මිතුරන් දෙදෙනෙකු පහරදී ගැනීමෙන් එක් අයෙකු මරුට…

December 5, 2021 at 6:26 am | lanka C news
මිතුරන් දෙදෙනෙකු පහරදී ගැනීමෙන් එක් අයෙකු මරුට…

මෙලෙස පහරදීගෙන ඇත්තේ 30 වනදා සවස වන අතර එහිදී මිතුරන් දෙදෙනෙකු විසින් කිසියම් හේතුවක් නිසා මියගිය මිතුරාගේ නිවසට පැමිණි අනෙක් තරුණයා සමග  සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතරුව මුගරකින් සිදුකල පහරදීමකින් මෙලෙස එක් අයෙකු මිය ගොස් ඇතැයිද පොලිසිය පැවසීය.

පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ එක් මිතුරෙකු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දින මෙලෙස මිය ගොස් ඇත.

එලෙස පහරදීමෙන් මියගොස් ඇත්තේ කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු වූ රාමයියා රාමජෙයම් නමැති අයකු බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය ශික්ෂණ රෝහලේ සිදුකිරීමට නියමිතව ඇති අතර පහරදීම සිදුකල අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද ධර්මපුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,250 views

2 Comments to “මිතුරන් දෙදෙනෙකු පහරදී ගැනීමෙන් එක් අයෙකු මරුට…”

  1. Somapala says:

    හාහ් හඃ හාහ් ස ෆේල්

  2. David Milli-banda says:

    This is retribution

Main News