‘මැනිං වෙලදපල මගේ වැඩක්.. ඒක හැදුවෙ මං..’ විරෝධතාවයට පැන කෑගසූ චම්පිකට හූ තියා පන්නා දමයි..

December 8, 2020 at 11:20 am | lanka C news
‘මැනිං වෙලදපල මගේ වැඩක්.. ඒක හැදුවෙ මං..’ විරෝධතාවයට පැන කෑගසූ චම්පිකට හූ තියා පන්නා දමයි..

පෑලියගොඩ ප්‍රදේශයේ අළුතින් ස්ථාපිත කර තිබෙන මැනිං වෙළෙඳ පොලේ කඩ කාමර ලබා දීමේදී අසාධාරණයක් සිදුවන බව පවසමින් එහි වෙළඳුන් ඊයේ දිනයේ සිදුකළ විරෝධතාවට හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා පැමිණීමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති විය.

අදාල වෙළඳපොලේ කඩ කාමර කුසපත් ඇදීමකින් වෙළඳුන්ට ලබාදීමට තීරණය කර තිබුණ ද ඔවුන් සඳහන් කරන්නේ සංගමය සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇති බවයි.

ඒ නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව පවසමින් එම වෙළඳුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ දී විරෝධතාවයක නිරතවිය.

චම්පික රණවක මහතා එම අවස්ථාවේ විරෝධතාවය අසලට පැමිණීමත් සමග වෙළඳුන් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් ඔහුට විරෝධය පළ කරන ලදී.

රණවක මහතා එහිදී කියා සිටියේ එම වෙළෙඳ මධ්‍යස්ථානය ඉදි කළේ තමන් විසින් බවයි.

වෙලදුන්ගේ දැඩි විරෝධය මැද උණුසුම් වචන හුවමාරුවකින් පසු හිටපු ඇමතිවරයා හූ හඬ මැද එම ස්ථානයෙන් පිටව ගියේය.

55,172 views

27 Comments to “‘මැනිං වෙලදපල මගේ වැඩක්.. ඒක හැදුවෙ මං..’ විරෝධතාවයට පැන කෑගසූ චම්පිකට හූ තියා පන්නා දමයි..”

  1. ex hadaya says:

    HUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUuu

    GOOOO gahanna thibune ballata…..

  2. REAL MAN says:

    Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuu Jadaya………………………Deserve this……Balla

  3. Osmand says:

    කාලකණ්ණි වසලයා.

  4. Osmand says:

    අවස්ථාවාදී දේශපාලයේ පලමු වැන්නා. මුං හිතන්නේ ජනතා පෙර පරිදි ඇන්දවීමට පහසුයි කියා. දුටුතැන අසූචි ගැසිය යුතු පුද්ගලයෙක්. වසලයෙක්.

  5. RED BULL says:

    ඇති ඔයින් ගියා,තව ටිකක් උන්න නම් චම්පකයට ඉතුරු වෙන්නෙ චම් විතරයි.අනික් කෑල්ල මැනිං මාකට් එකේ.මෝඩ මූසල මී හරක​.

  6. ක්‍රිමිනල් says:

    ඇත්තටම මේක හැදුවෙ චම්පික​.එහි ගෞරවය ඔහුට ලැබිය යුතුයි.

    • kamal says:

      ඔවි ඉතිං දවසට 1400 උඹට ගෙවන හාමිපුතානේ. උගේ වහළා ඌට බැළකමි නොකර වෙන කාට කරන්ටද,මඑං පචයට ගොඩක් වියදමි ඇතිේද මෙික හදලා

    • kamal says:

      කවුරු හැදුවත් ගවුරවය යන්න ඕනේ ජනාදිපතිතුමාට. එතුමා නැත්නම් මුකුත් නෑ

    • ක්‍රිමිනල් says:

      කටින් බ්තල කොල හිටවන මිනීමරු BDSM මෙගා පොලිශ් පොටෝශොප් පච රනවක ගල් අඟුරු සුදා කම්බ හොරා.. ක්‍රෑහ් තුහ්..

    • ක්‍රිමිනල් හෙලුවෙන් says:

      උබට මංගලයා 1600 යි චම්පකයා 400 යි ද ගෙවන්නෙ? උබ සයිඩ් එකෙන් bdsm කරනවද? ඒකද උබට ඔයවගේ ගෙවන්නෙ?

    • sahan says:

      BOOTHAL bassanta ministariyak hadala dunna nam me sallaala cham PAKAYA. danatama aanduwe.

    • Hesh says:

      ලැජ්ජා නැද්ද ඕයි 2013 පටන් ගත්ත එකක් මූට දෙන්න. මූ මුකුත්ම කරේ නෑ කියන එක නේද ඒකෙන් හිතෙන්නේ.

  7. SS says:

    Sakkili Adu kule ballek meka….

Main News