සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා..- විජේදාස සාප කරයි..

April 19, 2021 at 9:20 am | lanka C news
සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා..- විජේදාස සාප කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට සෙත් පිරිත් සජ්ඣායනයක් කර ආශිර්වාද කිරීමට මහා සංඝරත්නය ඊයේ දිනයේ නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියහ.

ඉන් අනතුරුව ද මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත ඔහු අදහස් පළ කළේය.

යෝජනා වී ඇති වරාය නගර පනතින් පසු බදු දීමක් අවශ්‍ය නොවන බවත් කෙලින්ම විකුණා දැමිය හැකි බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

පසුගිය අප්‍රේල් 12 වනදා නිවාඩුවක් ලබා දුන්නේ මෙම පනත අධිකරණය හමුවට නොයා නඩු නැතුව සම්මත කරගැනීමට බවද ඔහු පැවසීය.

‘මේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට අත්කර දෙන්න එපා.. අද විතරක් නෙවෙයි අනාගතයේ ඉපදෙන හැම දරුවෙක්ම මිනී වළටත් හෙණ ගහන්න කියා සාප කරාවි. ඒ සාපය ඔබට වැදුනෙ නැත්නම් ඔබේ හත්මුතු පරම්පරාවේ දූ දරුවන්ට හරි වදිනවා’ යයිද පැවසූ ඔහු හැට නම ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් තමන් තනිවම හෝ සටන් වදින බවත් තමන්ට ඒ සඳහා ශක්තිය ඇති බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

152,560 views

54 Comments to “සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා..- විජේදාස සාප කරයි..”

  1. Duminda says:

    වරාය නගරය කඩාකප්පල් කරන්න මූට ඉන්දියාවෙන් කෝටි ගණන් මුදල් දෙනවා

  2. SAM WAIDYA says:

    wijedasa is a crook and a traitor, when he was cabinet minister for yahapalanaya he signed off several acts one them is to prosecute our Ranaviru Heros, He’s getting back hander from indian government to speak against port city and the monks supporting him are NGO fund receivers, soon all the telephone conversations will come out, wait and see, the egg on Wijedasa’s face. He only speaks when he get dollars.

    • Spirit says:

      මේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට අත්කර දෙන්න එපා.. අද විතරක් නෙවෙයි අනාගතයේ ඉපදෙන හැම දරුවෙක්ම මිනී වළටත් හෙණ ගහන්න කියා සාප කරාවි. ඒ සාපය ඔබට වැදුනෙ නැත්නම් ඔබේ හත්මුතු පරම්පරාවේ දූ දරුවන්ට හරි වදිනවා..පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ
      එතුමාගේ ප්‍රකාශය අපිද අනුමත කරමු ..බලයට පත්වූ .කිසිම පාලකයකුට අපේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට අත්කර දෙන්න අයිතියක් නැහැ ..මේ රටේ උරුමය ජනතාව ඔවුන්ට ලබා දී නැහැ ..වසර 5 පැමිණ අපේ මව් බිම විකිණීමට කිසිවකුට ඉඩ නොදිය යුතුයි.. …වසර 5 බලයට පැමිණ වසර 99 project හැදීමෙන් ඔවුන් බලා පොරොත්තු වන්නේ කුමක්ද ? වසර 99 තුලදී ඔවුන් ජිවතුන් අතරත් නැහැ ..දේශපාලකයෝ තමන්ගේ වාසියට රටේ ඉඩම් විදේශිකයින් සතු කිරීමට විරුද්ධව ජනතාව සමගි වී එක්වී එය නතර කිරීමට පාරට බැසිය යුතුයි …බලා සිටිය සිටීමෙන් සිදුවන්නේ අපේ රට චීන කොළණියක් වීම පමණි
      පොහොට්ටුව බලයට පැමිණීමට පෙර පැවසුවේ හම්බන්තොට වරාය සහ port city චීනයෙන් නැවත ලබා ගන්නා බවයි ..කෝ ඔවුන්ගේ පොරොන්දු ?මේ සියල්ලට වගකිවයුත්තේ පසුගිය කාල වල රට පාලනය කල ආණ්ඩු …රනිල්, සිරිසේන ,මහින්ද මේවාට වගකිවයුතුයි ..රටක් දියුණු කරන්නේ රටේ ජාතික සම්පත් විදේශිකයින් සතු කිරීමෙන්ද ?

