මැ.කො. මඩ ප්‍රහාර වලකන මුවාවෙන් සමාජජාල මර්ධනයට සූදානමක්..
August 14, 2019 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ජනාධිපති අපේක්ෂකයන්ට එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීමේ මුවාවෙන් මැකෝ සමාජ මාධ්‍ය අඩවි මර්ධනයට පිබුරුපත් සකසනවාද ?
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට ෆේස්බුක්,ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය හරහා එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීම සදහා නීතිමය හා අනෙකුත් ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිදුකල ප්‍රකාශය ‘මඩ ප්‍රහාර’ මුවාවෙන් සමාජ මාධ්‍ය වාරණය සිදුකිරීමක් සදහා පිබුරුපත් සැකසීමක්දැයි සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිශීලකයන් අතර හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වන අප වෙත සැක මතුව තිබෙ.
විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා විසින් ‘මඩ ප්‍රහාර’ යනුවෙන් සදහන් වන්නේ කුමක්ද යන්න සදහා නිශ්චිත නිර්වචනයක් ඉදිපත්කොට නැති අතර එමහෙයින් මෙය යොදාගනිමින් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි පරිශීලකයන්ට නිදහස් භාෂණයට සමාජ මාධ්‍ය තුල ඇති නිදහස ඇහිරීමක් සිදුවනු ඇත.
සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල සැරිසරන අසත්‍ය තොරතුරු නියාමනයට ඒ ඒ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට අනුකුල ප්රමිතීන් පවතින අතර එම ප්‍රමිත වලින් ආවරණය නොවන දෑ තිබේනම් ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග අගතියට පත් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට ලබාගතහැකිය.
මේ නිසා සමාජ මාධ්‍ය වෙබ් අඩි තුල ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් හුවමාරුවන වන මඩ ප්‍රහාර වැළැක්වීමට මැතිවරණ කොමසාරිස් ක්‍රියාකිරීමට අවශ්‍ය නොවන බව බව අප සංගමය එතුමන්ට දැනුම්දීමට කැමැත්තෙමු.
ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේදී පැනනැගිය හැකි තාක්ෂණික ගැටළු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට අදාළ ප්‍රයෝගික තාක්ෂණික දැනුම හා උපදේශන සේවා ලබාගැනීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අපේක්ෂා කරන්නේ නම් අප සංගමය ස්වාධින සංවිධානයක් ලෙස එම සේවාවන් මැතිවරණ කොමිසම වෙත ලබාදීමට සැදී පැහැදී සිටින බව එතුමන්ට වගකීමෙන් අවධාරණය කරන්නෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
MACO RANILTA KADE YANNE REDDAKIN OLUWA WAHAGENA BAWA API KATATH DAN WATAHENAWA.CHI….CHI….CHI…MACO
Mako mada kaagena mewa karanne ?
Mako Deshapriya lo-ka gaduwek……………. Works on the advice of an European adviser Sunanda Deshapriya.
මඩ ප්‍රචාර……මේ දිනවල භාවිතා වන ඇතැම් වදන් නම් අසික්කිත යි. තමන්ගේ මව් පියන් හෝ සහෝදර සහෝදරියන් මොවුන් ගැන මොනවා හිතනවා ඇත්ද ?
එසේ නම් කාර්ටුන් වලින් අපි වැඩේ දෙමු