මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් යලි දන්වන තුරු වසා දමයි..

November 4, 2020 at 4:40 pm | lanka C news
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් යලි දන්වන තුරු වසා දමයි..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු යළි විවෘත කරන්නේ නැති බව එහි කළමණාකාරීත්වය සදහන් කරයි.

ඒ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාව යළි විවෘත කළ බවට මාධ්‍ය වාර්තා පළ වූ නමුත්, යළි දැනුම්දෙන තුරු එම කර්මාන්තශාලාව යළි විවෘත නොකරන බවට මෙයින් ප්‍රකාශ කරමු.

2020 ඔක්තෝබර් මස 4 වනදා COVID-19 වෛරසය ආසාදනය වූ සාමාජිකාව පළමු වරට හඳුනා ගැනීමත් සමග සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මේ දක්වා මිනුවන්ගොඩ කර්මාන්තශාලාව වසා දමා ඇත. සෞඛ්‍ය බලධාරීන්ගේ අදාළ අනුමැතිවලට අනුව, ඔක්තෝබර් මස 31 වනදා, දෙවලපොළ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ මිනුවන්ගොඩ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සමස්ත පරිශ්‍රය ම මුළුමනින් ම විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු කෙරිණි.

විෂබීජහරණය කිරීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශවලට අනුව තවත් පැය 48 ක කාලයක් එම පරිශ්‍රය වසා දමා ඇත. ඉදිරියේදී කර්මාන්තශාලාව විවෘත කිරීම සඳහා අවශ්‍ය යම් සීමිත ක්‍රියාමාර්ග පමණක් ඉන් අනතුරුව සිදු කෙරෙන අතර මෙහෙයුම් කටයුතු සඳහා පරිශ්‍රය විවෘත කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ මගපෙන්වීම යටතේ ඉදිරියේදී තීරණය කෙරෙනු ඇත. එතෙක්, මිනුවන්ගොඩ පරිශ්‍රය මෙහෙයුම් කටයුතු සඳහා විවෘත නොකෙරේ.

ඕනෑම නවත ම තොරතුරක් පිළිබඳ ඔබ වෙත දැනුම්දීමට අප අඛණ්ඩව කටයුතු කරන අතර, අප වෙත අඛණ්ඩව ලබාදුන් මගපෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් සියලු ම අදාළ රජයේ නිලධාරීන් හට අපගේ කෘතඥතාව පළකර සිටිමු.

– බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් කළමනාකාරිත්වය

37,730 views

3 Comments to “මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් යලි දන්වන තුරු වසා දමයි..”

  1. ධාතු වන්දනා says:

    පිංවතුනි , ලක්දිව සිව්දිග වැඩ සිටින ධාතූන් වහන්සේලා එක ස්ථානයකට වැඩමවා එම ස්ථානයේ සිට රතන සූත්‍ර දහස් වතාවක් සජ්ජායනය කීරීමත්, එකී පිරිත් හඬ සකල ලක්දිවටම ඇසෙන්නට සැලැස්සවීමත් , පිරිත් පැන් අහස් තලයේ වැසි වලාකුළුවලට ඉසීමෙන් පිරිත්පැන් වර්ෂාවක් නිර්මාණයෙනුත් මේ මහා විපතින් නිදහස් වෙන්නට හැකියි..

  2. Dora says:

    Ensure you keep the safety standard required by health authorities and regulations. Ensure you have hostels/accommodation and tour own factory transport and also ensure that correct addresses and contacts of all your staff are maintained and updated to be able to track them when required.

  3. Sirimal says:

    බටර් තමයි

Main News