‘මිනිස්සු මැස්සො වගේ මැරෙනවා..’- කොරෝනා වාට්ටුවක වෛද්‍යවරයෙක් කියයි…

August 14, 2021 at 9:20 am | lanka C news
‘මිනිස්සු මැස්සො වගේ මැරෙනවා..’- කොරෝනා වාට්ටුවක වෛද්‍යවරයෙක් කියයි…

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග තම රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් පැහැදිලි කරයි.

එම වෛද්‍යවරයා විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

—-

අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුව පටන් ගත්තු දවසේ ඉඳන් මම වැඩ කරන්නෙ ඒකෙ. වෛද්‍යවරු විදියට අපි දොළොස් දෙනෙක් කොරෝනා වාට්ටු දෙකක වැඩ කරනවා.

මේ වෙද්දි ඒවා පිරිලා ඉතිරිලා ගිහින්. පුටු වලත්, බිමත් පොදිකකා ආසන්න වශයෙන් කොරෝනා රෝගීන් සීයක් වගේ ප්‍රමාණයක් දිනපතා ප්‍රතිකාර ලබනවා.

“රැකියාව සම්බන්ද මානසික ආතතිය” කියන දේ අහල, කියවල තිබුණට ඒක ඇත්තටම මොන වගේ දෙයක්ද කියල දැනෙන්නෙ දැන්. ඒක කොච්චර අමාරු දෙයක්ද කියල දැනෙන්නෙ දැන්. මේ රස්සාවෙ අමාරුම කාලය කියල හඳුන්වන “සීමාවාසික අවුරුද්ද”(Internship) ඇතුළත නම්, මේ ඊයෙ පෙරේද ඉඳන් දැනෙන අමාරුකම දැනුනෙ නෑ කියන එක ස්ථිරයි.

මෙතෙක් ආව කොරෝනා රෝගීන් ප්‍රමණය, ඔවුන්ට අමාරුවෙන විදි, ඔක්සිජන් දිය යුතු රෝගීන් සංඛ්‍යාවන්, අමාරු වෙන රෝගීන්ගෙ වයස් මට්ටම්, මේ හැම දෙයක්ම එක සතියකින් වෙනස් වෙලා ගියා.

ඒක ලොකු වෙනසක්. වාට්ටුවට ඇතුළත්වෙන රෝගීන් සංඛ්‍යාව හරියටම තුන්ගුණයකට වඩා වැඩිවෙලා. ඒ වෙනදට වඩා සෑහෙන්න තෝරාබේරාගෙන රෝගීන් ඇතුළත් කිරීම කරන තත්වයක් ඇතුළෙ. ඉස්සර ටික ටික අමාරුවෙන අවුරුදු හැත්තෑවෙ අසූවෙ අම්මල තාත්තල වෙනුවට දැන් බලන් ඉද්දි අමාරුවෙන්නෙ අවුරුදු තිස් හතලිස් ගණන් වල අයට.

තවමත්, මතක තබා ගන්න “තවමත්”, ඔක්සිජන් සැපයුම, ඒවාට අදාළ යන්ත්‍ර උපරිම සීමාව යටතේ හරි ක්‍රියාත්මක වෙමින් තියෙන තත්වයක් ඇතුළෙත්, මිනිස්සු මැරෙන්නෙ බලන් ඉද්දි!

අවුරුදු හතලිස් ගණන් වල අම්මා කෙනෙක් තමන්ගෙ දුව ඉස්සරහ අමාරුවෙන් හුස්ම අදිමින් ඉඳල මැරෙද්දි, CPAP යන්ත්‍රයකට සවි කරල තියෙන නිසා, කතා කරන්න අපහසු බිරිඳක් තමන්ගෙ සැමියගෙ අතින් අල්ලන් ඇස් වලින් තමන්ගෙ සමුගැනීම ප්‍රකාශ කරල මැරෙද්දි,

