මැර කණ්ඩායමක් වටකොට සභාපතිට පහර දේ…

December 9, 2021 at 3:00 pm | lanka C news
මැර කණ්ඩායමක් වටකොට සභාපතිට පහර දේ…

නාදුනන මැර කණ්ඩායමක් විසින් තමන්ට පහර දුන් බව ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා විසින් වැලිවේරිය පොලීසියට පැමිණිලි කර තිබේ.

ඉකුත් 7 වනදා රාත්‍රියේ බැලුම්මහර තම නිවස අසල දී මෙම ප්‍රහාරය එල්ල වූ බව ද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ප්‍රහාරය හේතුවෙන් තමන්ගේ ගෙල ප්‍රදේශයට හානි වීමක් සහ දණහිස් වලට තුවාල වී ඇතැයි ද පැමිණිලිකරැ කියා සිටී.

පහරදීමට පැමිණි පිරිස හා ජීප් රථයේ අංකය පොලිසියට භාරදී ඇති අතර එම ජීප් පසුව පොලීසියෙන් සොයාගෙන තිබේ.

පොලිසිය සිදුවීම ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

16,703 views

5 Comments to “මැර කණ්ඩායමක් වටකොට සභාපතිට පහර දේ…”

  1. සුදු කෙස් ඇති පිස්සු වඳුරා says:

    අනිවාර්යයෙන් මේක prasanna රණතුංග ge වැඩක් …ගම්පහ සේරම මැරකම් ,jadakam උගේ …

    • Sakwithi says:

      වෙන්න බෑ මූ ගම්පහ ලොකුම කුපාඩි මැරයා සරණ ගේ එකෙක්…

  2. සවාධීන says:

    ආ…මොකක් හරි බලු වැඩක් කරන්න ඇති. නිකං මිනිස්සු නෙලන්නේ නැහැ නේ. කනට කරලා අහපල්ලා දෑන් ෂෑපද කියල…!

  3. LalithM says:

    තමන්ට මිස පලාතට සේවයක් නම් නැත.ඒ වුනාට අපේ සභාවේ සභාපති.ගහපු එක වැරදියි.

  4. අබරං ආතා says:

    මැර කන්ඩායම සොයාගත් පොලීසිය , නඩුවක් ෆයිල් කරන ලදී. ඉතා සූක්ෂම ලෙස නඩුව, නඩු වාර 17ක් , වසර 11ක් පුරා විභාග කිරීමෙන් පසු , චූදිතයන්ට අත්හිහිටවූ සිර දඩුවමි පමුනුවා ඇත.
    අනාගත අනාවැකි!

Main News