‘මිනිස්සු ඡන්දෙ දුන්නේ හැබිචෝල් දේශපාලඥයන්ගෙ කතාවලට නොවෙයි..’ හිමි නමක් ඇමතිනි පවිත‍්‍රාට මුහුණටම කියයි..

March 26, 2021 at 10:40 am | lanka C news
‘මිනිස්සු ඡන්දෙ දුන්නේ හැබිචෝල් දේශපාලඥයන්ගෙ කතාවලට නොවෙයි..’ හිමි නමක් ඇමතිනි පවිත‍්‍රාට මුහුණටම කියයි..

ජනතාව පසුගිය මැතිවරණවලදී ඡන්දය දුන්නේ එක එක දේශපාලනඥයන්ගේ හැබිචෝල් කතා වලට නොවන බව විරෝධතාවයක් අතරතුර භික්ෂූන් වහන්සේ නමක් පැවසූහ.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලිපියක් භාර ගැනීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ කියා සිටියේ ජනතාවට ජාතික බලවේග විශ්වාස කර ඡන්දය ලබා දුන්නේ එක් රටක් එක නීතියක් හදා ගැනීමට බවයි.

එසේ නොවන්නේ නම් වෙනත් ක‍්‍රියාමාර්ග වලට යාමට සිදුවන බවත් උන් වහන්සේ පැවසූහ.

41,752 views

21 Comments to “‘මිනිස්සු ඡන්දෙ දුන්නේ හැබිචෝල් දේශපාලඥයන්ගෙ කතාවලට නොවෙයි..’ හිමි නමක් ඇමතිනි පවිත‍්‍රාට මුහුණටම කියයි..”

  1. කොහොම උනත් දැන් ඔක්කොම හාමුදුරුවෝ හැබිචෝල් තමයි. කොතන හරි බලු වැඩක්නම් අන්න එතන චීවරධාරියෙක්.

    • ශිරාන් says:

      මෙන්න හැබිචෝල් බයියෙක් කොමෙන්ට් එකක් දාලා.

      රන්ජන් හාමුදුරුවෝ ගැන කිව්වෙත් තෝ කියන කතාවම නේද.

      යාකෝ හැබිචෝල් බයියෝ උබ රන්ජන් රාමනායක එක්ක තරහයි නේද.

      ඒ උනාට උබයි රංජයි දැන් කියන්නේ එකම කතාව නේද.

      තොපි වගේ වහල් කම් කරන නිවටයන්ට ගිය රටක් මේක

      • Saman says:

        රන්ජා ඔක්කොම හාමුදුරුවෝ කියල කිව්වෙ නැ. ටික දෙනෙකුට විතරයි කිව්වෙ. මේ ගොන් බයියා ඔක්කොම හාමුදුරුවන්ට අපහාස කරල.

        • සුදුපරවියා says:

          දේශපාලකයින්ට කඩේ යන මිනිස්සු රටට හෝ ජාතිය ගැන ආදරයක් නැහැ ..ඔවුන් අවස්ථාවාදීන් නිසයි අද අපේ රට අගාදයට යන්නේ ..
          ජාතික සම්පත් විදේශිකයින් සතු වන්නේ ….දෙමල බෙදුම්වාදය වගේම තව වසර 99කින් චීන ජාතිකයින් අපේ රටේ උරුමය ඉල්ලා සටන් කරයි ..දුම්කොළ දෙමළ වහලුන් වගේ ,වෙළදාමේ ආපු මුස්ලිම් ජාතිකයෝ වගේ ..ඊට පස්සේ ජාතික කොඩියට සංහිදියාව කියා තව පටියක් එකතු කරයි මේවාට වග කිව යුත්තේ වසර 72 රට පාලනය කල අපේ දේශපාලුවෝ …තාමත් මෝඩ මීහරක් දේශපාලුවන් පස්සේ යනවා …රටම විනාශ වෙන තුරු දේශපාලකයින් ට පන්දම් අල්ලපියව් ..ඊට පස්සේ රටක් නැති වූ විට පැනපල්ලා මුහුදට ..සිංහලයෙනි , ජාතියක් වශයෙන් සමගි වී එක්වෙයව් ..දැන් අලුත් පක්ෂයක් නැවත පටන්ගැනීමට ,ජාතික සමගිය ඇති කිරීමට කාලය පැමිණ ඇත

    • SALMAL says:

      Shut your mouth you FOOL ,never insult our Venerable Buddihist Monks .This is Sinhalese Buddhist Country…Buddhist monks are our guardians they protect our country in time to time ..Never insult our Ven. Buddhist Monks …

      • උප්පැන්නෙන් නමට බෞද්ධය😪 says:

        ලංකාවේ ඉන්න
        මුස්ළිම් අය සෑම සිකුරාදාවකම මසකට හතර වරක්ද…
        ක්‍රිස්තියානි අය සෑම ඉරිදාවකම මසකට හතර වරක්ද…
        ආගම වෙනුවෙන් යඥා කිරීමට පල්ලිවලට යති….
        ඒත් බෞද්ධයා පන්සලට යන්නේ අවුරුදු 60 කට
        එක් දිනක් පමණකි…
        ඒ මළගිය එකාට පාන්සකූලය දීගන්නටය..!
        ඒ තත්වය ඇතිකලේ මේවගේ හාමුදුරුවරුය..😪

        • Love nature says:

          මුස්ලිම්වරු සැම සිකුරාදාට ගිහින් හදට වදිනවා

          කතෝලිකයන් සැම ඉරිදාට ගිහින් හිරුට වදිනවා

          බෞදයන් පන්සල් නොගිහින් බුදුන් දෙසු ධර්මය සිතින් මෙනෙහි කරනවා.

