මිනිස්සුන්ට බඩු මිල නෙමෙයි ජීවිත බේර ගත එකයි වැදගත්.. ජනාධිපතිතුමා නිසයා හැමෝම පණ බේරගත්තේ..

October 20, 2021 at 10:40 am | lanka C news
මිනිස්සුන්ට බඩු මිල නෙමෙයි ජීවිත බේර ගත එකයි වැදගත්.. ජනාධිපතිතුමා නිසයා හැමෝම පණ බේරගත්තේ..

කොවිඩ් වසංගතය හමුවේ පාසල් වසා දැමීමෙන් අනතුරුව එහි පළමු අදියර යටතේ මේ මස 21 වනදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්විණි.

මෙහිදී සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව නැවත පාසල් ආරම්භ කිරීමට ඇති සූදානම හා දැනට පැනනැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කුරුණෑගල, ඉබ්බාගමුව, නිකවැරටිය, මහව, කුලියාපිටිය සහ ගිරිඋල්ල යන අධ්‍යාපන කලාප වල නිලධාරීන් වෙන වෙනම කැදවා අදාල පාසල් වල වත්මන් තත්වය පිළිබඳව තොරතුරු ලබා ගන්නා ලදී.

21වෙනි දින නැවත ආරම්භ කරන පාසල් සදහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී තින්දු තීරණ ගන්නා ලදී. දිස්ත්‍රික්කයේ ගැටලු ඇති පාසල් කීපයක් සදහා අවශ්‍ය කටයුතු කරගෙන යාමට උපාධිධාරි සංවර්ධන නිලධාරීන් යෙදවීමටද මෙහිදී යෝජනා කෙරිණ. තවද ආරක්ෂාව සම්බන්ධයෙන් 21වන දින ආරම්භ කරන සියලුම පාසල් සදහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් යෙදවීමට බලාපොරොත්තු වන බව සදහන් කෙරිණි.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් යොමු කල ප්‍රශ්න සදහා මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා.

21 වනදා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා

මම විශ්වාස කරනවා ගුරුවරුන් 21වනදාට පාසලට එයි කියලා. දරුවන්ට ආදරය කරන ගුරුවරු තමයි ලංකා ඉතිහාසයේ හැමදාම හිටියේ. ජනතා විමුක්ති පෙරමුණ පාසල් වහන්න කියලා කියපුවහම ජීවිත පරදුවට තියලා වැඩ කරපු ඉතිහාසයක් තියනවා මේ ගුරුවරුන්ට. ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට කිව්වා පාසල් වහන්න කියලා. විදුහල්පතිවරු වෙඩි තියලා මැරුවා. බෙලි කැපුවා. ඒ නිසා මම විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණේ හා අනෙක් වෘත්තිය සමිති කිව්වට බහුතරයක් ගුරුවරු 21වන දින පාසැල් ඒවි කියලා.

රාජකාරියට වාර්තා නොකරන අයට විනයානුකූල පියවර ගන්නවාද? යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා

ඒවා නීත්‍යානුකූලව පරිපාලනමය වශයෙන් සිදුවන දේවල්. වැඩට කවුරුන් හෝ ආවේ නැත්නම් ගැටලුවක් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. රජයෙන් පඩි ගන්නවා නම් වැඩට එන්න කියලා තියනවා නම් වැඩට එන්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්, ඒක ගුරුවරු නෙවෙයි ඕන කෙනෙක් රාජකාරියට ආවේ නැත්නම් වෙන දෙයක්. ඒකට ලේකම්ද ප්‍රාදේශිය ලේකම්ද කම්කරුවාද කියන තනතුරු අදාල වන්නේ නැහැ. ඒ අයට විරුද්ධව විනයානුකූලව පියවර ගන්නවා.

