිව ජනපතිට පැමිණිලි කරති.. ජනපති, මංගලට රතු නිවේදන යවයි..

ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේදී ශ‍්‍රී ලංකා රජයේ ස්ථාවරය ප‍්‍රකාශ කිරීමට පෙර තම උපදෙස් ලබාගන්නැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට ලිඛිතව දැනුම් දෙන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

මැදපෙරදිග රටවල තානාපතිවරුන් පසුගිය දිනකෙ ජනාධිපතිවරයා හමුවී කරන ලද සාකච්චාවකදී කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත. ඊශ‍්‍රායලය හා පලස්තීනය දෙරටම අයිතිවාසිකම් කියන මුස්ලිම් පල්ලියක් සම්බන්දයෙන් යුනෙස්කෝ සංවිධානය විසින් පැවැත්වූ ඡන්ද විමසුමක දී ශ‍්‍රී ලංකාව මුස්ලිම් රටවල සහාය නොදී ඡන්දය දීමෙන් වැළකී සිටීම බලවත් අසාධාරණයක් යයි මෙම තානාපතිවරු ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

තමන් මේ ගැන දැනුවත්ව නොසිටි බවත් මින් ඉදිරියට මෙවැනි තීන්දු ගැනීමේදී තමන්ගේ උපදෙස් ගතයුතු බව විදේශ අමාත්‍යවරයාට ලිඛිතව දන්වන්නේ යැයිද ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත.

19 views
Main News