මිනුවන්ගොඩ නගර සභාවත් පොහොට්ටු බලයට..

March 23, 2018 at 5:30 pm | lanka C news
මිනුවන්ගොඩ නගර සභාවත් පොහොට්ටු බලයට..

මිනුවන්ගොඩ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නීල් ජයසේකර මහතා අද පැවති රහස් ඡන්දයෙන් තේරී පත්විය. උප නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අතුල කුමාර සේනානායක මහතා ද මෙහිදී ඡුන්දයෙන් පත් කර ගැනින.

මිනුවන්ගොඩ නගර සභාව මෙවර ජයග‍්‍රහණය කලේ පොහොට්ටුවයි. එහෙත් කිසිදු පාර්ශවයක් 50% ඉක්මවා නොතිබීම නිසා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප‍්‍රධානත්වයෙන් අද ඡුන්ද විමසීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමණෙන් නගරාධිපති අපේක්‍ෂකයා ලෙස නීල් ජයසේකර මහතාගේ නම යෝජනා වූ අතර එක්සත් ජාතික පක්‍ෂයෙන් ශ‍්‍රීමාල් මාරසිංහ මහතාගේ නම යෝජනා විය. ඡුන්ද විමසීම සිදු විය යුත්තේ විවෘත ඡුන්දයක් ලෙසද රහස් ඡන්දයක් ලෙසද යන්න විමසූ අතර ඒ සඳහා ජන්ද විමසීමක් සිදු කෙරිණි. එම ඡන්දය සම වූයෙන් ඒ සඳහා කුසපත් ඇදීමක් සිදු වූ අතර ඒ අනුව රහස් ඡන්දයකින් නගරාධිපතිවරයා තෝරා ගැනීමට තීරණය විය. ඒ අනුව පැවති ඡුන්දයෙන් නීල් ජයසේකර මහතා ඡන්ද 8 ක් ලබා ගත් අතර ශ‍්‍රීමාල් මාරසිංහ මහතාට හිමිවූයේ ඡුන්ද 5 ක් පමණි.

උප නගරාධිපතිධූරය සඳහා පොදු ජන පෙරමුණෙන් අතුල කුමාර සේනානායක මහතාගේ නමත් එක්සත් ජාතික පක්‍ෂයේ ශ‍්‍රීමාල් ජයසේකර මහතාගේ නමත් යෝජනා වූ අතර ඡුන්ද විමසීම සිදුවිය යුතු ආකාරය (රහස්ද/විවෘතද යන්න) විමසීමට ඡන්ද විමසීමක් සිදු කෙරිණ. ඒ සඳහා විවෘත ඡුන්දයක් පැවැත්වීමට තීරණය වූ අතර විවෘත ඡුන්දයේදී එය සම විය. ඒ අනුව නැවත තීරක ඡුන්දය කුසපත් ඇදීමකින් විමසූ අතර එහිදී අතුල කුමාර සේනානායක මහතාට එය හිමි වීම නිසා උප නගරාධිපතිවරයා ලෙස අතුල කුමාර සේනානායක මහතා තේරී පත්විය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මිනුවන්ගොඩ නගර සභාව වැඩි ඡන්ද 503 කින් ජය ගත්තේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහිදී ආසන 7ක් හිමිවූ අතර එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පිළිවෙලින් මන්ත‍්‍රීධූර 05,02 හා 1 වශයෙන් හිමි කර ගත්හ.

– ප‍්‍රදීප් අනුර කුමාර

95 views

3 Comments to “මිනුවන්ගොඩ නගර සභාවත් පොහොට්ටු බලයට..”

  1. kadiya says:

    UNP යට කිසිම අවස්ථාවක් නොදිය යුතුයි. UNP මෝඩයෝ දිගටම හිටියොත් සියලුම නගර නුවර හා කොළඹ වගේම අපායක් වෙනවා. ඒනිසා UPFA සමඟ එක්වී නගර සහ ප්‍රදේශීය සභා බලයන් පිහිටුවිය යුතුය. භේද මඟහරවාගෙන අනාගත පාර්ලිමේන්තු සහ ජනාධිපති චන්ද සඳහා බලය තරකරගතයුතුය. පොහොට්ටුවට SLFP හෝ UPFA එකතුකර ගත්තොත් ඔන්න අපි නෑ කියා තර්ජනය කරන UNP සහ බෙදුම්වාදී සහායකයන් ගණන් ගත යුතු නැත. නමුත් වැදගත් වන්නේ ආපසු SLFP හෝ UPFA පක්ෂ වලින් නොව පොහොට්ටුවෙන් පමණක් මහින්ද මැතිතුමාගේ කණ්ඩායම චන්දෙ ඉල්ලීමයි.

  2. David Milli-banda says:

    Mokada appa ?? why ?
    Monawada may wenne????????

    kauda pol gahawwe??? Mokatada pol gahawwe?

  3. සකුරා says:

    නියමයි!

Main News