මැලේරියා මර්දනයට වෑන් රථ බෙදයි..
April 27, 2017 at 8:02 am | lanka C news
මැලේරියා මර්දන ව්‍යාපාරය සදහා වෑන් රථ ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදූ කෙරිනි.
බදූල්ල, මොණරාගල, කල්මුණේ, කිලිනොචිචිය, මුලතිවි සහ කුරුණෑගල යන ප්‍රදේශ සදහා වෑන් රථ 06 ක් බෙදා දෙන ලදි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් රුක්මණී ගුණතිලක මහත්මිය, අතිරේක ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂවරුන් සහ මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
මැලේරියා? WHO එක කිව්වේ ගිය අවුරුද්දෙනේ, ලංකාවෙන් සම්පූරනයෙන් මැලේරියා තුරන් වෙලා කියලා. ගිය ශත වර්ෂෙ නම් ලංකාවේ මැලේරියා තිබුනා.
ලෝකේ හොඳම සෞඛ්‍ය ඇමති ඉන්නේ ලංකාවේ කිව්වා නේද? බලාගෙන දැන් වැරදීමක් කියලා title එක ආයේ ඉල්ලයි.