භාණ්ඩ මිල ඉහල යාම සම්බන්ධයෙන් සහ ඩීසල් හා පෙට්රල් මිල ඉහල යා හැකිදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා. අපි එක පිළිගන්න ඕන. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නය අපේ ජීවිත බේර ගන්නේ කොහොමද කියලා. එතකොට ඒ ව්‍යසනයට මුහුණදෙන කොට අපි මේ රටේ මිනිස්සු බඩගින්නේ තිබ්බේ නැහැ. එතකොට ඒ ගැටළුව හරහා තමයි අපිට යම් යම් ප්‍රශ්න වලට සීමා දාන්න වුණේ. සීමා දානකොට පෝලිං හැදෙනවා. එක අපි පිළිගන්නවා. එතකොට භාණ්ඩ හිඟ උනහම මිල වැඩි වෙනවා. ඒක අපි පිළිගන්න ඕනි දෙයක්. ඒක ඕනිම බුද්ධිමත් එක්කෙනෙක්ම දන්න තේරෙන එකක්. මිල එහෙම තමයි ඉහල යන්නේ. ඒ නිසා අපි දැක්කා කිරි පිටි, ගෑස් පෝලිම්. සීනි, හාල් ප්‍රශ්න ඇතිවුණා. ඒවා මේ ව්‍යසනයත් එක්ක ආව අර්බුද. මේවා තව සති කිහිපයකින් පහව යනවා. විපක්ෂය මේ හැම දෙයක්ම කරන්නේ අර්බුද ඇති කරන්න.

ඉදිරියේදී ඉන්ධන පෝලිම් ඇති විය හැකිදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

මම එහෙම කියන්නේ නැහැ. ඒ පෝලිම් ඇතිකෙරුවේ යූ.එන්.පී. එකේ වෘත්තීය සමිතියේ නිලධාරියෙක් කරපු දෙයක් නිසා. ඔහු කිව්වා අහවල් දවසේ තෙල් නැති වෙනවා කියලා. මිනිස්සු ගිහිල්ලා පෝලිම් වල හිටියා.තෙල් නැති වුණේ නැහැ නේ. මේ හැමදෙයක්ම කරන්නේ අර්බුද ඇති කරන්න. මේ කරන දේශපාලන ක්‍රියාකාරකම් වලින් දුක්විදින්නේ මේ රටේ අහිංසක ජනතාවයි. ඒ නිසා මේවා මේ රටේ ජනතාව දුකට පත් කරන්න විපක්ෂය විසින් කරන ප්‍රකාශ. මේකට අපි රජයක් හැටියට මුහුණ දෙනවා.

මේ වෙලාවේ මැතිවරණයකට ගොස් ආණ්ඩුවට ගමට යන්න පුලුවන් තත්ත්වයක සිටී දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

අපට නම් ගමට යන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ. හුගක් අය හිතාගෙන ඉන්නේ අපිට ගමට යන්න බැහැ කියලා. එහෙම තමයි හිතුවේ කොවිඩ් ප්‍රශ්නය ආපුවහමත්. කොවිඩ් ප්‍රශ්නය ආපුවහම කිව්වේ මැතිවරය තියන්න හම්බවෙන්නේ නැහැ. මැතිවරණය මීටරේ දුර තියලා තිබ්බොත් දවස් 3ක් යනවා මැතිවරණය තියන්න. අන්තිමට ජේ.ආර්. හදපු ක්‍රමයෙන් තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට හම්බවුණා. කවුරුහරි හිතනවා නම් අපිට ගමට යන්න බැහැ කියලා. ඒක හීනයක් විතරයි. ගමට යන්න ඕනි වුනහම ගමට ගිහින් අපි පෙන්නන්නම්. එක නිසා අපිට මැතිවරණ තිබිය යුතුයි. මිනිස්සු මැරෙනකොටත් කොවිඩ් තියෙනකොටත් මැතිවරණ තියපු රටක්. යහපාලන ආණ්ඩුව කලේ මැතිවරණ තියපු නැති එක. අවුරුදු එකහාමාරක් දෙකක් ප්‍රදේශීය සභා පොඩි ඡන්දයවත් තිබ්බේ නැහැ. ඉතින් ආණ්ඩුව ඔච්චර අප්‍රසාදයට පත්වෙලා නම් අපි මැතිවරණයක් ගැන කතා කරනවා නම් විපක්ෂය ඒ ගැන සතුටු වෙන්න ඕන. අපි ගමට ගිහිල්ලා ගම ජයග්‍රහණය කරලා පෙන්නන්නම්. ඡන්දය තිබිය යුතු වෙලාවට ඡන්දය තියන්න ඕනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ගමනක් ද යන්න හදන්නේ යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

