‘මිනිස්සු මැස්සො වගෙ මැරෙනවා’ කියු දොස්තරගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි…

August 15, 2021 at 10:02 pm | lanka C news
‘මිනිස්සු මැස්සො වගෙ මැරෙනවා’ කියු දොස්තරගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි…

තම සමාජ ජාල ගිණුම් ඒ තැබූ සටහනක් සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ තමන් ගෙන් ප්‍රශ්න කළ බව අවිස්සාවේල රෝහලේ වෛද්‍යවරයෙකු වන නජිත් ඉන්දික මහතා සඳහන් කරයි.

තමන් සේවය කරන රෝහලේ කොරෝනා වාට්ටුවේ තත්ත්වය පිළිබඳව සමාජ ජාල ගිණුමේ තැබූ සටහනක් ගැන ඔවුන් එහිදී ප්‍රශ්න කළ බවත් වෛද්‍යවරයා කියා සිටියි.

ඔහු විසින් ඒ පිළිබඳව තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

……………………………………………………………….
පෙරේදා හවස මම මේ වෙනකොට තියෙන කොරෝනා තත්වය ගැන ලිපියක් ලියල මේකෙ දැම්මෙ ඒ වෙලාවෙ දැනෙමින් තිබුණු හිතේ අමාරුවට වෙන කරන්න දෙයක් නොතිබුණු නිසා. එහෙම ලිව්ව කියල ප්‍රශ්න විසඳෙන්නෙ නෑ කියල දන්නවනෙ. ඒත් ලොකු අසරණකමක් දැනෙන වෙලාවට අපි ලොකුවට ඵලදායී නෑ කියල දැනගෙන උනත් සමහර දේවල් කරනවා. එහෙම කරන එකේ එකම අරමුණ හිත හදාගන්න එක විතරමයි. ඒකත් එහෙම වැඩක්.
ඒත් ඒ ලිපිය, දවසක් ඇතුළත, හිතුවෙවත් නැතිවිදියට අසීමිතව ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව කල්පනා කරද්දි මට හිතෙන්නෙම මෙහෙමයි.

මේ දවස් වල එක සෞඛ්‍යසේවකයෙක්, තමන්ගෙ දවස ගතකරද්දි සිද්ධවුණු දේවල්, ඒ විදියට අපිළිවෙලට පෙළගස්සල ලියල දැම්මම එච්චර වයිරල් වෙලා යන්නෙ, ඒ කිව්ව තොරතුරු මිනිස්සු නොදන්න නිසා. නැත්තන් ප්‍රශ්නය ඒ මට්ටමේ ඇති කියල නොහිතපු නිසා. පහුගිය සතියක දෙකක කාලය ඇතුළත කොරෝනා තත්වෙ වඩා මාරාන්තික වෙනසක් ඇතිවෙලා තියෙනබව අතිබහුතරයක් දෙනා දැනගෙන හිටියෙ නැතිනිසා. එහෙම හිතුවම, ඒක මහජනතාවගේ දැනුවත්වීමට බලපෑව නිසා ලිව්ව සටහන ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒක එක්කෙනෙක්ගෙ හරි ජීව්තයක් බේරාවි.
හරි. දැන් කියන්නම් ඊට පස්සෙ ඊයෙ දවසෙ වෙච්ච කතාව.
………………………………………………………………..

ඊයෙ මම පුරුදු විදියටම වාට්ටුවෙ වැඩකරමින් හිටියා. වැල නොකැඩි ලෙඩ්ඩු. එක්කෙනෙක්ට පස්සෙ එක්කෙනෙක් එනවා. එනවා – බලනවා – අමාරුනම් කොහෙන් හරි හොයන් ඔක්සිජන් දානවා – අමාරු නැති යන්න පුලුවන් අය යවනවා. බැරි අය ඇඳක් යටට හරි යවනවා.

