මියගිය මහවිරුවන් 25,000 කගේ නම් ලැයිස්තුවක් උතුරේ ප‍්‍රදර්ශණයේ…

November 27, 2019 at 5:30 pm | lanka C news
මියගිය මහවිරුවන් 25,000 කගේ නම් ලැයිස්තුවක් උතුරේ ප‍්‍රදර්ශණයේ…

අදට (27) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් යුද සමයේදී මිය ගිය මහවිරුවන් 25,000 කගේ පමණ නම් ලැයිස්තුවක් යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ජනතාවට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කොට ඇත.

නොවැම්බර් 27 වනදාට යෙදෙන මහවිරු දිනය නිමිත්තෙන් ඊයේ (26) රාත්‍රියේ මෙම නම් ලැයිස්තුව නල්ලූර් ප්‍රදේශයේ ප්‍රදර්ශනය කෙරුනු අතර අදාල නම් ලැයිස්තුවේ මිය ගිය දරු මුණුබුරන් ඇත්තේද යන්න දැක ගැනීම සඳහා සාමාන්‍ය වැසියන් ඊයේ රාත්‍රියේ සිට අද දිනය පුරා පැමිණෙමින් සිටින අතර ඇතම් වැසියන් මිය ගොස් සිටි මහවිරුවන් වෙනුවෙන් මල් පහන් දැල්වීය.

අදාල නම් ලැයිස්තුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික පුෂ්පය වශයෙන් සැලකුණු නියගලා මළ පමණක් ප්‍රදර්ශනය කොට තිබූ අතර එම සංවිධානයේ හෝ පුද්ගල ඡායාරූපයක් ප්‍රදර්ශනය කොට නොතිබුණි.

කෙසේ වෙතත් තහනම් ත්‍රස්ත සංවිධානයක් වූ කොටි සංවිධානයේ කිසියම් නීතිවිරෝධී සැමරීමක් සිදු වන්නේද යන්න පිළිබඳව උතුරේ ආරක්ෂක අංශ විසින් සීරුවෙන් සිටින අතර එවැනි සැමරීම් සිදු කරන පුද්ගලියින්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමටද ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

163 views

8 Comments to “මියගිය මහවිරුවන් 25,000 කගේ නම් ලැයිස්තුවක් උතුරේ ප‍්‍රදර්ශණයේ…”

  1. Asantha Rathnayake says:

    Ko ara koti nagitinawoo kiya kiya ke gahana deshapremi gonnu set eka??

    • Ane mage kata says:

      Onama kunu jaraavak kana koti bettek gonek hoyanava kanna. Koti bettata kanna venneth gonekuge jaraava thamai.

  2. Saharan says:

    Asantha

    The set is in hell with me.
    You are also cordially invited to join soon.

  3. Sathya says:

    Ane para jeppo nikan kata piyagena hitu sa

  4. අප්පඩියා? ප්පාවම්තානේ.!!!

  5. නිරීක්ෂකයා says:

    දැන් අර LTTE එකෙන් තර්ජනයක් නෑ කියලා මහාචාර්‍ය රොහාන් ගුණරතනට මූණට බැන්න උස්තාද් ගෙන් අහන්න ඔය උතුරේ වෙන්නේ අහවල් එකද කියලා?

  6. සිල්වා says:

    ගෝඨා ස ජනාධිපති වුනා නම් ඕකුන්ට ඔය සෙල්ලම් දාන්න දෙන්නේ නෑ

  7. samantha says:

    මේකෙ මියගිය අයගෙ නම් තියන නිසා රජයට තහනම් කරන්න බෑ. එහෙම කරන්නත් ඕන නෑ. කොටි ලාංඡනය නැති නිසා ප්‍රශ්නයක් නෑ, ඕකත් ගලවලා අයින් කරන එක හොඳ නෑ. ඔය අතරෙ බහුතරයක් බලෙන් බඳවගෙන මොළ සෝදපු අපේ ම ළමයි. දේශ ප්‍රේමයයි අන්‍ය ජාතින් කෙරෙහි ද්වේශයයි වෙනස්. බහුතර සිංහල ආණ්ඩුවක් තියන නිසාමයි ඒ අයට හොඳට සලකන්න ඕන. සැබෑ වීරයා කියන්නෙ හැකියාව බලය ඕන තරම් තියෙද්දි එය අනිසි අයුරෙන් පාවිච්චි නොකරන කෙනා. හැම තිස්සෙම බලය පෙන්නන්න යන්නෙ පුහු හන්දි චණ්ඩි. එහෙම චණ්ඩියෙක් වූ ජේ ආර් ජයවර්ධන දාස් ගණන් දෙමළ ජනයා මැරෙද්දි පොර වගෙ ඉඳලා ඉන්දියන් පරිප්පු බෑවම කොර වුනා.

Main News