මැදමුලන නම ඇහෙනකොටත් බයයි.. අවුරැදු 20-25ක් මහින්ද තියාගන්න අපේ මිනිස්සු අවාසනාවන්ත වුනේ නෑ..

October 7, 2016 at 6:48 pm | lanka C news
මැදමුලන නම ඇහෙනකොටත් බයයි.. අවුරැදු 20-25ක් මහින්ද තියාගන්න අපේ මිනිස්සු අවාසනාවන්ත වුනේ නෑ..

මැදමුලන නම කියද්දීත් පොඩි බයක් දැනෙන බව ඇමති නවීන් දිසානායක මහතා හම්බන්තොටදී පැවති උත්සවයක් අමතමින් කියා සිටියේය

‘මැදමුලන නම ඇහෙනකොටම පොඩි බයක් හිතෙනවා. මුළු රටම දන්න නමක් කමයි මැදමුලන කියන්නේ.

මහින්ද මැතිතුමා ඉහළම තැනට ගියා. විශාල සේවයක් කළා. යුද්ධය නිමා කළා. අපි කවුරුත් නෑ කියන්නේ නැහැ. ඒත් යන්න තියෙන වෙලාවේ යන්න ඕනේ.

සමහර රටවල නායකයෝ අවුරුදු 20-25 හිටියත් අන්තිමට අවසන් වෙන්නේ ලේ වැගිරීම් කැලඹිලිවලින්. අපේ රටේ ජනතාව එච්චර අවාසනාවන්ත නැහැ’

126 views
Main News