මැර කණ්ඩායමක් කඩා පැන නාමයෝජනා පත‍්‍රය පැහැරගෙන යති…

December 18, 2017 at 10:40 am | lanka C news
මැර කණ්ඩායමක් කඩා පැන නාමයෝජනා පත‍්‍රය පැහැරගෙන යති…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සදහා හොරණ ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ නාම යෝජනා පත‍්‍රය කිසියම් පිරිසක් පැමිණ පැහැරගෙන ගොස් ඇත.

පොකුණුවිට පිහිටි පළාත් සභා මන්ත‍්‍රී අර්නි කිතුල්ගොඩ මහතාගේ නිවසට ඊයේ රාත‍්‍රියේ මෝටර් රියකින් පැමිණ ඇති තිදෙනෙකුගෙන් යුතු පිරිසක් මෙම නාමයෝජනා පත‍්‍රය පැහැරගෙන ගොස් තිබේ.

මෙම පිරිස මන්ත‍්‍රීවරයාගේ බෙල්ලෙන් අල්ලා ඔහුට පහර දීමට උත්සාහ කර නාම යෝජන හා අනෙකුත් ලේඛන පැහැරගෙන ගොස් ඇති බව පොලීසියට කර ඇති පැමිණිල්ලේ දැක්වෙයි.

මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත්තේ පැහැර ගැනීම කල පුද්ගලයන් තමන් හදුනාගත් බවයි.

27 views

One Comment to “මැර කණ්ඩායමක් කඩා පැන නාමයෝජනා පත‍්‍රය පැහැරගෙන යති…”

  1. Rohitha says:

    srilanipa aethule namayojana porayak wenta onae. gilena naevata nagintath porakana un inne ratak ape lankawa.

Main News