තමන්ගෙ බිරිඳ නිවුන් දරු උපතකට සූදානම් වෙන මේ වෙලාවෙම, අවුරුදු 27 ක තරුණ සැමියෙක්,කරන්න තියෙන හැමදේම කරලත් බැරිඋනාම අමාරුවෙන් හොයාගත්තු දැඩිසත්කාර ඒකකයකට පටවල යවනව දකිද්දි,

මේ ඔක්කොම එකම දවසක වෙද්දි ඔලුවට දැනෙන බර, අමාරුව, ඇත්තටම අමාරුයි. කලින්ට වඩා වැඩකිරීම, වැඩ වැඩිවීම නිදිමැරීම නෙමෙයි ගැටළුව. ඔලුවට දැනෙන මේ බර වැඩිවීම.

ඒ ඔක්කොටම වඩා අමාරු දේ තමයි තමන්ගෙ ඇස් ඉස්සරහ වෙන අය මැරෙද්දි, තමන් අමාරුවෙන් හුස්මගනිද්දි, “අපි මොනවහරි කරල තමන්ව බේරගන්නව නේද” වගේ එල්ලවෙන බැල්මවල් වලට මුහුණදීම.

දවස් දෙකකට එකක් වගේ පහුගිය කාලෙ සිද්ධවුණු මරණ සංඛ්‍යාව, දවසකට හතරක් පහක් මට්ටමට සතියකින් වෙනස් වුණා.

තව සති දෙකක් මේ සීඝ්‍රතාවයෙන් රෝගීන් වැඩිවුනොත්, මිනිස්සු ඔක්සිජන් ටැංකියක් නැතිකමෙන් පුටුවල, බිම, මිදුලෙ මැරෙන තත්වෙට මේක පත්වෙනවා.

ඉතින් මේ ඔක්කොම දැකබලාගෙන ඊයෙ හවසගෙදර ආවම තමයි දැක්කේ ******* ********* කියන ගස්ලබ්බා කියල තිබ්බ කතාව. “මොනව උනත් රට වහන්නෙ නෑ, ජීවිතේ එන්නතට හා දෙවියන්ට බාරදෙන්න” කියලා.

මේ ලියමන මෙතනින් නවත්තනවා. මොකද බ්ලොක් නොවන භාෂාවකින් මෙතනින් එහාට ලියන්න මම දන්නෙ නැහැ.

හැකි අයුරින් ප්‍රවේශම් වෙන්න!
පුළුවන්කමක් තියේනම් සියලුවැඩ තාවකාලිකව නවත්තලා ගුහාගත වෙන්න!

මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ !
………………………………………………………
ප.ලි. කොරෝනා වාට්ටු දෙකේ වැඩ කරන වෛද්‍යවරු 12 න් එක්අයෙකුටත්, හෙදියන් 30 කට ආසන්න ප්‍රමාණයෙන් 10 ක් වගේ ප්‍රමාණයකටත් පහුගිය මාසයක කාලය ඇතුළත කොරොනා වැළඳිලා තියෙනවා.

– වෛද්‍ය නජිත් ඉන්දික

150,418 views

66 Comments to “‘මිනිස්සු මැස්සො වගේ මැරෙනවා..’- කොරෝනා වාට්ටුවක වෛද්‍යවරයෙක් කියයි…”

  1. කොන්දොස්තර says:

    අනේ මට හරි අමාරුයි පීඩනේ අමාරුයි පඩි වැඩි කරන්න නැත්තං මම වර්ජනේ කරනවා

    • ගයාන් says:

      මෙතන පඩි වැඩිකිරීමක් ගැන ලියලා තියනවද….
      දැන්වත් වෙෙද්යවරුගැන වෙෙරකරන ඵක නවත්වන්න.නිදහස් අධ්යාපනයෙන් තොපි වැඩගත්තෙ නැතිවට අපි මක්කොරන්නද.

    • දර්මදාස says:

      ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නද අල කන්නද කියලා තේරෙන්නේ නැති එවුන්ට නිදහස් අධ්‍යාපනය දීපු සල්ලි අපරාදෙ

      දොස්තර කෙනෙක් වෙන්නෙ ලෙඩ්ඩුන්ට බොහෙත් දෙන්න. ලෙඩ්ඩු වැඩි උනහම කෙඳිරි ගාන්න, රට වහන්න දොස්තර ඕනෙ නෑ.

