මියගිය දුර්ලභ කැස්බෑවුන් වෙලරට ගොඩසයි.. ගිනිගත් නැව නිසා යයි සැක..

June 7, 2021 at 2:02 am | lanka C news
මියගිය දුර්ලභ කැස්බෑවුන් වෙලරට ගොඩසයි.. ගිනිගත් නැව නිසා යයි සැක..

අලුත්ගම ,මොරගල්ල ,රන් සැතපුම වෙරළ තීරයට මියගොස් තිබූ දුර්ලභ වර්ගයේ කැස්බෑවුන් දෙදෙනකු පාවී තිබියදී හමුවූ බව මොරගල්ල සංචාරක පොලිසිය පැවසීය .

මෙලෙස මියගොස් සිට හමුවූ කැස්බෑවුන් දෙදෙනාටත් මේ වන විට මුහුදුබත් වී තිබෙන එක්ප්‍රස් පර්ල් නෞකාවේන් මුහුදු ජලයට මුසුවී තිබෙන රසායනික ද්‍රව්‍ය මෙම සත්වයන්ට බලපා ඇතැයි විශ්වාස කරන බව ප්‍රදේශවාසීන් පැවසීය .

අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩ ගසා තිබූ මෙම කැස්බෑවුන් දෙදෙනා දැඩි දුර්ගන්ධයක් හමුවෙ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වල දැමීමට කටයුතු කළ බව පොලිසිය කියයි .

මෙලෙස මියගොස් සිටි කැස්බෑවුන් දෙදෙනා මුහුදු වෙරළට ගොඩගසා තිබුනේ කොළඹ සිට කිලෝ මීටර් 60කට ආසන්න අළුත්ගම පොලිස් බල ප්‍රදේශයට ය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

26,586 views

5 Comments to “මියගිය දුර්ලභ කැස්බෑවුන් වෙලරට ගොඩසයි.. ගිනිගත් නැව නිසා යයි සැක..”

  1. 3% ට බය බයියා. says:

    ඩොලර් නිසා පොහොට්ටුවත් ලගදීම කුණු වෙලා පාවෙයි.

  2. දිය​සේ says:

    දේශපාළුවෝ හොරා කෑවත් කමක් නෑ, කොමිස් ගැහුවත් කමක් නෑ, මිනිස්සු රැවැට්ටුවත් කමක් නෑ. කරූණාකරලා මේ ගස් කපන එක, සල්ලි තකා පරිසරය දූෂණය කරන්න දෙන එක නවත්වන්න. කොහොමත් ඔක්කොම සැප විදින්​නේ මැරෙන කම් විතරයි. මැරුණට පස්සේ අපායේ. ඒත් ඉස්සරහට මේ රටේ බිහිවෙන ළමයින්ටවත් නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් හදලා යන්න. කරුණාක​ර

  3. sithmala says:

    පාස්කු ප්‍රහාරයට වඩා දරුණු ප්‍රහාරයක්..

  4. Tharindu says:

    මැරුනු හේතුව මොකද්ද බලන්න අඩුම පරීක්ෂණයක්වත් කරලා නැද්ද. ඉන්න හිතෙන රටක් මේකනම්.

  5. Ravi says:

    KO MEY AMAL ???

Leave a Comment

Main News