මිනින්දෝරු දෙපාර්තමේන්තුව අහෝසියි.. සියළු මැනුම් ඇමරිකා සමාගමකට දෙන කැබිනට් යෝජනාව එයි..
March 22, 2017 at 3:17 am | lanka C news
රජයේ මිනින්දොරු දෙපාර්තමේන්තුව අහෝසි කර දමා එයින් සිදු කරනු ලැබු සියළු මැනුම් කටයුතු ඇමරිකානු සමාගමකට ලබා දීමට සකස් කරන ලද කැබිනට් පත්‍රිකාව ඉඩම් අමාත්‍යාංශයේ අනුමැතියට එවා ඇති බව මිනින්දෝරු සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.පී.බී. උදුගොඩ මහතා පෙන්වා දෙන්නේ මෙය ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බවයි.
අදාල කැබිනට් පත්‍රිකාව සකස් කර ඇත්තේ රජයේ විශේෂ ආර්ථික කමිටුව විසින් වන අතර ඉන් රට පුරා ඇති ඉඩම් කට්ටි ලක්ෂ 40ක් බෙදා වෙන්කර පිඹුරු සැකසීමේ කටයුතු ‘ටිම්මර්’ නම් ඇමරිකානු සමාගමකට දීමට සැලසුම් කර ඇති බවද ඔහු සදහන් කරයි.