මැයි රැළියක වැඩිම සෙනග වාර්තා කලේ ගිය වසරේ ගාල්ලේදී ශ‍්‍රීලනිපයයි.. මෙවර ගැටඹේ පිටියේදී ඒ වාර්තාව කඩනවා..- අමරවීර

April 5, 2017 at 3:00 pm | lanka C news
මැයි රැළියක වැඩිම සෙනග වාර්තා කලේ ගිය වසරේ ගාල්ලේදී ශ‍්‍රීලනිපයයි.. මෙවර ගැටඹේ පිටියේදී ඒ වාර්තාව කඩනවා..- අමරවීර

ලංකා ඉතිහාසයේ මැයි රැළියකට වැඩිම සෙනග පැමිණි ඇත්තේ පසුගිය 2016 වසරේදී ගාල්ලේදී පැවති ශ‍්‍රීලනිප මැයි රැළියට බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

නමුත් එම වාර්තාව මෙවර ගැටඹේ ක‍්‍රීඩා පිටියේදී පවත්වන ශ‍්‍රීලනිප මැයි රැළියෙන් කඩා දමා අලූත් වාර්තාවක් පිහිටුවන බවද ඔහු සදහන් කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ ශ‍්‍රීලනිප මැයි රැළිය ගැන දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාද්‍ය හමුවේදීය.

පසුගිය වසරේ ශ‍්‍රීලනිප මැයි රැළිය පැවැත්වුවේ ගාල්ලේ සමනල ක‍්‍රීඩාංගණයට පිටුපා ඉදි කරන ලද වේදිකාවක වන අතර පිරිස රැස්කර තිබුනේ ගාල්ල ප‍්‍රධාන බස් නැවතුම්පලටයි.

41 views