මිනිස්සු කසිප්පු බොනවා.. සුරාබදු ආදායම කෝටි 700කින් බැහැලා.. කොහොම හරි සල්ලි ගෙනෙවු..- මුදල් අමාත්‍යංශ ලොක්කෙකු මල පැන බැණ වදී..

October 19, 2018 at 1:20 pm | lanka C news
මිනිස්සු කසිප්පු බොනවා.. සුරාබදු ආදායම කෝටි 700කින් බැහැලා.. කොහොම හරි සල්ලි ගෙනෙවු..- මුදල් අමාත්‍යංශ ලොක්කෙකු මල පැන බැණ වදී..

සුරා බදු අදායම අඩු වී ඇති නිසා මුදල් අමාත්‍යංශයේ ඉහලම නිලධාරියකු විසින් සුරා බදු දෙපාර්තමේන්තුවේ සෙසු ප්‍රධානීන් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කොට ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙසේ දෝෂාරෝපණයට ලක් වී ඇත්තේ මේ වන විට සුරා බදු අදායම රුපියල් බිලියන 7 කට වැඩි ප්‍රමාණයකින් අඩු වී තිබීම සාකච්චා කිරීමේ දීය.

සුරා බදු ආදායම අඩු වීමේ ප්‍රශ්ණයට තමන්ට හෝ සුරා බදු දෙපාර්තමේන්තුවට දොස් පැවරීමෙන් පලක් නැති බවත් ඊට හේතුව රටේ ආර්ථික ප්‍රශ්න බවත් එහි නිලධාරීන් පවසා ඇත.

මේ අතර මත් පැන් මිල වැඩි කිරීම නිසා නිත්‍යානුකුල නොවන කසිප්පු වැනි මත් පැන් වලට මිනිසුන් සීග්‍රයෙන් හුරු වෙමින් යන බවත් මෙය ඔවුන්ගේ සෞඛ්‍යයට ද බරපතල ලෙස බලපා ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුදල් අමාත්‍යංශයට පෙන්වා දී ඇත.

මේ අතර එම දෙපාර්තමෙන්තුවේ වුර්තිය සමිති නිලධාරීන් පෙන්වා දී ඇත්තේ සුරාබදු පිළිබද විෂය දන්නා නිලධාරීන් නොමැති වීම ද සුරා බදු නිසි පරිදි අය කර ගැනීමට බාධාවක් වී ඇති බවයි.

307 views

6 Comments to “මිනිස්සු කසිප්පු බොනවා.. සුරාබදු ආදායම කෝටි 700කින් බැහැලා.. කොහොම හරි සල්ලි ගෙනෙවු..- මුදල් අමාත්‍යංශ ලොක්කෙකු මල පැන බැණ වදී..”

  1. Love nature says:

    බෞද්ධ සමාජ ආචාර ධර්‍ම පද්ධතියේ පදනම වන්නේ පංච ශීලයයි. මදයට හා ප්‍රමාදයට හේතුවන මත් වතුර පානයෙන් වැළකීම එහි පස්වන ශික්‍ෂා පදයයි. පංච සීල ප්‍රතිපත්තිය ශිෂ්ටාචාර සම්පන්න සමාජයේ මූලික ලක්‍ෂණය වන බැවින් මිනිසා මතින් තොරවීම ශිෂ්ටත්වයේ අංග ලක්‍ෂණයක් වශයෙන් බුදු රදුන් සැලකූ බව මින් පෙනේ. රහ මෙර නිසා ‘මදය හා ප්‍රමාදය’ ඇතිවන බව එම ශික්‍ෂා පදය තුළම අන්තර්ගතව පවතී. ‘මදය’ යනු උමතුවීමයි. ප්‍රකෘති සිහියෙන් තොරව හොඳ නරක පින් පව් තෝරා බේරා ගැනීමට නොහැකිව උම්මත්තකයකු සේ ක්‍රියා කිරීමයි. ආරෝග්‍ය මදය, යෞවන මදය ආදී ස්වාභාවිකවම පුද්ගලයකු කරා පැමිණෙන උමතු ස්වභාවයන් පවා බුදු රදුන්ගේ ගැරහීමට ලක්ව තිබේ. සුරා මදය වූ කලී ස්වභාවයෙන් ඇතිවන්නක් නොව වුවමනාවෙන් ඇති කරගනු ලබන්නකි. ප්‍රකෘතියෙන් පිහිටි, හරි වැරැදි තෝරා බේරාගෙන ක්‍රියා කළ හැකි සිත, වුවමනාවෙන්ම උමතු භාවයට පත්කර ගැනීම පවු පුරවා ගැනීමට මඟ සලසන්නක් වන බව නුවණින් සිතා බලන්නකුට පැහැදිලිය.

