මැයි 11ද පාසැල් විවෘත කරන්න තීරණයක් නෑ..

April 19, 2020 at 8:40 am | lanka C news
මැයි 11ද පාසැල් විවෘත කරන්න තීරණයක් නෑ..

එළඹෙන මැයි 11 වැනි දින රටපුරා පාසල් විවෘත කිරීම ගැන නිශ්චිත තීරණයකට එළඹිය නොහැකි බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අංශවල පූර්ණ අනුමැතිය මත එම කටයුත්ත ගැන තීන්දුවක් ගන්නා බව ද ඔහු පැවසීය.

මේ අතර රටපුරා ඇදිරි නීති ලිහිල් කිරීමෙන් පසු පවත්වාගෙන යා යුතු තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වෙන්නේ පාසල් සහ විශ්වවිද්‍යාලය ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

30,043 Viewers

3 Comments to “මැයි 11ද පාසැල් විවෘත කරන්න තීරණයක් නෑ..”

  1. Knockout says:

    මෙවැනි තීරණාත්මක මොහොතක ක්ෂේත්‍ර ගණනක් පිලිබදව ආදාල ක්ෂේත්‍රවල ප්‍රධානීන් සමග තත්වය සාකච්ඡා කර සමාලෝචනයෙන් හා තක්සේරැවකින් පසු රාජ්‍යය නායකයා (හෝ අගමැති) විසින් තම අත්සන යෙදූ ප්‍රකාශයකින්,රටේ වත්මන් තත්වය මැතිවරණයකට යා හැකි මට්ටමක ඇත්ද යන වග ජාතිය හමුවේ නිවේදනය කල යුතුය.
    පසුගිය දා Lockdown තත්වය මැයි 03 තෙක් දීර්ඝ කරන තීරණාත්මක ප්‍රකාශය, ඉන්දීය අගමැති මෝදි වැදගත් කොන්ද පණඇති නායකයෙක් ලෙස තමාම කලා.”රටට පාඩුවන බිලියන ට්‍රිලියන වලට වඩා වැදගත් අති උතුම් දේ ජීවිත” බවත් මෝදි පැවසුවා.
    රාජ්‍ය නායකයාගේ නිල ප්‍රකාශයෙන් පසු මැ.කොමිසමට දින නියම කිරීමට අවශ්‍ය පසුබිම සැකසෙනු ඇත.

    • Araliya says:

      Pita rata minihek kaloth oona deyak hari. Ethakota indiyawe minisun thama daruwa regena payin thama gambim kara giya a kara dekke nethida? Thamange rate adhika daridrathawayen Pelena minisun gena ahara getaluwak novisandamin e kawara LOCK DOWN kireemath modige weda gath theeranayak da? 🤔

  2. ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රෙල්ඛණයේ පාසල්, විශ්ව විද්‍යාල පමණක් නොව තෘතියික අධ්‍යාපන (කාර්මික අධ්‍යාපනය) ආයතන ආරම්භ කරන දිනයද පසුව දැනුම් දෙන බව සදහන් කර ඇත.

Main News