මිනුවන්ගොඩ බරපතලයි.. පාසැල් 15කින් කොරෝනා ආසාදිතයන්…

April 25, 2021 at 10:40 am | lanka C news
මිනුවන්ගොඩ බරපතලයි.. පාසැල් 15කින් කොරෝනා ආසාදිතයන්…

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 15ක කොරෝනා අවදානමක් මතු වී තිබෙන බව එම කලාප අධ්‍යක්ෂ වජිර රණරාජා මහතා සඳහන් කරයි.

එම කලාපයේ පාසල් කිහිපයක සිසු සිසුවියන් දස දෙනෙකු කොරෝනා ආසාදිතයන් වී ඇතැයි ද මවුපියන් 14 දෙනකු, ගුරුවරුන් කිහිප දෙනෙකුද ආසාදිතයන් වී ඇතැයි ද ඔහු පැවසීය.

දැනට එම කලාපයේ පාසල් සිසු සිසුවියන් 78 දෙනකු නිරෝධායනයට ලක්ව සිටින බවද ඔහු කෙළි කළේය.

30,554 views

9 Comments to “මිනුවන්ගොඩ බරපතලයි.. පාසැල් 15කින් කොරෝනා ආසාදිතයන්…”

  1. upul shantha says:

    අන්තිමේට සර් පේල් කියල වැලලෙනවා, ඉන්දියාවෙ ඔක්සිජන් නැතිව මාරෙනවා.. ලංකාවත් තව සති යකින් විතර හොද පරිප්පුවක් කන්න හදන්නෙ

  2. Sarath says:

    මොන කාලකන්නිද පාසල් විවුර්ත කරන්න තීන්දු ගත්තේ? හරියට 80% ජනගහනයට Vaccines ගහල ඉවර කරලා වගේ. එහෙම කරපු රටවල් වලත් ළමයින්ට පාසැල් එන්න කිව්වේ නැහැ. ජරා නායකයන්. රටේ අනාගතයත් මෙතනින් මරල දානවා.

    • Deelaka Fer says:

      ලෝකයේ 80% එන්නත් කරලා තියෙන්නේ මොන රටේද? 😂😂😂😂😂

  3. මහර ජනතාව says:

    මහර ප්‍රදේශයේ ටයර් ෆැක්ටරියක කොරෝනා ආසාදිතයින් 50 පමණ හමුවී තිබේ. ආයතනය විසින් සියලු සේවකයන්ට PCR හෝ ඇන්ටිජන් test එකක් තමුන්ගේ වියදමින් කරගෙන පැමිණෙන ලෙස දන්වා ඇත. එසේ නොවන අය ආයතනය තුලට ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ආයතනය පසුගිය සමය තුල නිරෝධායන මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකිරීම නිසා මේ තත්ත්වය උදාවී ඇත.

  4. " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

    පහුගිය දිනවල ගම්පහ ටියුෂන් පන්ති පටන්ගෙන තිබ්බා..

  5. Love nature says:

    සිංහල දෙමළ අලුත් වසරට මත් පැන් සාලා ඇරීමේ ප්‍රතිපල දැන්වත් වසා දමන්න. ප්‍රතිසක්තිය විනාසවිමේ එකම හතුරා මත්පැන්.

  6. මරතේනිස් අයියා says:

    දැන්නම් සර් හොඳටෝම ෆේල් ඔක්කොටම කලියෙන් මහපොළොවෙ පයගහල ඉන්න අධ්‍යාපන ඇමතිවරයෙකුයි ලේකම් වරයෙකුයි පත් කරන්න මහාචාරියෝ අවශ්‍ය නැහැ මහ පොලොවෙ ජීවත් වෙන මනුස්සයො දෙන්නෙක් පත්කරන්න අපේ දරැ පරපුර ගැන මීට වඩා සංවේදීව හිතන්න පුලුවන් මිනිහෙක් පත්කරන්න.මේ වෙලාවෙ කැකිල්ලෙ තීන්දු ගන්නා අධ්‍යාපන ඇමති සහ ලේකම් පින් මහාචාර්යවරැ කියලයි අපිට හිතෙන්නෙ.

  7. අමරසිරි says:

    අධ්‍යපන ඇමති සහ ලේකම් වෙතයි කමිටු දමා පාසැල් වල කොරෝනා වැලැක්විය හැකිද?මේ වගේ සන්දර්ශන දමා ගොබ්බ වැඩ කරන්න එපා.අහිංසක දරැවන්ගේ ජීවිත අණතුරේ නොදමා ටික දිනකට පාසැල් වසා දමන්න.

  8. Sunil says:

    Over to you the bastered with a big belly no brain from minuwangoda

Main News