          දැන්වත් මෝඩයන් දැනගනිල්ලා උබල යන්නේ වැරදි පාරක.

          • Love natureධර්මෙ says:

            Love natureලා සුදුනූල් අතේ පේන්නම බැඳගෙන කැලෑ කපනවා..
            මහරෑ කැලෑවල සත්තු දඩයම් කරනවා..
            ධර්මෙව මතක්කරලා කට්ට කපලා ජින් විස්කි ගහනවා..

  2. Sunil Dahanayake says:

    Excellent speech Hamuduruwane!

    • Saradiel says:

      ගෞරවනීය හාමුදුරුවන්ට ජාතියේ ප්‍රණාමය ..නමස්කාරය

  3. වයි දිස් කොලවෙරි says:

    කතාව ඇත්ත.
    එක රටක එක නීතියකට ඉන්න බෑ කියන්නේ, උන් ලග කිසිම සන්හිදියාක් නෑ කියන එකයි.

  4. NuwanJ says:

    ඉතාම හොද කතාවක්

  5. Jaya says:

    ඇයි මේ මහනායකලට බැරි මේ වගේ හැබිචෝල් හාමුදුරුවො ඛුදු දහම තවත් විනාශ වෙන්න කලින් සාසනයේන් ඉවත්කරන්න.

    • Taj says:

      එතකොට රට ලස්සනට තියෙයි. මෙහෙමවත් තියෙන්නෙ හාමුදුරුවරු නිසා.

  6. kalana says:

    රාජපක්ෂ Family එකම යැපෙන්නේ අන්තවාදීන් මත, සීනි, පොල්තෙල් හොඳම උදාහරණ. ලොක්කගේ File එකත් නඩු ඇමති ළඟ. ඉතින් කොහෙද රට හදන්නෙ, රාජපක්ෂලා රට හදන්න ආපු උන් නෙමෙයි, උන් සිංහලයොත් නෙමෙයි, බෞධ්ධයොත් නෙමෙයි. ඒවගේම තමයි මෝඩ පුතානොට චන්දෙ දෙන්නත් එපා, හොයපල්ලා හොඳ සිංහල නායකයෙක්.

    • CAT says:

      මේ රටේ දේශපාලන පක්ෂ කරන්නේ රට විකුන්නන් කන එක …කොයි පක්ෂය ආවත් කරන්නේ බොරුව රැවටීම ..රට දුප්පත් , අන්තවාදී සුළු ජාතිකයින් බලයේ ,රටේ සිංහල මහා ජාතිය ට කුඩම්මාගේ සැලකිළි ..මෙය නතර කිරීමට රට ජාතිය ගැන සිතන සිංහල දේශපාලකයින් සොයාගත යුතුයි ..අලුත් පක්ෂයක් ඇතිකිරීමට දේශමාමක සිංහලයෙනි ,සමගි වී එක්වෙයව් ..මේ අපේ එකම මාතෘභූමිය ..එය ආරක්ෂා කිරීම සිංහල ජාතියේ වගකීමයි යුතුකමයි ..බලා සිටීමට කාලයක් නැත

  7. Sunil Dahanayake says:

    We voted and supported this government to have one country and one legal system.

    But some of the comments given above shows some henchmen of MPs insulting this Hamuduruwo.

    That is the way we , voters need to talk these useless MPs.

  8. ගොන් බයියා says:

    මමනම් හාමුදුරුවනෙ හැබිචෝල් කතාවලට ආසාවෙලා තමා චන්දෙ දුන්නෙ.

    • කෙප්ප බිමලේ says:

      ඈ ගොන් බයියො, බොලය බයි පුතාණන්ගෙ මොලේ නේද තොටත් පිහිටලා තිියෙන්නෙ.

  9. Upul Attanayake says:

    Nivanata neme me ganinnansela yanne.
    Ahinsakayange sesathama Dane kiyala Suragana Ena Ena Anduwata Horu kiyanava.
    Me hora Gana yonta Vedak Karala Kanna Kiyanna ona

  10. On The Spot says:

    කථාව ඇත්ත​? ඒ ගා ගලවල වෙන තැනක ඉටෝනව​.මේ කැළෑ ඔරු ඔක්කොම ගිය ආණ්ඩුවෙ උන්.ඒම ආවොත් ඒමයි,මේම ආවොත් මේමයි.තරා වෙන්න එපා අපි අරියට වැඩේ කොරනව​.කව්ද ඒම කියන්නෙ? මේ හැබිචෝල්කාරය කව්ද කියල පුළුවන් නම් කියන්න.

Main News