මිනිස් අැටකටු හමුවෙයි..

May 29, 2018 at 5:30 pm | lanka C news
මිනිස් අැටකටු හමුවෙයි..

මන්නාරම, පොදු සුසාන භූමියේ පිලිසකර කිරීමකට ගෙනා වැලි ගොඩවල් තුළ මිනිස් අස්ථි කොටස් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සොයා  මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නිරීක්ෂණය යටතේ  පරීක්ෂණ ආරම්භ කළ  බව මන්නාරම පොලීසිය පැවසීය.

මන්නාරම ලක්සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් පසුව රැස් වූ පස් හා වැලි ගොඩවල් වලින් මෙම වැලි රැගෙනවිත් ඇති අතර එම වැලි ගොඩවල්හි මිනිස් අස්ථි කිහිපයක් හමුවීමෙන් පසුව ඒ පිළිබඳව මන්නාරම් පොලීසිය දැනුව්ත කිරීමෙන් පසුව එම ස්ථානයට ඊයේ (28) පැමිණි මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝගයෙන් එම වැලි ගොඩවල්ද පරික්ෂා කිරීමට මන්නාරම් පොලීසිය විසින් පියවර ගෙන ඇත.

මන්නාරම පොලීසිය පැවසූවේ මුලින්ම මෙම අස්ථි කොටස් හමුවූවේ පසුගිය මාර්තු මස 26 වනදා මන්නාරම, එමිල්නගර් ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීමේ අවශ්‍යතාවයක් වෙනුවෙන් මන්නාරම නගරයේ ලක් සතොස ගොඩනැගිල්ලක් කඩා දැමීමෙන් පසුව ඉතිරිව පැවති පස් තොගයකින් රැගෙන ගිය පස් ගොඩක තිබි අස්ථි කොටස් හමුවු බවයි.

එම පස් ගොඩවල් තුළ කුඩා කොටස් වශයෙන් තිබි අස්ථි කොටස් කැබලි කිහිපයක් මේ වන විට හමුවී ඇති අතර පසුව සුසාන භූමිය අසල තිබූ වැලි ගොඩවල් පරික්ෂා කිරීමේදීද මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවු බවද පොලීසිය සඳහන් ක‍ළේය.

සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ  නියෝග යටතේ පරීක්ෂා කිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.

මීට පෙර එමිල්නගර් ප්‍රදේශයෙන් සොයාගත් අස්ථි කොටස් වසර ගණනාවක් පැරණි මිනිස් අස්ථි කොටස් වන බවට පොලීසිය සැක පළ කරන අතර, සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානය සමූහ මිණීවලක්ද යන්න සැකක සහිත අතරම හමු වූ අස්ථි කොටස් විද්‍යාත්මක පරීක්ෂණ වෙනුවෙන් යොමු කොට ඇති බවද පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම කඩා දැමු සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ පස් මන්නාරම ප්‍රදේශයේ ස්ථාන හයක් වෙත රැගෙන ගොස් ඇති අතර, අදාළ පස් රැගෙන ගිය ස්ථාන හය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ ඉදිරියේදී පරීක්ෂා කිරීම සිදුකරන  බවයි.

පරීක්ෂණ කටයුතු වෙනුවෙන් මන්නාරම රෝහල්අධිකරණ වෛද්‍ය නිළධාරී,පුරාවිද්‍යා නිළධාරීන්, අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිළධාරීන් ඇතුළු පිරිසකගේ සහයෝගයෙන් පරීක්ෂා කිරීම් සිදුකරන බවද පොලිසිය සඳහන් කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

60 views

2 Comments to “මිනිස් අැටකටු හමුවෙයි..”

  1. Amda says:

    දැන් ඉතින් මුන් පරන සොහොන් බිමක් හාරලා හරි ඒකට හමුදාව අල්ලලා ඊට පස්සෙ ඒකට ගෝඨාව ඈඳාගන්න විදියක් බලයි

  2. Tikka says:

    Sure ekata 88_89 university kollanage kellange ews thama. (Wadakagarawala marunu ahinsaka ammala ge lamai)

Main News