  2. Love nature says:

    බෞද්ධ කර්‍ම විපාක ඉගැන්වීම්වලට අනුව මත් වතුර බොන පුද්ගලයාට වඩා ඒවා නීතියට අනුව හෝ නීති විරෝධීව නිෂ්පාදනය කරන හා අලෙවි කරන අය දරුණු දුර්විපාක ලබති. මත් වතුර පානය කරන්නා තමන්ට පෞද්ගලික අයහපතක් කරගන්නා නමුත් නිෂ්පාදකයෝ හා අලෙවි කරන්නෝ විශාල සමාජ ව්‍යසනයක් කරති. මතට ඇබ්බැහි වී සමාජගතවන අයවලුන් සිදුකරන අපරාධවලට නිෂ්පාදකයෝ හා අලෙවි කරන්නෝ වක්‍ර වශයෙන් දායක වෙති.

    එබැවින් මෙලෝ වශයෙන් ඔවුන්ගේ අතමිට සරුව සෞභාග්‍ය සම්පන්න භාවයක් පෙනෙන නමුත් පරලොව දී නිරා දුක් විඳීමට හා මිනිසත් බවක් ලැබූව ද විවිධ දුක් පීඩා කරදර කම්කටොළුවලට මුහුණ දීමට සිදුවේ. දිනපතා අසන්නට ලැබෙන බොහෝ ඛේදවාචකයන් පිටුපස මත්පැන් තිබෙන බව ප්‍රකට කරුණකි.

  3. Love nature says:

    බීමත්කමින් මදයට සහ ප්‍රමාදයට පත්වූ පුද්ගලයා හැසිරෙන්නේ සිහිවිකල් වූවකු ලෙසයි. එවිට ලැඡ්ජා භය නැතිවෙනවා. ලැඡ්ජා භය නැතිවුණාම මිනිසාට ඕනෑම දෙයක්‌ කරන්න පුළුවන්. ප්‍රකෘති තත්ත්වය විකෘති වූ පසු නොකළහැකි පවක්‌ නැහැ. එනිසයි මත්පැන් බීම පවක්‌ වෙන්නේ.

    ප්‍රකට සිගාලෝවාද සූත්‍රයේ පෙන්වා දී තිබෙනවා මත්පැන් බීමේ ආදීනව. මෙලොව තමන් සතුදේ අහිමිවීම, කෝලාහල ඇතිවීම, අපකීර්තියට පත්වීම, ලැඡ්ජාව පහවීම, භය පහ වීම, ප්‍රඥාව හීනවීම යන කාරණා මත්පැන්බීම නිසා ඇති වෙනවා. මේවා නරක ආදීනව. මෙම නරක ආදීනව පවට මුල් වෙනවා. එනිසා බොහොම පැහැදිලියි මත්පැන්බීම පාපයක්‌ කියලා.

    බීමත්කම නිසා පවුල් සංස්‌ථාව බිඳ වැටෙනවා නම් එය පවක්‌ නොවෙයිද? තමන්ගේ ජීවිතය විනාශ වෙනව නම් පවක්‌ නිසයි නොවෙයිද? මත්පැන් බීම පවක්‌ බුදුරජාණන් වහන්සේ ඉන් වැළකෙන්න කියලා දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළා මත්පැන් බොන පුද්ගලයා නිරයට යනවා කියලා. නිරය කියන්නේ සැප නැති තැනක ජීවත් වීමයි. එය මෙලොව විය හැකියි. පරලොවත් විය හැකියි.

  4. Saradiel says:

    “සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

  5. Gorilla says:

    Gana wadi nisa godak aya dan bonawa adui

  6. Saman says:

    Minisun dan gedara arraku hadannava. Eka labadayakai. Sinie wathura east witharai onea.

Main News