මැර රැලක් පැන පුත්තලමේ හෝටලයක් කුඩු පට්ටම් කරයි.. ඇමති රංගෙ බණ්ඩාරත් ගැවේ.. [CCTV Video]

August 19, 2018 at 11:08 pm | lanka C news
මැර රැලක් පැන පුත්තලමේ හෝටලයක් කුඩු පට්ටම් කරයි.. ඇමති රංගෙ බණ්ඩාරත් ගැවේ.. [CCTV Video]

ඊයේ රාත‍්‍රියේ පුත්ලම ආණමඩුව, ආඬිගම ප්‍රදේශයේ හෝටලයකට පිරිසක් කඩු පොලු සමගින් කඩා වැදී පහර දී දැඩි අලාභයක් සිදු කර ඇත.

හෝටල් හිමිකරුවා පවසන්නේ එම පිරිස පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයා සමග සම්බන්ධතා ඇති අය යයි පැවසූ බවයි.

මෙහිදී තමනට සිදුවූ පාඩුව රුපියල් ලක්‍ෂ 25කත් පමණ වන බවත් ඔහු සදහන් කරයි.

කලක් තිස්සේ තම හෝටලයෙන් ණයට ආහාර ලබාගත් මුදල් ඉල්ලූ පසු රාත‍්‍රියේ පැමිණ මෙම පිරිස පහර දුන් බවත් සිවු දෙනෙකු ප‍්‍රහාරය සදහා පැමිණි බවත් ඔහු කියා සිටී.

මේ සම්බන්දයෙන් එල්ල වන චෝදනා රාජ්‍ය ඇමති රංගෙ බණ්ඩාර ප‍්‍රතික්‍ෂෙප කරයි.

මෙම පහර දීම සිදුවන ආකාරය හෝටලයේ සවිකර තිබූ කැමරාවේ සටහන් වී ඇත.

27 views

7 Comments to “මැර රැලක් පැන පුත්තලමේ හෝටලයක් කුඩු පට්ටම් කරයි.. ඇමති රංගෙ බණ්ඩාරත් ගැවේ.. [CCTV Video]”

  1. gamarala says:

    යහපාලනයේ යහපත් ප්‍රතිපල ලැජ්ජයි

    • sithmal says:

      මචO අපි පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයා සමග සම්බන්ධතා ඇති අය. එහෙම කියල ගිහිලල කියහOකෝ..

  2. John the baptice says:

    යහපාලනයේ ප්‍රතිපල දැන් දැන් රටටම දැනෙන්නට පටන්ගෙන ඇත. ශ්‍රී ලංකාව නම් වූ මෙරටට, අඩුව තිබූ එකම දේ, මැරකම් හොරකම්

  3. charles says:

    People should understand by now there is no much difference between last govt and current govt.Only main difference is, there was no chance of LTTE and development of infrastructure in the last govt.

  4. මාල රෝහිත says:

    වොඩ්කා බෝතලයේ තිබුනේ වතුරයයි කිව්වෙ මේ ඇමතියා නේද?

  5. desta says:

    kattiya watura bilada awilla tiyenne ? kapu salli wath gewanna beri kalakanni rangeya ge asuchi kanna tibunane nethnam range kanna denawa oi higannanta

  6. මුළු ආණමඩුවටම විණකරන, දේශපාලනයට එද්දී අතේ සතයක්වත් නොතිබුන දැන් කෝටිපතියෙකු බවට පත්වී සිටින, ආණමඩුවේ දුප්පත් ජනතාවගේ රීරී මාංශ උරාබොන මේ මැරයාට ඊළඟ මැතිවරණයේදී ආණමඩුවේ දුප්පත් ජනතාව හොඳ පාඩමක් උගන්වනවා නිසැකයි. මූ මේ අහිංසක ජනතාවට කරන අපරාධ වලට මුගේ මුළු හත්මුතු පරම්පරාවටම සාපවෙනවා.යහපාලනේ යටතේ දේශපාලන හයියක් නැතිව මේ වගේ අපරාධ කරන්න පුළුවන්ද කියලා යහපාලනේ යහපාලනේ කියලා නිතරම මතුරන මහත්වරැන්ගෙන් දැනගන්න කැමතියි.පත්තරේ බලන විටදි හෝ මේ අපරාධ දකිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.