මැ.කො.ගේ රාජකාරිය ස්වාධීන සාධාරණ මැතිවරණ පැවත්වීමයි.. එසේ කිරීමට විශේෂ සුදුසුකම් ඇති අයකු පත් කිරිමට නව නීති ගෙනා යුතුය..- ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය
July 5, 2017 at 5:30 pm | lanka C news
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුවක් දෙමින් පැවසුවේ මැතිවරණ කොමසාරිස් පත් කිරිමේදී ඔහුගේ රාජකාරිය සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය සුදුසුකම් එම පුද්ගලයාට තිබේදැයි නිසියාකාරව සොයා බලා එම තනතුරට පත් කිරීමට අවශ්‍ය සුදුසුකම් නීතිගත කල යුතු යයි යන්න යයි “ටෛම්ස් ඔෆ් ඉන්ඩිය” වෙබ් අඩවිය මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා කලේය
රටක ස්වාධීන හා සාධාරණ මැතිවරණ පැවත්වීම මැතිවරණ කොමසාරිස්ගේ රාජකාරිය වන අතර ඒ සඳහා තම රාජකාරිය කිරීමට සුදුසුකම් සහිත පුද්ගලයකු පත්කිරීමට අවශ්‍ය සුදුසුකම් ඇතුලත් කිරීමට අවශ්‍ය නීති පාර්ලිමේන්තුවේ සම්පාදනය කල යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලේය.
මේ අනුව බලන කල ලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇතත් එහි සබාපති ගේ සුදුසුකම් සම්බන්ධව සඳහන් කොට ඇත්තේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ලෙස හෝ ඊට ඉහළ තනතුරක රාජකාරි කල මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධාරියෙකු විය යුතුය යන්න ය.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් පුද්ගලයකු හැරෙන්නට ස්වාධීන හා සාධාරණ මැතිවරණ පැවත්වීමට ඇති කැපවීම මෙන්ම වගකීම සහිත විශ්‍රාම නොගිය වෙනත් රාජ්‍ය නිලධාරියෙකුට ශ්‍රී ලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති වීමට අවශ්‍ය නීති මෙතෙක් සම්පාදනය කොට නොමැත.