ඒක ඒ අයගෙන් අහන්න ඕනි.

ඔබතුමාලට එයාලගේ සහය අවශ්‍ය නැද්ද යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

සහය අවශ්‍ය නැහැ කියලා අපි කියලා නැහැ. කාට හරි වෙනම යන්ඩ ඕන්නම් ඒක ඒගොල්ලො තමා තීන්දු කරන්න ඕන. අපිට තීන්දු කරන්න බැහැ නේ වෙන පක්ෂවල ඒවා. අපි ඉන්නේ වෙනම පක්ෂයක දැන්. එයාලගෙන් තමයි අහන්න ඕනේ වෙනම යනවද පැනලා යනවද කියලා. අපෙන් අහලා වැඩක් නැහැ ඒ ගැන.

ආණ්ඩුවට බැරි නම් දීලා යන්න කියලා, සෞභාග්‍යයේ දේශයක් කරනවා කියපු එක දැන් කසල දේශයක් කරන්නේ යැයි විපක්ෂ නායකවරයා කල ප්‍රකාශය පිළිබද මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

අපි කැලි කසල වලින් පිරිච්ච රටක් තමයි බාරගත්තේ. කුණු ටිකවත් ඇදගන්න බැරි ආණ්ඩුවක් තමයි පහුගිය යහපාලන ආණ්ඩුව. අපි ඇවිල්ලා පැය 48න් මේ රට අපි ලස්සන කළා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයත් එක්කම. කවුද කසල ගෙනාවේ කුණු ගෙනවා කියලා ප්‍රේමදාස මහත්තයාට අමතක වෙලා. අද එතුමාගේ මන්ත්‍රීවරුන්ම කියනවා එතුමා යන්න ඕනේ කියලා. කුඩේ තියාගන කුඩේ හකුලගෙන තෙමි තෙමී තමන්ගේ පක්ෂ නායකකමයි විපක්ෂ නායකකමයි බේරගන්න දගලනවා. මේවා දැක්කහම මට නම් පව් කියලත් හිතෙනවා.

භාණ්ඩ මිල මැතිවරණය ආසන්නයේ අඩු කරලා ජනතාවගේ ප්‍රසාදය ගන්නද ලෑස්ති වෙන්නේ යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

නැහැ. ජනතාවගෙන් අමුතුවෙන් ප්‍රසාදයක් ගන්න දෙයක් නැහැ. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේර ගත් එක හොඳටම ඇති. විපක්ෂය ගිහින් නොයෙක් දේවල් වල එල්ලුනාට මේ රටේ මිනිස්සුන්ට හොඳට කෙළෙහිගුණ තියෙනවා. භාණ්ඩ මිල නෙමෙයි මිනිසුන්ගේ ජීවිත බේර ගත එකයි ලොකුම දේ කියන්න මිනිස්සු දන්නවා. ඔබත් මමත් අද මේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිවැරදි තීන්දු තීරණ ගත්තු නිසා. නැත්නම් ඔබතුමාට මාව දකින්න නොලැබෙන්න හරි මට ඔබතුමාව දකින්න නොලැබෙන් හරි තිබුණා. ඒ නිසා මේවා ගැටළු නෙවෙයිත මේවා තාවකාලික දේවල්. පහුගිය ආණ්ඩුවට මහ බැංකුව හොරා කෑවා කියනවා වාගේ ගලවා ගන්න බැරි සීල් මේ ආණ්ඩුවට නැහැ. අපිට තියෙන්නේ මේ කොවිඩ් වසංගත හරහා ආපු ප්‍රශ්න විතරයි. අනිත් රටවල් දිහාත් බලන්න. එංගලන්තයේ තෙල් ටික බෙදාගන්න බැරි වුණා. ඒ නිසා අපිට තියෙන්නේ බොහොම තාවකාලික ප්‍රශ්න. මේවායින් ඉක්මනින් එළියට එන්න පුළුවන් වෙයි කියලා අපිට දැඩි විශ්වාසක් තියෙනවා. මේ සීමාවල් ඔක්කොම ඉවත් වෙලා රට සම්පූර්ණයෙන් ඉක්මනට විවෘත කරන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තියනවා.

පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් ගොවීන් උද්ඝෝශනය කරනවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

ගොවියන්ගේ ප්‍රශ්නය ඉතාමත්ම සංවේදීයි ප්‍රශ්නයක්. හැබැයි ගොවියෝ පස්සේ ඉන්න ඉන්නේ කවුද කියලා බලන්න ඕන. මේ ගොවිජන මධ්‍යස්ථාන ගිනිතියපු ජනතා විමුක්ති පෙරමුණ තමයි බොහෝ තැන්වල ඉන්නේ. ඒක පිටිපස්සේ යු.එන්.පි. එකත් සමගි ජන බලවේගයත් දුවනවා. ඒක තමයි ඇත්ත තත්ත්වේ. එකම විදිහට පඹයෝ හදලා එකම පෝස්ටර් එක අච්චු ගහලා දීලා මේ කරන ප්‍රශ්නයක්. ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා ගත්ත තීන්දුව එක්ක අපි හිටගෙන ඉන්නවා. අලුත් දෙයක් මේක. අනික ඔය පක්ෂ තුනේම තිබුණ ප්‍රතිපත්තියක් කාබනික පොහොර වලට යා යුතුයි කියන එක. වකුගඩු රෝගීන් මැරෙනවා. ඒ සදහා රෝහල් හදන්න ඕනි කියලා තමයි මේක පටන් ගත්තේ. දැන් පටන් ගත්තහම කියනවා පටන්ගත්තු ක්‍රමය වැරදියි කියලා විවිධ දේ කියනවා. මේ ප්‍රශ්න උලුප්පන්න ගොවියෝ මරාපු මිනිස්සු කියන එකත් අපි මතක් කරනවා.

මෙම සාකච්ඡාව සදහා වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගුණපාල රත්නසේකර මහතා ඇතුලු ප්‍රාදේශීය සභා සභාපතිවරු එක්ව සිටි අතර කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්.රත්නායක මහතා, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන්, පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සහභාගි වුහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

10,943 views

17 Comments to “මිනිස්සුන්ට බඩු මිල නෙමෙයි ජීවිත බේර ගත එකයි වැදගත්.. ජනාධිපතිතුමා නිසයා හැමෝම පණ බේරගත්තේ..”

  1. LalithM says:

    එතකොට ජීවිත් වෙන්නේ චීන අසූචි කාලද තොපි වගේ.

  2. ඇතුගල්පුර උකුස්සා says:

