වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි..

December 5, 2020 at 1:20 pm | lanka C news
වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි..

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ සිට වසා දැමීමට කටයුතු කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ එම ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් හා සෙසු සේවකයන්ටත් කොරෝනා පරීක්ෂණ අද දිනයේ සිදු කරමින් පවතී.

නැවත එම මධ්‍යස්ථානය විවෘත කිරීම ගැන තීන්දුව ගනු ලබන්නේ මෙම කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල ලැබුණු පසු සෞඛ්‍ය උපදෙස් මත බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ය.

15,500 views

3 Comments to “වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි..”

  1. අජානීය ඉස්කූටර් says:

    ආර්ථිකේ වැඩ කරන අය තේ බොන්න කන්න යන්නෙ එකම කඩවල් ටිකකට. ඒවට බඩු ගන්න ආව අයත් . පිටින් එළවලු ගෙනාව ලොරිවල අයත් යනවා එනවා. කැමරා මඟින් කඩවලට ආවගිය අය සොයා බලන්න. ගම්පහ දිස්ත්‍රික්කයේම ලොකු පොඩි එළවළු ව්‍යාපාරිකයන් මෙහෙට එනවා එළවළු ගෙනියන්න

  2. ක්‍රිමිනල් says:

    ආර්ථිකේ වහන්නේ නැතුව ඇතුළු වෙන තැනදීම පකනිල් පෙති ටිකක් බෙදුව නම් ඉවරයිනේ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  3. Saradiel says:

    මේ සියලුදෙනාට ඉතා ඉක්මනින් හෙළ ඔසුව ලබා දෙන්න. අපේ රටට ජය සිකුරුයි

Main News