මිනීමරුවෙක් ජනාධිපති අපේක්‍ෂකත්වයට එපා.. එහෙම දැම්මොත් මං විරුද්දව වැඩ කරනවා..- වෙල්ගම දැඩි අනතුරු අගවයි..

March 28, 2019 at 12:02 am | lanka C news
මිනීමරුවෙක් ජනාධිපති අපේක්‍ෂකත්වයට එපා.. එහෙම දැම්මොත් මං විරුද්දව වැඩ කරනවා..- වෙල්ගම දැඩි අනතුරු අගවයි..

මීළඟ ජනාධිපතිවරණයට තම පාර්ශවයෙන් ඉදිරිපත් වන්නේ රෙද්ද බැනියම අඳින නායකයෙක් පමණක් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන, මිනීමරණ පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස දැමීමට තමන් තරයේම විරුද්ධ බවද ඔහු සඳහන් කරයි.

යම් හෙයකින් එවැනි පුද්ගලයකු ඉදිරිපත් කළහොත් තමන් ඊට විරුද්ධව පැහැදිලිම වැඩ කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාම පමණක් බවත් ඔහුට ඒ සඳහා නීතියෙන් බාධාවක් නැති බව වෙල්ගම මහතා තවදුරටත් කියා සිටියේය.

මීලග ජනාධිපතිවරණය සදහා ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන්නේ යයි පලවන් වාර්තා සම්බන්දයෙන් කල විමසීමකදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මිනීමරුවෙක් රටේ නායකත්වයට පත් විය යුතු නෑ.ගෝඨා ආවොත් පැරදවීමට හැකි සෑම දේම කරනවා.කුමාර වෙල්ගම ගෝඨාගේ රෙද්ද නැවතත් ගලවයි.

Gepostet von රුසිරු නවෝද් ජයරත්න am Mittwoch, 27. März 2019

149 views
Main News