ලංකාවේදී මිය ගියාට වඩා වැඩි පිරිසක් ලාංකිකයන් මැදපෙරදිගදී කොරෝනාවෙන් මිය යයි.. විශාල පිරිසක් ආසාදිතයි..

June 3, 2020 at 3:22 am | lanka C news
ලංකාවේදී මිය ගියාට වඩා වැඩි පිරිසක් ලාංකිකයන් මැදපෙරදිගදී කොරෝනාවෙන් මිය යයි.. විශාල පිරිසක් ආසාදිතයි..

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත යොමු කර ඇති ලිපියක් මෙහි දැක්වෙයි.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්.
අධ්‍යක්ෂ ජනරාල්තුමණි,

Covid– 19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටිනවිදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථාව උදාකර ගැනීම

ඔබතුමන් Covid– 19 වසංගතය මැඩපැවැත්වීමේ පූර්ණ වගකිවයුතු බලධරයා වශයෙන් අනෙකුත් ආයතනයන්ගේ සහයෝගය ද ඇතිව ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලාංකික ජනතාව මුදවා ගැනීමට දරන උත්සාහය ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඉතා ඉහළින් අගයමු. එමෙන්ම මෙම ගෝලීය ව්‍යසනයට සමගාමීව නොබෝ දිනකින් ශ්‍රී ලංකා රාජ්‍යයට මුහුණ දීමට සිදුවිය හැකි තවත් අභියෝගයක් මෙසේ ඔබ තුමන්ගේ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමු.

මේ වන විට නොයෙකුත් වීසා මත පදනම්ව විදෙස්ගත වූ ශ්‍රී ලාංකිකයන් බොහෝ ප්‍රමාණයක් ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටී. මේ අතර විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය, බංගලාදේශය, වියට්නාමය සහ මියන්මාරය වැනි රටවල රැකියා සඳහා ගොස් වර්තමාන වසංගත තත්ත්වය හේතුකොට ගෙන රැකියා අහිමිව කිසිවක් කරකියාගත නොහැකිව අසරණ තත්ත්වයෙන් පසුවන ශ්‍රමිකයන් බොහෝ පිරිසක් සිටින බව සඳහන් කළ හැකිය. මේ අතරින් විශේෂයෙන්ම මැදපෙරදිග සිටින බොහෝ දෙනෙකු Covid– 19 වසංගත තත්ත්වයට ගොදුරු වී ආසාධිතයන් බවට පත්වීමට ඉතා ආසන්න තත්ත්වයක පසුවේ.

මෙම අන්තරායකාරී  තත්ත්වය හමුවේ ඔවුන්ට සිය මව්බිමට පැමිණීම අරභයා අවසර ලබා දීම උදෙසා පහත කරුණු වෙත ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරවීමට කැමැත්තෙමු.

  1. වෙනත් රටවල් සිය රටෙහි වෙසෙන Covid– 19 ආසාධිත විදේශිකයන් සඳහා ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබනුයේ ආසාධිතයාගේ රෝගී තත්ත්වය උත්සන්න තත්ත්වයට පත් වූ පසුවය.
  2. විශේෂයෙන් මැදපෙරදිග කලාපය තුළ Covid– 19 ආසාධනය වීමෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව අප මව්රට තුළ දී Covid– 19 ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගෙන ඇති  බවට වාර්තා වන අතර මෙම තත්ත්වය ආසාධිත රෝගීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ද මෙසේම විය හැකි බව කණගාටුවෙන් වුවද මෙහිලා දක්වනු කැමැත්තෙමු.
  1. ශ්‍රී ලංකාව තුළ Covid– 19 වසංගත තත්ත්වය පාලනය කිරීම හේතුකොට ගෙන විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීම ඉතා දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මෙරටට පැමිණීමට අත්‍යාවශ්‍ය තත්ත්වයෙන් පසුවන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිනෙන් දින මෙම වසංගත තත්ත්වයට ගොදුරු වී ආසාධිතයන් බවට පත්වීම සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.
  1. මේ අතර දරු ප්‍රසූතිය සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ගර්භණී මාතාවන් මෙන්මවිවිධ වූ මානුෂීය හේතු මත හා තවදුරටත් එමරටවල හෙට දිනය ගත කිරීම ඉතා ගැටලුකාරී තත්ත්වයකට පත්වීම හේතුකොටගෙන මව්රටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින නිරෝගී තත්ත්වයෙන් පසුවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බොහෝ  පිරිසක් ද සිටී. එමෙන්ම ඔවුන් දිනෙන් දින මෙම වසංගතයට ගොදුරු වීමේ ඉහළ අවධානමක පසුවේ.
  1. වර්තමානයේ ක්‍රියාත්මකව පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව හා ඒවායේ ධාරිතාවයන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා නිරෝධායනය වෙත යොමු කිරීම උදෙසා ප්‍රමාණවත් නොවන බව පෙනී යයි.