      • බයියා says:

        මරු මොළ තමයි මේ වගේ කොමෙන්ට් දාන උන්. අවුරුදු 5 ට එන වුන් අවුරුදු 5 කට හරියන ව්‍යාපෘති විතරද කරන්න ඕනෙ ? 70 වසරක සංවර්ධනයෙන් අවුරුදු 10 -20 ඉස්සරහට හිතල ව්‍යාපෘති කරපු ආණ්ඩු 2යි තිබුනේ – ජේආර් ගෙ ආණ්ඩුව හා මහින්දගෙ ආණ්ඩුව. ඒ ආණ්ඩු දෙක නිසා තමයි අපේ රට අද පාකිස්තානයක් සුඩානයක් නොවී තියෙන්නෙ.
        මේ වගේ කොමෙන්ට් දාන උන්ගෙන් සර්වජන චන්ද බලය අයින් කරන්න ඕනෙ

        • yakaa. says:

          මේකට තව එකතු වෙන්න ඕන මැතිනිගේ “සමගි පෙරමුණු ආණ්ඩුව”. 1977, 5/6 ක විරුද්ධ බලයකින් ගෙදර යැව්වේ නැතිනම් රට මෙලහට දියුණුයි. with a certain level of closed economy. I am not sure the fully- open economy did any benefit to the country in longer terms..I agree to the rest of your ideas…

        • Spirit says:

          බයියා—ජේආර් ගෙ ආණ්ඩුව කාලේ ඉන්දියාවෙන් ලැබුණු පරිප්පු ගැනද ඔබ මේ කියවන්නේ ? මහින්ද ගේ ආණ්ඩුව නිසා LTTE ත්‍රස්තවාදය පරාජය කළා ..ඒගැන අපි එතුමාට සාදා ස්තුති කරනවා ගරු කරනවා ..එත් අපේ මව් බිමේ ඉඩම් කිසිම විදේශීය රටකට බදුදීම /සින්නක්කර විකිනීමට ,පැවරීම , සදහා එතුමා හදන කිසිම පනතක් අපි අනුමත නොකරමු ….නොපෙනෙන, නොදකින අනාගතයක් දෙස බලා මව් බිම උගස් නොකළ යුතුයි

        • Spirit says:

          @බයියා–අවුරුදු 10 -20 ඉස්සරහට හිතල ව්‍යාපෘති කරපු ආණ්ඩු 2යි තිබුනේ …මේ කතාකරන්නේ වසර 99ක් ගැන …වසර 99 යනවිට මේ ඉස්සරහට හිතල ව්‍යාපෘති කරපු ආණ්ඩු වල දරු මුණුපුරන් වත් ජිවතුන් අතර සිටීද ? ඒවායින් හොදක් සිදුවේද ,නරකක් සිදුවේද කියා 100% ( garantie )
          ඇප කල හැකිද ?
          රට ජාතිය ආරක්ෂා වෙනුවෙන් කථාකිරීමේ වරදක් නැත නමුත් අපේ මව් බිම අන්සතුකිරීමට උදව්කරන උබ වගේ අවස්ථාවාදීන්ගේ සර්වජන චන්ද බලය අයින් කරන්න ඕනෙ..ප්‍රජා අයිතියත් ඉවත්කරන්න ඕනේ

      • sundari says:

        වසර 200ක් පමන මේ රට අල්ලගෙන පාලනය කරපු සුද්දා වත් 48 යනකොට මෙ රටේ බිම් එක පොජ්ජක් වත් ගෙනිච්ච නැති එකේ චිනා ගෙනියයිද, මෙ රට දියුනුවෙන්න දිපල්ලා, බොරුකරන් නැතිව,

        • Spirit says:

          වසර 200ක් පමන මේ රට අල්ලගෙන පාලනය කරපු සුද්දා වත් 48 යනකොට මෙ රටේ බිම් එක පොජ්ජක් වත් ගෙනිච්ච ….කොහොමද මෝඩයෝ අපේ රටේ බිම් අපේ උරුමය උන් අරන් යන්නේ …හැබැයි ඉන්දියාවෙන් තේවතුවලට වහල්ලු ගෙනාවා දැන් ඒ දෙමළ වහල්ලු ලංකාවේ පදිංචි වෙලා ..පෘතුගීසි දුම්කොළ වවන්න ගෙනාපු ඉන්දියන් වහල්ලු උතුරේ දැන් පදිංචි වෙලා අපේ රටේ උතුර දෙමළුන් නිජ බිම කියනවා ..ඒවා තමයි සුද්දෝ අපේ රටට කරපු වින්නැහිය ..වසර 30 පුරා යුද්ධ කරමින් LTTE ත්‍රස්තවාදීන් අපේ රටේ ආර්ථිකය විනාශකරමින් දහස් ගණනක් අපේ සිංහලයින්ගේ ජිවිත බිලි ගත්තේ සුද්දන්ගේ පාලනයයේ ප්‍රතිපල ..සුද්දෝ ගියේ රටේ දෙමළ ජාතිවාදය ඇතිකරලා ..ඒගැන හිතපියව් ….මෙය චීනෙට විරුද්ධව කියන දෙයක් නොවේ චීනය අපේ මිතුරෝ ..නමුත් අපේ රට ජාතිය කිසිවකුට පවරා දිය යුතු නැහැ …අපේ රටේ එක බිම් අගලක්වත් විදේශිකයින්ට අයිති නොකළ යුතුයි …වසර 99 පසු සිදුවන දේ ගැන සිහින මවන්නේ නැතුව අපේ මව් බිම ආරක්ෂා කරන්න සිතව් ….රට දියුණු කරන්න වසර 99 PROJECT හදන්න ගිහින් අපේ මව් බිමේ උරුමය අන්සතු කිරීමෙන් ඇති වන සෙත කුමක්ද ? මෝඩයෝ නොවී රට ජාතිය ආරක්ෂා කරව් ..දේශපාලකයෝ කියන හැම දේටම YES කියන්න ගියොත් සිදුවන්නේ අනාගතේ සිංහලයින්ට මාතෘ භූමියක් නැති වීමයි