ඔය අතරෙ වාට්ටුවට කෝල් එකක් ආව. කොහොමත් මේ වාට්ටුවෙ දුරකථනෙට හැමතිස්සෙම කෝල්. කොරෝනා ලෙඩ්ඩුන්ව, අනික් ලෙඩ්ඩු වගේ ඇවිත් බලන්න බැරි නිසා හැමෝම දිගට හරහට වාට්ටුවට ඇමතුම් ගන්නවා.

මේ පාර මිස් කෙනෙක් ආන්සර් කරල, “ඩොක්ට, කෝල් එකක්” කිව්ව. ගිහින් බැලුවම අපේ රෝහලේම “එක්ස්චේන්ජ්” එකෙන්.
“සර්, මේ CID යෙන් කියල දෙන්නෙක් ඇවිත් සර්ව අහනවා. මොකද්ද එයාලට කියන්න ඕනෙ?”

එතකොටම වැඩේ තේරුණ නිසා මට හිතුණා මෙයාල මෙච්චර මහන්සි වෙන හේතුව හොයල බලන්න.

“මම දැන් ——- වාට්ටුවෙ වැඩ. ඒ දෙන්න මෙතනට එවන්න. මම කතා කරන්නන්.” එහෙම කියල මම දුරකථනය තිබ්බා.

ආයෙත් ගිහින් අර කවුලුවෙන් අත් ඔබාගෙන, අලුතෙන් ආව ලෙඩ්ඩු පෝලිමේ ප්‍රෙෂර්, ඔක්සිජන් මට්ටම් බල බල ඉද්දි වාට්ටුවෙන් එළියෙ, ටිකක් ඈතට වෙලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හිනාවෙලා අත වැනුවා. මම ඔවුන්ට ටිකක් ඉන්න කියල, ලෙඩ්ඩු ටික බලලා ඉවරවෙලා එහෙම, එලියට ගිහින් ඔවුන් දෙන්නට කතා කලා.

ඒ කතාව ගියේ මෙහෙමයි.
…………………………………………………………………….
මම : එන්න. ඔයාල දෙන්නද අර CID එකෙන් කියල කිව්වෙ?
CID : (සිනාසෙමින්) ඔව් සර්.
මම : (සිනාසෙමින්) ආ. ඉතින් අර මම ෆේස්බුක් එකේ දාපු එක නිසා වෙන්නැතිනෙ ආවෙ?
CID : (සිනාසෙමින්) ඔව් සර්.
මම : කොළඹින්ද ආවෙ නැත්තන් මෙහෙද අවිස්සාවෙල්ලෙද?
CID : මෙහේ සර්.
මම : (සිනාසෙමින්) දැන් මෙහෙන්ද කිව්වෙ ඒක බලන්න කියල නැත්තන් කොළඹින්ද ආවෙ ඕඩරේ?
CID : මෙහෙන් නෙමෙයි සර්.
මම : හරි. දැන් මොනවද ඔයාලට හොයන්න කිව්වෙ? ඒ ලියපුව බොරුද කියලද?
CID : අනේ නෑ සර්. DIG මහත්තයා කිව්වෙ, මේක ලිව්ව ඩොක්ටගෙ මානසික තත්වය පොඩ්ඩක් බලන්න කියල, ඒ ඩොක්ට ආතතියෙන්ද ඉන්නෙ කියලා බලන්න කියලා. (අහිංසක ලෙස සිනාසෙයි)
මම : (හොඳින් සිනාසෙයි)
හරි. ඒක ඉතින් ඔයාල ලියල යවන්න. මම කියන්න ඕනෙ නෑනෙ නේද. ඕව කෙරෙන හැටි අපි දෙන්නම දන්නවනෙ නේ.
ඊට අමතරව මොනවත් දැනගන්න තියේද?
CID : සර්, ඇත්තටම අවිස්සාවේල්ලෙ කොරෝනා තත්වය ඔච්චරම දරුණුයිද සර්? අපිත් මේවයෙ ජීවත්වෙන මිනිස්සුනෙ.(අවංක මුහුණක්)
මම පසුගිය මාසය තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම හා මරණ වැඩිවූ හැටි, වාට්ටුවේ පහසුකම් දියුණුවී ඇති ආකාරය, පසුගිය සතියේ සිදුවූ ලොකු වෙනස්කම් ආදී සියල්ලම විනාඩි 10 ක් අරගෙන ඔවුන් දෙදෙනාට පැහැදිලි කරදුන්නා.