  2. අපිත් අවිස්ස්සවේල්ලේ තමා. ඒ වුනාට මේ ඉස්පිරිතාලේ නම් වැඩකටම නැ .හර්නියා වගෙ දේකට ඇතුලට ගිහින් මේකේ දොස්තරලා පිස්සු කෙලලා දෙතුන් පාර අයෙත් ඕපරේෂන් කරලා ICU එකෙත් දුක් විඳලා අහිංසක මිනිස්සු මැරෙන්නේ හිතපුවත් නැති දෙකින්.මුන් බේරෙනව සංකුලතාවයක් හරි මොකක් හරි මරණ වාර්තාවේ දාල මේ වගේ කේස් මේකේ අප්‍රමානයි.මුන්ගේ නොසැලකිල්ල හින්ද මැරිච්ච අහිංසකයෝ තමයි පව්. දන්න කෙනෙක් යන්නේ නැ කළුබෝවිල යනවා මිසක්

  3. රියල් බෞද්ධයා says:

    ලවුඩ්ස්පීකර් පිරිත් වැඩකරලා නෑ වගෙයි

  4. කුඹුක්කණ් says:

    ඔව් මැරනවා නෙවෙයි, ප්‍රතිකාරයක් දෙන්න නොදී මරණවා.

    ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමත ඖෂධ 14 කට වඩා තියෙද්දි, එම ප්‍රතිකාර නොදී බටහිර ආධිපත්‍යයෙන් ලෙඩ්ඩු ගාල් කරලා තබා ගෙන මරණවා.

    බටහිර ඇලොපති සේල්ස් රෙප් ලා මේ මරණ වලට වගකිව යුතුයි

  5. Saman says:

    මූ මේ වැක්සීන් හොරෙක්
    ජේවීපී දොස්තර කෙනෙක් සක්කිලියේක්

  6. KP says:

    නජිත් ඉන්දික කියන්නේ මතකද අර ⁣අන්තරේ හිටපු සභාපති… 2015 මහින්ද ආන්ඩුව වැටෙනකන් මහ පාරෙ අරගල කරලා යහපාලනේ කාලෙ අන්තර්ධාන වෙලා හිටියෙ මෙයා තමා… යන්තං විබාග ටික ගොඩ දාගෙන වගේ යහපාලන උසස් අධ්‍යාපන ඇමති පිහිටෙන්… ඒත් පෙරටුගාමී දේශපාලනය නවත්තලා නෑ…
    අර හුස්ම ගන්න බැරුව CPAP එක දාගෙන මිය ගියා කියන බිරිඳගේ ස්වාමි පුරුෂයා ඒ වෙලවෙ ලඟ හිටියෙ කොහොමද? ලංකාවෙ ආන්ඩුවෙ ස්පිරිතාලවල නං කොරෝනා රෝගීන් ගාව ලඟ කාටවත් ඉන්න දෙන්නෑ… මේකා මේ ලියලා ති⁣යෙන්නේ පිටරට ගිය පෝස්ට් එකක පරිවර්තනයක්ද? එහෙම නැත්තං උගේ පීපි එකේ විස්තරයක්ද?

    • PK says:

      ඌ ලියලා තියෙන්නේ පට්ට බොරුවක්. උට ලෙඩ්ඩු දැක්කහම කකුල් මැන්ඩලින් ගහනවා, මෙඩිසින් සබ්ජෙක්ට්ස් කොප්පෙ ගහලා ඕකා පාස් උනේ.

  7. ජෝසප් ස්ටාලින්ගේ පෙලපාලි ප්‍රතිපල

  8. සමනා says:

    බටහිර වෛද්‍ය ආධිපත්‍ය මේ කියන ව්‍යසනයට හේතුවයි. කොරෝනාවෙන් අසාධ්‍ය ලෙඩෙක් ඉන්නවානම් වහරක උණ පැණිය දෙන්න. ප්‍රත්‍යෂයි

Main News