මැරිලා කියූ අයෙකුට මීගමුව රෝහල් මෝචරියේදී පණ එයි…

April 10, 2021 at 11:20 am | lanka C news
මැරිලා කියූ අයෙකුට මීගමුව රෝහල් මෝචරියේදී පණ එයි…

ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක් මීගමුව දිස්ත්‍රික් රෝහලෙන් වාර්තා වෙයි.

මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ මීගමුවේ පදිංචි 40 හැවිරිදි ධීවර කාර්මිකයෙකි.

මෙම පුද්ගලයා බරපතල රෝගී තත්ත්වයෙන් ( 09) මීගමුව මහරෝහලට ඇතුළු කිරීමට ඥාතීන් කටයුතු කර තිබිණි.

එහිදී රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා ඔහු පරීක්ෂා කාරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි නිර්දේශ කර මෘත ශරීරාගාරයට යොමු කර ඒ පිළිබඳව රෝහල් පොලීසියට දැනුම් දී තිබේ.

අනතුරුව ඥාතීන්ද එම ස්ථානයට පැමිණ සිරුර අල්ලමින් හැඩීමේදී එක්වරම සිහි පැමිණ ඇති රෝගියා අත ඔසවා තමා මිය ගොස් නැති බවට තහවුරු කර තිබේ.

එහිදී අසල සිටි රෝහල් සේවකයින් කඩිනමින් ඔහු යළි වැඩිදිර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවට යොමු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.

එම පුද්ගලයාගේ රුධිරයේ සීනී මට්ටම අඩුවී කෝමා තත්තවයට පත්ව පත්ව සිටි ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වෛද්‍යවරු පවසා තිබේ .

රෝගීයා පරීක්ෂා කර ඔහු මිය ගිය බවට තහවුරු කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට කටයුතු කරන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

– lankadeepa

25,426 views

6 Comments to “මැරිලා කියූ අයෙකුට මීගමුව රෝහල් මෝචරියේදී පණ එයි…”

  1. Ravana parapura says:

    ජනතාව නැවත අපේ පැරණි හෙළ වෙදකම්ට යා යුතුයි. රැවටුනා හොදටම ඇති.

    • SUHADA MAWATHE-BOC-GU-කෙසෙල් චමාරා මල්ලී says:

      Ape podi dorteee (mage neme kalu massinage) doctor kenek karanawa USA arala.

      Pinata bonda tiyenawadooooooooooooooooo

  2. 18 කනුව says:

    ඇයි ඕයි පටස්ගාලා PCR කරලා පොසිටිව් කියල ආදාහනය නොකළේ. එහෙම කලානම් වෛද්‍යවරයා ගොඩ. ලෙඩා මලත් මොකද?

  3. MD says:

    නැදෑයෝ ටික දොස්තර මහත්තයාගේ පන ඉතිරකර පැමිණීම සතුටක්.

  4. බූරු පුතාණෝ සජියා says:

    මෙච්චර දියුණු උපකරණ තියෙන ලෝකයේ මිනිහෙක් මැරිලද නැද්ද කියල දොස්තර ට සොයාගන්න බැරි වෙන්න නම් මෑන් වෙරිමරගාතෙ ඉන්න ඕනැ.

  5. Manga says:

    දොස්තරව australia එවන්න උදව් කරන්න

Main News