ඊට පස්සෙ ඔවුන් දෙන්න මට ස්තුති කරල යන්න ගියා. මමත් ඔවුන්ට සමුදීලා ඊළඟට ආව ලෙඩ්ඩු පෝළිම බලන්න ගියා. මේ ටික සිද්ධවෙලා ඉවරවෙනකොට හවස 6.40 ට ඇති.
……………………………………………………………
ඔය දේවල් ඔක්කොම මැද්දෙ, කොහොමහරි අදත් උදේ වෙද්දි හත් දෙනෙක් ඇස් පියාගෙන තිබුණා!

– Najith Indika FB

142,302 views

51 Comments to “‘මිනිස්සු මැස්සො වගෙ මැරෙනවා’ කියු දොස්තරගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි…”

  1. කුඹුක්කණ් says:

    මෙතන ඇත්ත තිත්තයි ගාන්න එපා..

    මේ සියලු රෝගීන් මිය යන්නේ, බටහිර වෛද්‍ය විද්‍යාවේ නොහැකියාව නිසා, කොරෝනා වලට ප්‍රතිකාරයක් නොමැති කම නිසා, සහ නිශ්චිත ප්‍රතිකාර සහ අයුර්වේදය අනුමත ඖෂධ 14 කට වඩා තියෙද්දි , එම ඖෂධ ලබා දීමට බටහිර වෙද ආධිපත්‍යයෙන් ඉඩ ලබා නොදෙන නිසා.

    එම නිසා මේවා ප්‍රතිකාර නොදී කරන මිනීමැරුම් ලෙස දක්වන එක තමා කල යුත්තේ.

    Fail වූ බටහිර විද්යාවෙන් , මිනිස්සු මැස්සො වගේ මියයන්න සැල්ස්සුවා කියලා මේ ඩොකා කිව යුතුයි

    එයට ප්‍රතිකර්මය ,රට වැසීම නොවෙයි.

    ප්‍රතිකාර පවතිනා දේශීය ආයුර්වේද ක්‍රමයකට ඉඩ දී, වැඩ බැරි ඇලොපතියන් පැත්තකට වී. අවශ්ය නං උදේ හවස මැරෙන ගාන කිය කිය ඉන්න. එච්චරනෙ දැනුත් කරන්නෙ .

    • නාමරත්න says:

      ගෙදර ඉන්න අයට ආයුර්වේද ප්‍රතිකාර ගන්න කවුරුත් තහංචි දමලා ‌නෑ නේද? බෙහෙත් දෙන අයගේ හෝ අදාල මධ්‍යස්ථාන සම්බන්ධ කරගන්න කරලා දෙන්න ආයුර්වේදයට සම්බන්ධ ඇමැතිට බැරිද? සමාජ මාධ්‍ය වල යන ලැයිස්තු නිල නොවන නිසා රජයෙන් ලැයිස්තු ප්‍රසිද්ධ කල යුතුයි. රජය කිව යුතුයි

      • කුඹුක්කණ් says:

        කොරෝනා සදහා ප්‍රතිකාර කරන්න කිසිම ආයුර්වේද හෝ පාරම්පරික වෛද්‍යවරයෙක්ට නීතියෙන් ඉඩ කඩක් නෑ.
        උඹට කොරෝනා හැදුනාම , මං කැමති ආයුර්වේද බෙහෙත් කියලා කිව්වට ඒවට යන්න බෑ

        පොඩ්ඩක් හොයලා දැනගන්න

    • K says:

      Tho marenakan kade palayan moda musalaya thopi wage kala kanni haththa Hinda thamai mun natanne

      • කුඹුක්කණ් says:

        දැන් උඹලා කෝටි ගනං වැක්සීන් ගහලා , දැන් හොදටම කරලද තියෙන්නෙ.