    ජොන්ස්ටන් කියන්නෙ අඩුමතරමින් අ:පො:ස (සාමාන්‍ය පෙළ) වත් සමත් නැති කටහැකරයෙක් පමණයි. අරක්කු නිෂ්පාදනය කරල මිනිස්සු විනාශකරන මෙවැනි හිස් පඹයින් පාර්ලිමේන්තුවට සුදුසු නෑ. ඔය විදියටම මූ UNP යෙ ඉන්නකාලෙත් රනිල්ව පිමිබුවා. පස්සෙ රනිල්ට කොකා පෙන්නුවා. යකෝ වයඹ ගොවීන්ට පොහොර නෑ. කුඹුරැ, පොල් සහ අනෙකුත් ඔක්කොම වගා විනාශයි. ගොංකතා නොකියා,මුළු රාජපක්ෂලා පවුලම එකතුවෙලා රට විනාශ කරන එකගැන කතාකරපං. ජනාධිපති මල්ලි, අයියා අගමැති, චමල් අයියා ඇමති, බැසිල් මුදල් ඇමති, නාමල් පුතා ක්‍රීඩා ඇමති නංගිගෙ පුතා මාතර දිස්ත්‍රික් මන්ත්‍රී, නංගි කැලිෆෝනියා කොන්සල් ජනරාල්, ශිරන්තිගෙ මල්ලි සීෂෙල්ස් තානාපති. තවත් එකී,මෙකී නොකී තනතුරැ බෙදාගෙන මුං රටම කන එකගැන කතාකරපං. උඹට ඒවා පේන්නෙ නැද්ද? නඩුටික ෂේප්කරල දුන්න නිසා දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන ඉන්න එකඳ උඹගෙ වැඩෙි.
    යකෝ ආත්මයක් ඇති මිනිහෙක් හැටියට හැසිරියං. මොකුත් කරන්න බැරිනං කුරැණෑගල ඔරලෝසු කණුව ලඟ ලේන්සුවක් දාගෙන හිඟාකාපං ඔයිට වැඩිය නමිබුයි. රාජපක්ෂලා හැමදාම බලයෙ ඉන්නෑ. මෙියන විදියට ලබන ඡන්දෙදි උං කපෝතියි. උඹටත් වෙන්නෙ ඒකම තමයි.

  3. Darshana abayakoon says:

    එතකොට අර 13000ක් මරුනෙ කවුරු නිසාද මහත්තයො

  4. No name says:

    ජොන්ස්ටන් වගේ මෝඩයෝ තමයි තවමත් මේ ආණ්ඩුවට කඩේ යන්නේ ගෝඨාභයත් රවට්ටන්නෙ මුන්

  5. 3% ට බය බයියා. says:

    භාණ්ඩ මිල අඩු කර ජනතාවට සහන දීලා ඉදිරියේ දි සාගතෙන් රට බේරා ගන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • 3% නැති ජෙප්පා says:

      විහිලු නොකර ඉදිං බං.. අමිමෝ බඩවැල් හිටන් ඇබරැනා

      • 3% ට බය බයියා. says:

        ඉදිරියේ දී කෑම නැතුව බඩවැල් ඇඹරෙන කොට ඊට වඩා ආතල් .

  6. කසිප්පු ජොනියා says:

    මේ කසිප්පු ජොනියා ,kudu lansa ,චේන් කඩපු එකා ,වගේ අපතයෝ wiruwa කියන පඹයා නැගිට්ටවන්න …..ඒත් මේ වගේ හොරු දාගෙන තවත් පඹයෙක් raja කරනවා දැක්කමයි මේ රටේ …මුගෙ අම්මට නන්දසේන ය කරපු ලබ්බක් නෑ ….පිටරටවල් වලින් නොමිලේ එන්නත් දුන්නෙ නැත්තං සේරම ඉවරයි ….අනික කී දාහක් මැරුණද …තාමත් මැරෙනවා ….දැන් බොරුවට එනවා මිනිස්සු ජීවත් වෙනවලු කාලකන්නි …බලාපියව් කන්න ටිකක් නැතුව මිනිස්සු ජීවත් වෙන හැටි හාමතේ කාලකන්නි ……තොපි වගේ එවුන්ට ආයෙ කවදාක්වත් ඡන්දෙ දෙන්නෙ නැහැ යකෝ

  7. Carbon says:

    Supiri wigrahayak

  8. Jude perera says:

    Kamak nehe mahaththayo api malath ratak thiyanawane

  9. Truth says:

    He have a toilet mouth and poor thinking even he don’t know what is saying