මෙම තත්ත්වය හමුවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විශ්වාස කරනුයේCovid– 19 වසංගත තත්ත්වයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මුදවා ගැනීම ද ඔබතුමා මූලිකත්වය ගත් මෙම මෙහෙයුමේම ඉතා සංවේදී මෙන්ම මානුෂීය කොටසක් බවත්එබැවින් මෙම උවදුරෙන් සකල ශ්‍රී ලාංකික ප්‍රජාව මුදවා ගැනීමේ කාර්යභාරය ඔබතුමන් වෙත ඉතා වගකීම් සහගත කර්තව්‍යයක් ලෙස පැවරී ඇති බවයි.

එහෙයින් ඉහත කරුණු වෙත අවධානය යොමුකර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට යොමු කිරීම උදෙසා වූනිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කර Covid– 19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම හැකිතාක් කඩිනම් කර ඔවුන්  මෙම ගෝලීය ව්‍යවසනයෙන් මුදවා ගැනීම සඳහා ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කරන මෙන් ගෞරාවයෙන්ඉල්ලා සිටිමු.

– ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය

73,759 Viewers

15 Comments to “ලංකාවේදී මිය ගියාට වඩා වැඩි පිරිසක් ලාංකිකයන් මැදපෙරදිගදී කොරෝනාවෙන් මිය යයි.. විශාල පිරිසක් ආසාදිතයි..”

  1. Sajee Premadasa says:

    eyala gana kabagatui.namuth oka karanna puluwan kanak na.mehe miliyana 22k janathawa innawa.wideshagaha mulu lankikayan ganana miliyana o.6.Ape rate saukya daritawa ekka eyala genwa meka karanna ba.

  2. Saman says:

    What pathetic situation, people are going work to Bangladesh, Vietnam?????then Indians are coming to srilanka to work????? This shows the reality.this shows who is really developing and cheating it’s people and going down.

  3. Damian says:

    People working in Dubai was boasting about the high quality of medical facilities they enjoyed there while criticising the low quality in their motherland…… then came Corona !

  4. Sineth Biddhika says:

    වියට්නාමයේ සිටින කිසිවෙකු කරදරයක් පත්ව නැත. වියට්නාමය සම්පූර්ණ විවෘත කොට, සියලු රැකියා කිරීමට ඉඩ දී ඇති. ලාංකීය වියට්නාමයේ සිටින ප්‍රජාව අතිශය පොහොසත් පිරිසකි. එම නිසා ඔවුන් ඉතා ස්ථාවර තත්ත්වයක සිටී. ඔවුන් ගෙන්වා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. මැදපෙරදිග ගැන සලකා බලනු මැනැවි.

  5. Nbc says:

    This govt completely has ignored the foreign workers. None of the govt in the world dows like this. Govt even has failed ro understand human’s priorities as same as gov’t s own priorities. military directions whicj is called manushiya meheuma is on. You imagine while foreign workes keeping the side of LTTW

  6. 21000 එක දිගටම ගහලා කරගැට ඇවිත් says:

    මේකේ ඉන්න කාලකන්නි පොට්ටු කාරයන්ට ඕන කොහොම හරි ඡන්දෙ තියලා බලය අරන් පහුවදා ඉඳන්ම කොමිස් ගහන්න පටන් ගන්න. දැනුත් දඟලන්නේ ඒකමයි. කවුරුත් දන්නවා අවුරුදු පහ ඉවරවෙනකොට ගහන ගැහිල්ලට ආයෙමත් තමන්ට කීයටවත් බලය ලැබෙන්නේ නැහැ කියලා. කාට කාටත් තේරෙන කොට මේ රට ලෝකෙට ණය වෙලා තනිකරම සුඩාන යක් වෙලා. සිංහල යා මෝඩයා රැවටෙන්න ට සුරයා..