    • Amda says:

      මේකට අනික් අය පුලුවන් තරම් කකුලෙන් අදී…මොකද මේක සාර්ථක වෙලා ආර්ථිකය හෝ මොකක් හරි යහපතක් ලන්කාවට උනොත් මේ ආන්ඩුව හොල්ලන්න බැරිවෙයි,…ඉතින් මේ කාලකන්නි දේශපාලකයන් පුලුවන් තරම් උත්සාහ කරන්නේ මේ වැඩය බකල් කිරීමටයි

  3. Love nature says:

    ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑනෙ නේ.

  4. Buddhia says:

    මෙමෙ ගිවිසුම අනුව චීනයට වරාය නගරය තුල නියෂ්ටික බලාගාරයක් පිහිටුවීමට හෝ නියෂ්ටික අපද්‍රව්‍ය ගබඩාකිරීමට හෝ වෙනයම් ඉතා විස සහිත අපද්‍රව්‍ය ගබඩා කිරීමට හැකියාවක් නැද්ද ? එවැන්නක් සිදුවන විටදී ශ්‍රී ලංකා (Chi Lanka ) රජයට එය නැවත්වීමට හැකිද ? නොහැකිද ? තවද ඉතා පරීසර දුෂිත කර්මාන්ත මෙමෙ භුමියේ පවත්වාගෙන යාමට වෙනත් රටකට හැකියාවක් නැද්ද ?????? අප චි ලංකා ……..කරන්නද හදන්නේ ????

    • Nish says:

      මේක නිකන් කටුනායක වෙලද කලාපය කියලා හිතන්න. කටුනායක වෙලද කලාපය තුල ඇමරිකාවට පුලුවන් නියශ්ටික බලාගාර හදන්න අපේ අනුමැති නැතුව? ඒ වගේ තමා ව්යාපෘති අනුමත කරන්නේ පෝට් සිටි කොමිශන් එක. ඒක පත් කරන්නේ ජනාධිපති. ජනාධිපති පත් කරන්නේ අපි.

      • Saradiel says:

        මේ වරාය ගිවිසුම් පනතේ භයන්කාරම , නොසිතු අනතුරු,බලපෑම් සිදුවීම් සිදු වන්නේ අනාගතේදී ඒ ගැන පාලකයින්ට සහතික කල හැකිද ?…ඒවාට උත්තර දෙන්න ගිවිසුම් අත්සන් කල දේශපාලකයෝ ඒ කාලේදී ජිවතුන් අතරත් නැහැ ….කිසිම රටක් විශ්වාස කල නොහැක …අපේ රට ජාතිය ආගම ආරක්ෂා කිරීම අපේ වගකීමයි යුතුකමයි බලය ලබාගත් පසු චීනයේ අදහස් කුමක් වේද? කාට කිව හැකිද ?අපේ රටේ දේශපාලකයෝ බලය ලබා ගත් පසු වරාය පනත අනුව එය ඔවුන්ට අත්පත් වූ පසු හැසිරෙන අන්දම ගැන සිතා බලන්න …දැනටමත් දකුණේ චීන්නු පිරිලා ..විසා නැතුව පලතුරු විකුනනවාලු

  5. රටවැසි says:

    කවුරුම හරි මෙව්වායෙ ඇත්ත ඇත්තතටම කියනවානං පිං ! මේ රට ඇති වෙන්නෙත් නැති වෙන්නෙත් හුදී ජනයා වෙන අපිට මයි . අපි පව් කියල හිතෙන්නෙ වත් නැද්ද .

  6. Manel says:

    Aho Devadath noditi mok pura !!

