මැයි රැළියට ලක්‍ෂ ගණනක් පුරවන්න අපි ගෝල්ෆේස් ඉල්ලූවා.. ආණ්ඩුව දෙන්න බයවුනා.. ‘හා’ද..-ජවිපෙ

April 4, 2017 at 10:40 am | lanka C news
මැයි රැළියට ලක්‍ෂ ගණනක් පුරවන්න අපි ගෝල්ෆේස් ඉල්ලූවා.. ආණ්ඩුව දෙන්න බයවුනා.. ‘හා’ද..-ජවිපෙ

මැයි රැළිය පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණට ගාලූමුවදොර පිටිය දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලූවත් එය ලබා දීමට ආණ්ඩුව බිය වූ බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිහාල් ගලප්පත්ති මහතා පවසයි.

මෙවර මැයි දිනය වෙනුවෙන් පාක්‍ෂිකයින් ලක්‍ෂ ගණනක් ගෙන්වීමට සැලසුමක් තිබූ බවත් ඒ සදහා ගාළු මුවදොර පිටිය ඉල්ලූවත් ආණ්ඩුව එය ලබා දීමට බිය වූ බව පවසන ඔහු ජවිපෙ ශක්තිය රට දැනගන්නවාට ආන්ඩුව බිය බවද සදහන් කරයි.

කෙසේ වෙතත් ඒකාබද්ද විපක්‍ෂයට ගාළු මුවදොර පිටිය ලබා දී ඇත්තේ ආණ්ඩුව සමග පවතින ඞීල් එකක ප‍්‍රතිඵලයක් ලෙස බවද ඔහු මේ බව රටේ ජනතාව දන්නා බවද සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා එසේ කියූවද ගිය මහ මැතිවරණයේදී ජවිටප මුළු රටෙන්ම ඡුන්ද ලැබුනේ ලක්‍ෂ පහකට මදක් වැඩි ගණනකි.

34 views
Main News