        යකෝ දැන් දිනකට මරන 100 පනිනවා, ආසාධිතයන් අඩු උනාද? වැක්සීන් වලට තව කඩේ පලයං මිනී මරුවො

    • kumar says:

      pani bamuda ??????????

  2. Dengu Nona says:

    API hari. UN WERADIYI !!

  3. මේ දොස්තරලා කියන උන්ට තියෙන එකම විසදුම රට වහලා දමන එකනම් මුන්ට පඩි දීගෙන තියාගැනීමේ ඇති වැදගත්කමක් තිබේද. මුන්ගේ පඩිය කිසිම අඩුවක් නැතිව මාසය අවසානයේදී ලැබේ. එහෙත් රටක සිටින අනෙකුත් එදිනෙදා වැඩකර ජීවත්වන මිනිසුන් කෙසේ ජීවත්වනවාදැයි මේ පරයන්ට කිසිම දානුමක නැත. මෙහිදී පැහැදිලිව පෙනෙන කරුණක්නම් මේ සංගම් සියල්ල කවරහෝ බාහිර බලවේගයක් මගින් හසුරුවන බවය. මේ නිසා රට වසාදැමීම කිසිම ලෙසකින් නොකළ යුතුය. මුන් කියන විසදුම සාමාන්‍ය ගමේ ගොඩේ මිනිහෙකුගෙන් ඇහුවත් ඉතාම පහසුවෙන් දෙන උත්තරයකි. දැන්වත් මෙම කොරෝනවට බටහිර වෙදකමේ බෙහෙත් නැතිබව සියලුම දෙනා වටහාගත යුතුයි. එසේ නම් ප්‍රතිකාර ක්‍රමයක් නොමැති ශාස්තරයකින් තවදුරටත් උපදෙස්ගන්නේ කවර හේතුවකටද. කෙසේවෙතත් මෙම රෝගයට හෙලවෙදකම මගින් ප්‍රත්‍යක්ෂ බෙහෙත් ඇතිබව දැනටමත් සාර්ථකව ඔප්පුකර පෙන්වා ඇත. හෙළ ඔසු භාවිතාකල කිසිවෙකු මේදක්වා මියගොස් නැත. එලෙසම සියලුමදෙනා කිසිම වයස් කාණ්ඩයකින් තොරව රෝගයෙන් මිදී ඇත. දැන්වත් ප්‍රසිද්ධියේම හෙළ ඔසු භාවිතය පටන්ගත යුතුයි.

    • bua says:

      kiyapanko beheth thiyena thena gono.

      • නොදකිං says:

        බෙහෙත් තිබුණට ඒවා ගොන්නුන්ට ඇලජික්.උන් එන්නතමයි ඉල්ලා හිටියේ. ඒක ගහගෙන මළත් උන්ට සැපයි කියලනේ මේකෙ වැලලෙන්න හැදුවෙ.ඉතින් එන්නත දුන්නා දැන් ගහගෙන මැරියල්ලා. බේත් බොන්න කැමති උන් ඒවා තියන තැන දන්නවා.බීලා සනීපත් වෙනවා. මෙහෙම අඳෝනා නගන්න නම් මේ දොස් -තර මහත්තුරු බැරි වෙදකම් බාර ගත්තේ ඇයි ?

  4. Kumdhar says:

    මේ Dr. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ “අන්තරේ” ඉහළ ක්‍රියාකාරී සාමාජිකයෙක්ලු.

  5. Buwa says:

    You are a just a physician of Westetn medicine. The aurvedic medicine is best for Covid. I too am under quarantine. I got Prana, Sudarshanee suspension etc , and these cured well. The western medicine sucks.