මිනිසුන් එල්ලා මරා ජනාධිපති වෙන්න බෑ..- මරණ දඬුවමට මහින්දගේ දැඩි විරෝධය..[Video]

June 28, 2019 at 10:31 pm | lanka C news
මිනිසුන් එල්ලා මරා ජනාධිපති වෙන්න බෑ..- මරණ දඬුවමට මහින්දගේ දැඩි විරෝධය..[Video]

තමන් මරණ දඬුවමට පුද්ගලිකව විරුද්ධ බව හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අලුගෝසුවෙකුට රස්සාවක් දීමට ජනාධිපතිවරයෙකු උවමනා නැති බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මෙය වේලාව නොවන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

තමන්ද ජනාධිපති ධුරය දරද්දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පැමිණියත් තමන් ඒ කිසිවකට අත්සන් නොකළ බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

මිනිසුන් එල්ලුම් ගස් යවා කිසිවකුට ජනාධිපති විය නොහැකි බවත් වර්තමාන ජනාධිපතිවරයාටද එවන් අදහසක් ඇතැයි තමන් නොසිතන බවත් ඒ මහතා සඳහන් කළේය.

මාතර කඹුරුපිටියේ පැවති උත්සව සභාවක් අවසානයේ දී මාධ්‍ය වෙත මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

18 views

23 Comments to “මිනිසුන් එල්ලා මරා ජනාධිපති වෙන්න බෑ..- මරණ දඬුවමට මහින්දගේ දැඩි විරෝධය..[Video]”

  1. තමුන්නැහෙත් කිචවෙන්න එපා අපරාදකාරයන් රැකලා විෂේෂයෙන්ම අපරාදකාරයන්ට නිසි දඬුවම දියයුතුය​????

  2. asela says:

    People thought you are a man for the country and the nation. But now we understand you are no more. Do not waste your time for drug dealers and make use of that time to fight for the innocent people who were killed on Good Friday attach, the SOFA agreement, the corruption etc. You maintained the same theory when Bond scam took place and you are still doing it.

Main News