  7. 69 ලකෂය නොසැලී ඔබ සමග සටන්කිරිමට සුදානමින්..! says:

    ”හොරකමට නිවටකමට විරැද්ධව” සහ ”කියවිමකින් හෝ හැදෑරිමකින් තොරව මෝඩයන් සේ කොලකැලි වලට අත්සන්තබන” කුඨ වංචාකාරී නිලධාරින් දේශපඵවන් මිත්‍යාධුශ්ඨිකයන් ත්‍රස්ථවාදින් සහ උන්ව රකින්නන් පාවාදෙන්නන් සහ නිවටයන් සහ දේශපාළණ කවටයන්ට මින් මතුවට මත්‍රෘභමිය කෙළසන්නට විකුනාකන්නට හෝ නිවටයන්සේ ඇද්වතේ මලපහකරගනිමින් ඡාතික සම්පත් අහේතුකව ඉන්දියාවට පවරාදෙමින් සිදුකරන මහා විනාශයට තිත තබා 69 ලකෂයේ ඡනවරමට සැබැම අරැතක්වීමට…!
    විඡයදාස රාඡපකෂ නිර්භයව පාලකයන්ගේ විසින් ඵලඹීමට නියමිත ගිවිසුම්වල අඩුලුහුඩුතා පෙන්වාදිය යුතුයි..!
    නිවැරදි කිරිමට කටයුතු නොකරන්නේනම් ඉදිරියේදි දැඩි තින්දු තිරණ සදහා සුදානම් විය යුතුයි…!
    69 ලකෂය නොසැලී ඔබ සමග සටන්කිරිමට සුදානමින්..!

    • Anil says:

      කැබිනට් ඇමතිකම ලැබුනේ නැහැ. ඩිල් දදා හිටියා මිසක් රටට වැඩ කලේ නැහැ. තියෙන්නේ හීනමානය. දන්නා ඉටිගෙඩියක් නැහැ. ආර්ථිකය ගැන මල පොතේ අකුරක් දන්නේ නැහැ. port city ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ගැන ඉරිසියාවක් තියෙන්නේ. හැබැයි එකක් කියන්නම්. වලිගෙ විකාගෙන කොච්චර මඩ නාගත්තත් ලංකා දේශපාලනයේ පොරක් නම් වෙන්න බෑ සම්මා ජාතියට. ලියල තියාගන්න විජේදාස මහත්තයා.

      • John the baptice says:

        විඡයදාස රාඡපකෂ නිර්භයව පාලකයන්ගේ විසින් ඵලඹීමට නියමිත ගිවිසුම්වල අඩුලුහුඩුතා පෙන්වාදිය යුතුයි..!විජයදාස රාජපක්ෂ මහතාට අපේ ප්‍රණාමය

  8. david milibanda says:

    damn it…. handover the Port City to Chinese to run and bring the money. It is they have the expertise to run such a mega project successively.
    Not Port City, the Chinese own more land in other countries and run successful businesses.

    Wijedasa’s curse must come back to his and this bunch of Sangayas.

  9. මෝලංගිරියා says:

    ඇමති කමක් දුන්නෙ නැති තරහට හෝ ඉදිරියේදී ජනාධිපති පොදු අපේක්ෂක කමක් වෙනුවෙන් මූ අඳින චීත්ත..!

  10. Amda says:

    දරුවන්ට සාප කරන මූට සෙත් පිරිත් වල පල නැත

    ආන්ඩුව මේ වැරදි ආකල්ප ප්‍රශ්නය ගැන ඉක්මනට ජනතාවට තේරුම් ගැනීමට සත්‍ය කරුනු පැහැදිලි කරොත් හොඳයි

    • Joy says:

      අනාගතේදි හෙළ දරුවෝ තමයි මේ කාලේ රට පාවාදුන් දේශපාලකයින්ට සාප කරන්නේ ..ඔවුන්ගේ එකම සිංහල මාතෘභූමිය විදේශිකයින් ට පනත් ,ගිවිසුම් මගින් අත්පත් කරදීමට කටයුතු කිරීම ගැන ….ගිවිසුම් වෙනස්කල හැකියි නමුත් පාර්ලිමේන්තු පනත් මගින් සම්මත කරපු ගිවිසුම් වෙනස් කල නොහැකියි
      වරාය නගර එවිට සදහටම චීනය සතුයි …සිංහලයෙනි ,ඇස් ඇරපල්ලා ..මේ සිංහල අපි සතු ලෝකයේ එකම මාතෘ භූමියයි ..දේශපාලන පක්ෂ පාට වලට කඩේ නොයා අපේ රට ජාතිය ආරක්ෂා කිරීමට සිතව් ..සුරංගනා ලෝක මවා පෙන්වීමට දේශපාලුවෝ කවුරුත් ඉතා දක්ෂයි

Main News