    • Sajee Premadasa says:

      pohottu karayanta balaya labena bawa oba terum gath eka watinawa.nikan palayan mahathtaya

  7. රටට නායකත්වය දෙන හොඳ නායකයෙක් රටට පහළ වීම ගැන අපි හිටියේ ඉතා සතුටින් අපිට අපේ නායකත්වය ගැන විශ්වාසයක් තියෙනවා අපිට ඝෝටාභය ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තියෙනවා ඒක නිසා මොනවා හරි විකල්පයක් හරිගස්සලා විදේශගත වෙලා ඉන්න න්ත අසරණ වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් නැවත මව්බිමට ගෙන්වා ගන්න ඔබතුමාගේ ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ අපි අරාබිකරයේ ඉන්න නිසා අපි දන්නවා මෙහේ තියෙන තත්වය මෙහි ඉතා අවදානම් ඉතා අවදානම් අවසානයේ අපේ මාතෘභූමියේ වත් අපිට වැළලෙන්න ඉඩ දෙන්න අපි අපේ රට වෙනුවෙන් අවුරුදු ගණනාවක් විදේශගත වෙලා සේවය කරා ඒ මව් භූමිය උන්නතිය වෙනුවෙන් ඔබතුමාගේ මෙහෙවර අපි ඉතා ගෞරව පූර්වකව ආඩම්බර වෙනවා කටාර් වල අපි

    • 77 UNP says:

      මෙතන තියෙන්නේ නායකයාගේ වැරද්දක නෙමේ. ඔහු ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල ඉතා කෙටි කාලීන බල ලෝභී දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වීම තමයි. මම යුන්පී එකේ වැරදි නැහැ කියනවා නෙමේ නමුත් අවංකව රනිල් මහත්තයා හෝ සජිත් මහත්තයා හිටියා නම් අනිවාර්යෙන් ඔය කව්රුවත් අනාත නොකර ඉක්මනින්ම ගෙන්න ගන්නවා. දැන් ඔබලා විදින දුක වත් ඔබලා මේ රට වෙනුවෙන් හම්බු කරලා එවපු දේවල් වත් වැඩක් නැහැ මේ රජයට. වැදගත්ම චන්දය තමා. ඔබලා මෙහෙ ගෙනාවොත් තව මාස 06 කාටවත් චන්දෙ තියන්න බැහැ . ඔබ සියලු දෙනා ඔය ඉන්න රටවල් වලම මැරිලා වැළලිලා ගියත් චන්දෙ ඉවරවෙනකම් මෙහෙ ගෙන්න ගන්න එක බොරු තමයි මහත්තයෝ. තිත්ත උනත් ඔන්න ඕක තමයි ඇත්ත කතාව.

  8. නෙවිල් says:

    අනිවාර්යයෙන් මෙයද කිව යුතුයි ..ආන්ඩුවට පැවැත්මක් ඕනෙනම්, පොහොට්ටුව බලයට එන්න ඕනෙනම් අද ඉදන්ම විදේස් ගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වා ගන්න ..නැත්නම් සොරි තමයි, ගෝඨාභය නොවෙයි කවුරු උනත් අපිට විරුද්ධ වන්න වෙනවා

  9. Don sarath says:

    How many Sri Lankans died in UK and italy. Same third class treatment.

  10. Saradiel says:

    මින් ඉදිරියට වැඩි පිරිසක් ශ්‍රී ලාන්කිකයන් ඉන්න රටවල සෞඛ්‍ය සේවා ක්‍රමයක් රජය විසින් පවත්වාගෙන යා යුතුය එයට එම රටවල් අනුමැතිය ලබා දිය යුතුය. එවිට මෙම තත්වය පහාකරගැනීමට පුලුවන. ඇමෙරිකාව මෙය දැනට කරගන යනවා.

  11. david milibanda says:

    “ලංකාවේදී මිය ගියාට වඩා වැඩි පිරිසක් ලාංකිකයන් England wala කොරෝනාවෙන් මිය යයි..
    Middle East / Dubai is rich with first world economy.
    People should not be suffering or dying there.