මියගිය අය යාපනේදී සමරයි.. දෙමල සන්ධාන මන්ත්‍රීන් එක්වෙති..
January 11, 2019 at 8:02 am | lanka C news
හතරවන ලෝක දෙමළ විද්වතුන්ගේ දිනය යාපනයේදී මීට වසර 45 කට පෙර සමරමින් සිටියදී මිය ගිය විද්වතුන් 11 දෙනෙකුගේ 45 වන ගුණ සැමරුම දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී සමරනු ලැබීය.
යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිටදී මිය ගිය දෙමළ විද්වතුන්ගේ ස්මාර්ක 11 ක් ඉදිකොට ඇති අතර එම ස්මාර්ක ඉදිරිපිටදී මෙම 45 වන ගුණ සැමරුම සමරන ලදි.
1974 ජනවාරී මස 10 වන දින යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිට හතරවන ලෝක දෙමළ විද්වතුන්ගේ දිනය සැමරීම සිදුවී ඇති අතර එහිදී පැවති අයහපත් වාතාවරණ අවස්ථාවේදී වෙඩිතැබීමකින් අදාල සැමරුම පැවති ස්ථානයට උඩින් ඇද තිබූ විදුලි රැහැනක් කඩා වැටී සැමරුම සිදු කරමින් සිටි 11 දෙනෙකුට විදුලි සැර වැදී මිය ගොස් ඇති අතර පසුව එසේ මිය ගිය අය සිහිපත් කරමින් අදාල ස්ථානයේ ස්මාර්ක 11 ක් ඉදිකොට ඇත.
මිය ගිය පිරිස් සැමරීමේ අවස්ථාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේයි සේනාධිරාජා, හිටපු පලාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිධරන්, හහටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මියගිය අය සමරන එක ලෝකෙ කොහෙත් කරනවා. නමුත් අර සිංහල කියමනක් තියනවා ‘ගොනා හැරෙනකොට තේරෙනවා පොල් පැලේ කන්න’ කියල. අන්න එකය් ප්‍රශ්ණය.